Janaka Samarasinghe

Janaka Samarasinghe

Share

30/04/2024

The earth has music for those who listen.
—William Shakespeare

Photos from Janaka Samarasinghe's post 25/02/2024

What is happiness? එහෙම නැත්නම් තේරෙන භාශාවෙන් කිව්වොත් මොකක්ද මේ "සතුට" කියන්නේ?

සතුට කියන එකට නිශ්චිත නිර්වචනයක් කියන්න හරි අමාරු දෙයක්. සතුට කියන එක සාපේක්ශයි. කෙනෙක් හිතනවා බැදලා ලමයි හදාගෙන ඉන්න එක තමයි සතුට කියලා. බැදපු ගොඩක් උන්ට පේන්නේ තනිකඩව ඉන්න එක තමයි සතුට කියලා. දුප්පත් එකා ලෝකෙට ණය වෙලා මහා ලොකු ගෙයක් හදාගෙන සතුට හොයන කොට මහ මන්දිර වල ඉන්න උන් වෙලක් මැද්දේ, ගගක් අයිනේ, කැලෑවක් මැද කටුමැටි පැළක් හදාගෙන ජීවත් වුනානම් සතුටින් ඉන්න පුලුවන් කියලා හිතනවා.
සතුට කියන එක සංස්කෘතීන් අනුවත් වෙනස් වෙනවා. සමහර රටවල පවුලේ අය, යාලුවෝ සති අන්තයේ බියර් එකක්, එහෙමත් නැත්නම් මත්පැන් පානය කරමින් සතුටු වෙනකොට අපේ වගේ රටවල මත්පැන් පවුලේ සතුට විනාශ කරන ප්‍රබලම දෙයක් විදියට තමයි දකින්නේ.
සතුට මුදල් වලට ගන්න බැහැ කියලා සමහරු කිව්වත් මුදල් නැතිව සතුටු වෙන්නේ කොහොමද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. සමහරු කායික සතුට හොයන කොට සමහරුන්ට ගොඩක් වටින්නේ මානසික සතුට, සමහරු මේ දෙකම බැලන්ස් කරන් යන අවස්ථාවනුත් තියෙනවා. සමහරු සමාජශීලීව මිතුරු මිතුරියන් විශාල ප්‍රමානයක් ඇසුරු කිරීම තුලින් සතුටු වනවිට, කෙනෙක් තනිකම සතුටක් ලෙස විදින අයත් නැතුවම නොවේ.
බෞද්ධ දර්ශනයේ ප්‍රදානතම ඉගැන්වීම සතුටින් සිටීමේ මාර්ගය පෙන්වා දීමයි. "සංතුශ්ඨි පරමං ධනං" සතුට පරම ධනය යැයි බුදුන් වහන්සේ දේශනා තුලින් සතුටින් සිටීමේ අගය පෙන්වා දී තිබෙනවා. සතුට ඇති කරගැනීමේ ප්‍රධාන මාර්ගය තෘශ්ණාව නැති කිරීම බවයි එම දර්ශනයෙන් කියැවෙන්නේ. යමකට ඇලීම තුලින් දුක හටගන්නා බවත්, සතුටට මාර්ගය සියලු ලෞකික සැප විදින ගමන් ඒවා මනසින් අත් හැරීම බව තවත් දේශනාවක සදහන් වනවා.
කතෝලික ආගමට අනුව දෙවියන් කෙරෙහි භක්තිය සහ දෙවියන්ට සේවය කිරීම සතුට ලෙස හදුන්වනවා. "සතුටු සිතින් දෙවියන් යදින්න, දෙවියන් ඉදිරියට ගී ගයමින් පැමිණ සතුටු වන්න (Psalm 100:2)

කෙසේ නමුත් ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයන් සිටින රටවල් නාමාවලිය ගත් කල සියල්ලම පාහේ නිරාගමික රටවල්‍ ය. ෆෝර්බ්ස් සගරාවට අනුව පිලිවෙලින් ෆින්ලන්තය, ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්තය, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නවසීලන්තය, කැනඩාව, ඕස්ට්‍රියාව යන රටවල් 10 2019 වසරේදි පලමු ස්ථාන 10 තුල රැදී සිටී. මේ අනුව මෙම රටවල් බොහොමයක් (සියල්ලම පාහේ) නිරාගමික වන අතර, යම්කිසි ආගමක් ඇදහීම තුලින් පමණක් සතුට ලගාකර ගත නොහැකි බව පෙනේ. මෙම රටවල් ආර්ථීක සහ සාමාජීය දර්ශක වලින් ඉහල ස්ථාන වල පසුවන අතර, සියල්ලම පාහේ සීත රටවල්වේ. ඒ අනුව සතුට තීරණය වීමට ආර්ථික සාමාජීය දේශපාලණික මෙන්ම දේශගුණ සාධක ද බළපාන බව සිතිය හැක.
ලෝකයේ සතුටින්ම සිටින පුද්ගලයා සෙවීමේ විද්‍යාත්මක පර්‍යේශණයක් විස්කොන්සින් සරසවිය මගින් සිදු කරන ලද අතර 69 වියැති ප්‍රංශ ජාතික Matthieu Ricard ලොව සතුටින්ම සිටින පුද්ගලයා බව සොයාගන්නා ලදී. Molecular Genetics විද්‍යාව පිළිබදව ආචාර්‍ය උපාධිදාරියෙකු වන ඔහු, පොත්පත් රැසක් රචනා කර ඇති අතර, වසර 30ක පමණ කාලයක් හිමාලයේ භාවනා සහ ටිබෙට් බුදු දහම ගැන පර්‍යේශණයන්ගේ නියැලෙන්නෙකි. ලොව පුරා ආර්ථික, දේශපාලන සමුලුවල දේශකයෙකුද වන ඔහු මොලයේ රසායිනික සංයුතිය ගැන කරනා ලද පරීක්ශණයක් තුලින් ලොව සතුටින්ම සිටින පුද්ගලයා ලෙස හදුන්වා ඇත. ඔහුට අනුව "ඔබට බයිසිකලයක් පැදීමට පුහුණු විය හැකිනම්, සතුටින් සිටීමටද පුහුණුව තුලින් ප්‍රගුණ කල හැකි බව කියා සිටී.
කෙසේ නමුත් ජීව විද්‍යාවට අනුව සතුට හෝ දුක මොළයේ ඇතිවන රසායිනිකයන්ගේ වෙනස් වීම් වල ප්‍රථිපලයකි. Dopamine, Seratonin, Cortisol යන හෝර්මෝන වල අඩු වැඩි වීම මත සතුට හෝ දුක තීරණය වන බව බොහෝ විද්‍යාවේදීන්ගේ මතයයි.
සතුට යනු තනිකරම ඔබගේ සිතිවිලි මගින් පාලනය වන්නක් වන අතර, සීමිත අවශ්‍යතා සහ සිතිවිලි ඇති කුඩා දරුවන් සතුටින් සිටිනු බොහෝ විට දක්නට හැකිය. සතුටින් සිටීමට නම් දැනුමින් මුහුකුරා ගොස් මනසින් කුඩා දරුවෙකු වන්න.
සතුට කියන දෙය ඔබට දැනෙන්නේ කොහොමද කමෙන්ට් එකක් දාලා share පාරක් දාමු. එහෙනම් හැමෝම සතුටින් සිටින්න.

Janaka Samarasingha

17/02/2024

වීරත්වය කියන්නේ ෆැන්ටසියක්ද? කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයට තමන් අනුගමනය කරන වීරයෝ අභිප්‍රේරකයක් වෙනවද? තමන් වීරයෙක් යැයි සිතීම ඊගෝ එකක්ද?

ගොඩක් අය කියන දෙයක් තමයි, මගේ ජීවිතේ පලමු වීරයා මගෙ තාත්තා කියලා. එත් වයසත් එක්ක මේ වීරයා කාලෙන් කාලෙට මාරු වෙනවා. පාසැල් කාලේ සමහර ගුරුවරු මාර වීරයෝ වගේ දැනෙන්න ගන්නවා. ලව් කරන කාලෙට ගොඩක් කෙල්ලන්ට තමන්ගේ කොල්ලව මාර වීරයෙක් වගේ පේනවා. එක කාලෙකදි අපිට ඕන වෙනවා මාර්වල් කොමික් බුක්ස් වල ඉන්න වීරයෙක් වෙන්න, සුපර් මෑන් කෙනෙක්, බැට් මෑන් කෙනෙක්, හල්ක් කෙනෙක් වෙන්න අපි හැමෝටම ආසාවක් එනවා. ඊට පස්සේ මගේ ජෙනරේශන් එකේ ගොඩක් අයගේ වීරයා වුනේ රොබින්හුඩ්. ශෙරිෆ්ටයි, ගිස්බන්ටයි ගේම දීලා සල්ලි ටික අරන් ගිහින් ගමේ උන්ට බෙදලා දීලා, උන් එක්ක කාලා බීලා ඉන්න එක මාර ත්‍රිල් එකක් වෙනවා. ඔහොම කාලයක් යනකොට ශාරුක් ඛාන්, සල්මන් ඛාන් වගේ අයත් මාර වීරයෝ වෙනවා. විස්සකට තිහකට ගහලා කෙල්ලව බේරගෙන එනකොට මාර ගැම්මක් එන්නේ. වයස 15 වගේ වෙනකොට නම් මගේ ජිවිතේ වීරයෝ වුනේ සිල්වෙස්ටර් ස්ටැලෝන්, ආර්නෝල්ඩ් ස්වාසෙනගර් වගේ අය. මචං උඹට නිකම් වෑන් ඩෑම් ගේ ලුක් එක ටිකක් තියෙනවා කියලා එකෙක් කියපු දවසේ ඉදලා වෑන්ඩෑමුත් මගේ ජිවිතේ වීරයෙක් වුනා.

මෙහෙම වීරයෝ මාරු වෙවී ඇවිත් කාලෙකදි තමන්ටත් වීරයෙක් වෙන්න ඕන වෙනවා. සමහරු කට්ටියක් ඉස්සරහ අහිංසක කොල්ලෙක්ට අම්බානකට ගහලා තමන් වීරයෙක් කියලා හිතනවා. අමුතු කොණ්ඩ කට් ගහන්න හිතනවා, අමුතු ඇදුම් අදින්න ගන්නවා, සිගරට් එකක්, සූස්තියක් ගහලා ඒකත් වීරකමක් කියලා හිතන අය ඉන්නවා, සමහරු මචං මං අරකට ගහලා තියෙනවා මේකට ගහලා තියෙනවා කියලා බඩු සීන් එකේ වීරයා මමයි කියලා පෙන්නන්න උත්සහ කරනවා, සමහරු ජිම් ගිහින් ඇග හදාගෙන මගුල් ගෙදරට මල ගෙදරට හැම තැනකටම බොඩි ෆිට් එකක් ගහන් ගිහින් පොඩි වීර ගතියක් දානවා. සමහරු වීරප්පන් වගේ රැවුල වවලා කරකවලා පොඩි වීරත්වයක් ආරෝපණය කර ගන්නවා, මේ වගේ ගොඩක් දේවල් ටෙම්පරි වීරත්වයක් ආරෝපනය කර ගන්න කරන දේවල්
සැබෑ වීරයෙක් වෙන්නනම් ජිවිතේ නොසෑහෙන කැප කිරීම් කරන්න වෙනවා, විශිශ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නලුනිලියන්, ගායක ගායිකාවන් ඇතුලු අපි වීරවරයන් ලෙස සලකන බොහෝ අය ඒ වෙනුවෙන් ඉතා සුවිශේශී කැපකිරීම් කල අය. වීරත්වය යනු තමන් විසින් තමන්ට ආරෝපණය කරගන්නක් නොව, අනුන් විසින් තමන්ට ලබාදිය යුතු සහතිකයක්.
යම් දවසක යමෙක් ඔබ වෙත හැරී "මගේ ජීවිතේ වීරයා ඔබයි, මට ඔබ වගේ කෙනෙක් වෙන්න අවශ්‍යයි" කියා කියන දිනය තෙක් මහන්සි වී වැඩ කරන්න.
කෙනෙකුගේ ජිවිතයක් වෙනස් කරන්න, කෙනෙකුට ජීවිතේ සාර්ථකත්වයට මග පෙන්වන්න වීරයෙක්ට පුලුවන්, හැබැයි ටෙම්පරි වීරයෙක්ට හෝ ආරෝපනය කරගත් වීරත්වයකට වඩා පොලවේ පයගහලා ඉන්න සැබෑ දක්ශයෙක්ට තමයි ඒක හොදට කරන්න පුලුවන්. තමන් වීරයෙක් නම් තරුණ පරපුර වීරත්වයට නැගීමට උදව් කිරීම තමයි අප හැම කෙනාගෙම වගකීම. එහෙනම් තමන් තෝර ගත්ත මාර්ගයේ සැබෑ "වීරයෙක්" වෙන්න හැමෝටම සුබ පැතුම්. වීරයා කියන වචනේ පොශ් මදි වගේ නම් ඒ වෙනුවට "හීරෝ" කියලා දාලා නැවත කියවන්න

Janaka Samarasinghe

22/12/2023

"The moon stays bright when it doesn't avoid night."
- Rumi -

22/12/2023

අද පොතකින් දැනුමට විශේශාංගයෙන් තෝරා ගත්තේ තරබාරුවෙන් නීරෝගී බවට ( Fat to fit) ග්‍රන්ථයේ 32 පිටුවේ සිට තිබෙන ශක්ති ජනක පද්ධතීන් කියන කොටසෙන්,

දශක දෙකකට පමණ කාලයකට පෙර ලෝකයට හඳුන්වා දුන් හයිබ්‍රිඩ් වාහන පැයට කිලෝමීටර 50 අඩුවෙන් ධාවනය වන විට බැටරි බලයෙන්ද, පැයට කිලෝමීටර 50 වැඩියෙන් ධාවනය වන විට ඉන්ධන මඟින්ද ධාවනයවේ.

මානවයන් මෙලොව පහලවූ දින සිට මානව ශරීරය තුල ශක්ති ජනක පද්ධතීන් 3 කින් සෑදී ඇත. අප යෙදෙන ක්‍රියාකාරකමේ වේගය තීව්‍රතාවය, කාලය අනුව ශක්ති ජනක පද්ධතීන් වෙනස් වේ.

වැඩිදුර විස්තර සඳහා කියවන්න තරබාරුවෙන් නීරෝගී බවට ග්‍රන්ථයේ 32 වන පිටුවේ සිට

Want your public figure to be the top-listed Public Figure in Seri Kembangan?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address


Jalan Equine 9D
Seri Kembangan