MINE

MINE

Share

07/05/2022

ලබන සතිය වන විට පැය 15ක් විදුලිය කප්පාදු කරන්න වෙනවා. තෙල් නෑ, මුදල් ඇමති කියයි.

06/05/2022

හදිසි නීතිය යනු ,

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හිමිකර දෙන තත්ත්වයකි. හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.
වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ පවා මහජන ආරක්ෂක පනත පිළිබඳ කරුණු සඳහන් වේ.

මහජන ආරක්ෂක පනතේ පස්වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් තිබේ. ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව, ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී.

මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය. එසේ නොමැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත්තේ පොලීසියට පමණි. එම බලය හමුදා අංශ වෙත ද පැවරීම හදිසි නීති තත්ත්වයක් යටතේ සිදුවේ.

හදිසි නීතිය පැනවීමේ හැකියාව වනාහි ජනාධිපතිවරයා රටේ විධායකය ලෙස භුක්ති විඳින තනි බලයකි. ඕනෑම රටක යම් හදිසි තත්ත්වයක් ඇතිවූ විට, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා මෙවැනි බලයක් විධායකයට පැවරේ. එනිසා ජනාධිපතිවරයා මෙවැනි විධායක බලයක් දැරීමේ කිසිදු වරදක් නැත.

ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි මුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉන් පසුව ලබාගත යුතුය.

තවත් විශේෂ කරුණක් වන්නේ ඕනෑම අයකුට ජනාධිපතිවරයා විසින් සිදුකරන හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් අභියෝගයට ලක් කළ හැක. එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ රිට් ආඥාවක් ඔස්සේය. ඒ සඳහා අදාළ කරගත හැකි නඩු තීන්දු පවා තිබේ. මන්ද, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ ජනාධිපතිවරයෙක් උසාවිය හමුවට කැඳවිය නොහැකි බව මිස ජනාධිපතිවරයකුගේ ක්‍රියාවක් සම්බන්ධයෙන් උසාවියක දී ප්‍රශ්න කළ නොහැක යනුවෙන් නොවේ. එනිසා ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් අභියෝගයට ලක් කිරීමට එදත් අදත් හැකියාව තිබේ.

කෙසේ වෙතත් ප්‍රායෝගිකව ගත් කළ මෙරට මෑතකාලීන දේශපාලන ඉතිහාසය තුළ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වූයේ ඒ ඒ පාලනයන්හිදී හදිසි නීතිය පැනවීම තම දේශපාලන වාසිය උදෙසා භාවිත කිරීමය.

29/04/2022

😂

Photos from MINE's post 27/04/2022

නිවන්සුව ලැබේවා 🙏❤️ චූටි මැනික .

Want your establishment to be the top-listed Arts & Entertainment in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wattala