LUCKY VISION OPTICALS
12/03/2023
🔴 "ලෝක ග්ලූකෝමා දිනය අදයි"🔴
ඇසේ පීඩනය වැඩිවීම නිසා දෘෂ්ඨික ස්නායුවට ස්තිර හානි සිදුවීම හේතුවෙන් අන්ධභාවයට පත්වීම ග්ලූකෝමාව යනුවෙන් හැඳින්වේ. එහි රෝග ලක්ශණ කිසිවක් හානිය 60%ක් පමණ වනතුරුත් රෝගීන්ට නොදැනීම මෙම රෝගයේ ඇති භයානක තත්වයයි. එබැවින් ග්ලූකෝමාව යනු නිහඬ සතුරෙකු ලෙසද හැඳින්විය හැක. ග්ලූකෝමාවෙන් හානිවන්නේ රෝගියාගේ පර්‍යන්ත පෙනීමටයි (field vison). තවත් අවාසනාවන්ත තත්වයක් වන්නේ රෝගය හඳුනාගන්නාවිට සිදුවතිබෙන හානිය නැවත සුවකිරීමට තරම් ක්‍රමවේදයක් මේ වනතුරුත් වෛද්‍ය විද්‍යාව තුලින් සොයාගෙන නොතිබීමයි.
නමුත් රෝගය හොඳින් පාලනය කිරීමට හැකියාව ඇති බැවින් මුල් කාලයේදීම හඳුනාගැනීම තුලින් පෙනීමට වන හානිය වලකාගත හැකිය. ඉතා පහසු සහ සරළ පරීක්ෂණ කිහිපයක් මගින් රෝගයේ මූලික ලක්ශණ පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි බැවින් ඔබත් සුදුසුකම් සහිත දෘෂ්ඨි විශේෂඥයකුලවා අක්ෂි පරීක්ශාවක් සිදුකරගැනීම තුලින් මෙම රෝගයට ගොදුරුවීමේ ඇති ඉඩකඩ මුල් අවස්තාවන් වලදීම හඳුනාගතහැක.
⭕ ග්ලූකෝමාව හඳුනාගන්නේ කෙසේද?
1. දෘෂ්ඨික ස්නායුව පරීක්ෂාව මගින්.
2. ඇසේ පීඩනය මැනීමෙන්.
3. ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම මගින්.
4. ඇසේ ස්නායු සඳහා කරන OCT
පරීක්ශාවෙන්.
⭕ ග්ලූකෝමාව ඕනෑම අයෙකුට වැළඳීමට හැකි නමුත් පහත සඳහන් තත්ව ඇති අය රෝගය වැළඳීමට වැඩි අවදානම් කාණ්ඩ ලෙස හඳුනාගෙන ඇත.
1. ඔබ වයස 40ට වැඩිනම් ග්ලූකෝමා අවදානම වැඩි අතර වයස 60ට වැඩිනම් අවදානම වඩාත් වැඩිවේ.
2. පව්ලේ අයෙකුට ග්ලූකෝමා අවදානම ඇත්නම්.
3. දුර නොපෙනෙන අයෙක් වීම හෝ කුඩා අවදියේ සිට ඒ සඳහා උපැස් යුවලක් භාවිතා කරන්නෙක් වීම.
4. ඇසට යම් අනතුරක් සිදුවූ අයෙක් වීම.
5. දීර්ඝකාලීනව යම් රෝගයක් සඳහා ස්ටෙරොයිඩ ඖෂධ වර්ග භාවිතා කරන්නෙක් වීම.
6. දියවැඩියා රෝගියෙක් වීම
⭕ ග්ලූකෝමාවට ප්‍රතිකාර තිබේද?
ඔබ ග්ලූකෝමා රෝගියෙකු ලෙස හඳුනාගතහොත් මූලිකවම ඇසේ පීඩනය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. ග්ලූකෝමා රෝගය සඳහා වෛද්‍ය උපදෙස් මත බොහෝවිට ජීවිතාන්තය දක්වා ප්‍රතිකාර කලයුතුවෙයි.ඖෂධ මගින් රෝගය පාලනය නොවන අවස්තාවන් වලදී ලේසර් කිරණ ප්‍රතිකාර හෝ ශල්‍යකර්ම සිදුකරන අවස්තාද වේ. එබැවින් ඔබ අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් නිවැරදිවම පිළිපැදිය යුතුය.
මෙම ලිපිය මගින් ග්ලූකෝමා රෝගය පිළිබඳ ඔබ යම් දැනුමක් ලබාගත්තානම් මෙම රෝගයේ ඇති බරපතල බව ඔබට වැටහෙන්නට ඇති. ඉතින් ඔබ කුමනහෝ ඇස් පරීක්ශාවක් සිදුකරනවානම් අනිවාර්යයෙන් එය සුදුසුකම් ඇති දෘෂ්ඨි විශේෂඥයකු ලවාම සිදුකරගැනීමට වගබලාගන්න. හිතුමනාපෙට ඇස් කන්නාඩි විකිනීම, ඒවා මිලදීගැනීම, පැළඳීම, ශ්‍රී ලංකාව තුල බහුලවම දැකියහැකි තත්වයකි. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ එහි ඇති බරපතකම ඔබට වටහාදිමයි.
ඔබත් අපගේ විශේෂඥ අක්ෂි වෛද්‍ය සායනයට පැමිණ නිවැරදි අක්ශි පරීක්ශාවක් කරගන්න.........
♦️ලකී විශන් ඔප්ටිකල් - වලස්මුල්ල♦️
ඔබගේ වේලාව වෙන්කර ගැනීමට පහත අංක අමතන්න.
☎ 071 - 7 2 9 0 0 0 2
☎ 071 - 3 2 3 3 3 3 0
18/10/2020
We are so Happy to celebrate the tenth anniversary of Lucky Vision Optometrists. We would like to give a big Thank you to all our clients, supportes, well wishers and friends who helped us reach here. Thank you all !!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 4, By Pass Road
Walasmulla
82450
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 17:00 |
| Sunday | 08:00 - 17:00 |