M WorldWide
13/05/2026
සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං
ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!
තුන් හෙළයම එක්සේසත් කල, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කල ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවින් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං
Click here to claim your Sponsored Listing.
Website
Address
3rd Floor Kings Court II Building, 2129 Chino Roces Avenue (formerly Pasong Tamo)
Makati
1211