Study Tips With Dilshani
20/09/2021
🤩 *Mobile phone & Tablet pc stand* 🤩
💖 price - 450/=
💖 Bank deposit only
07/11/2020
පාඩම් කරාට මතක හිටින්නෙ නැද්ද 🙄🙄
පාඩම් කරන්න කම්මැලිද 😣😑
...ඔන්න එහෙනම් මන් ඔයාලට පාඩම් කරන කරුණු මතක තියෙන්න පොඩි ටිප්ස් ටිකක් අරන් ආවා...
📚 දිනකට අවම පැය 6 ක් හා උපරිම පැය 8 ක් නිදා ගන්න ඕන...නිදා ගන්න ඕන නැ ඒ වෙලාවෙ පාඩම් කරන්න ඕන කියලා හිතන අයත් ඉන්නවා...ඔව් අපි ඉගෙන ගන්න අය විදිහට අපි අපෙ සම්පූර්ණ කාලය වැය කරන්න ඕන අපෙ පාඩම් වැඩ වලට. ඒත් එක දිගට නින්දක් නැතුව පාඩම් කරා කියලා ඒ මහන්සියෙත් කිසි ප්‍රතිඵලයක් නැති වෙනවා...අපි අඩුම පැය 6ක් වත් නිදාගෙන නැගිටලා තමයි අපෙ පාඩම් වැඩ කරන්න ගන්න ඕන...ඒක ඉතින් තම තමන්ට සුදුසු වෙලාවල් වලදි තමයි නිදා ගන්න එක තීරණය කරන්න ඕන...නිතර ගෙදර ඉදන් ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් නම් හවස් වරුව වගෙ නිදා ගන්න තියාගෙන රෑට එක දිගට පාඩම් කරන්න පුළුවන්...තමන්ට නිදහස් වෙලාවක් තෝර ගන්න ඕන පාඩම් කරන්න..
📚 සෑම කරුණක්ම හතර වතාවක්වත් පොත බලාගෙන සහා මතකයෙන් පවසන්න ඕන..එතකොට තමයි එ කරුණ අපිට හොදට මතක තියෙන්නෙ...
📚උපරිම විනාඩි 45කට වඩා පාඩම් වැඩ කරන්න එපා...අපෙ මනසටත් මහන්සිය දැනෙනවා..ඉතින් අපි මනසට පොඩි විවේකයක් දෙන්න ඕන එතකොට තමයි අපිට හොදින් කරුණු මතක තියාගන්න තවත් ලේසි වෙන්නෙ...අපි මහන්සියෙන් පාඩම් කරන්න ගත්තම නිතරම හිතෙන්නෙ අනෙ දැන් බැ මට ඇති කියලා..ඒත් පාඩම් කරන අතර තුර විනාඩි 45 න් 45 විනාඩි 10 ක වගෙ පොඩි විවේකයක් අරන් තමයි අපි ආයෙත් පාඩම් කරන්න ඕන...
📚පෙර දින රාත්‍රියේ පාඩම් කරන කරුණු නැවත පසුදා උදෑසන මතකයෙන් ආවර්ජනය කරන්න....අපි අද පාඩම් කරන දේවල් අදින් ඉවර කරලා දැන් අපිට හොදට මතකයි කියලා හිතුවට අපිට තව දවස් දෙක තුනකින් එ හැමදේම අමතක වෙලා යනවා..ඉතින් අපි අද පාඩම් කරන දෙ ඊලග දවසෙ හොදින් ආයෙ සැරයක් බලන්න ඕන... ඊට පස්සෙ සතියකට පස්සෙත් ඒ පාඩම බලන්න ඕන... අපෙ මතකය ආවර්ජනය කරන්න ඕන...
📚 අපිට අමාරුයි කියලා හිතෙන දේවල් පාඩම් කරන්න සුදුසුම වෙලාව පාන්දර 3 සිට උදෑසන 7 දක්වා... ඔයාලට අමාරු කරුණු පාඩම් කරන්න හොදම වෙලාව තමයි මෙ...
📚 පාඩමක් මතක තියා ගන්න ඒ පාඩම අනු කොටස් වලට කඩා ගන්න... එ අනු කොටස් කෙටි සටහන් ලෙස තමන්ට සුදුසු පරිදි සටහන් කර ගන්න...
📚 යම් කරුණක් මතක තබා ගැනීමට අපහසුනම් අසීරුනම් එ කරුණ ඇසුරෙන් නිර්මාණාත්මක වගන්තියක් ගොඩ නගා ගන්න...
📚පාඩම් කරන කරුණු තව කෙනෙක් හට කියා දීමෙන් එම කරුණු තවත් හොදින් අවධාරණය කර ගත හැකිය..
📚 සෑම කරුණක් සදහාම රූප සටහනක් ගොඩ නගා ගෙන එම රූප සටහන් ඇසුරින් කරුණු ඉක්මනින් මතකයට ගන්න උත්සහා කරන්න...
&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&&
මෙ ටික කියවලා හොරාට යන්න එපා 🙄😑 ලයික් එකක් දාලා යන්න... කමෙන්ට් කරලා හොද නරක කියන්න...ඔයාලට වැදගත් දේවල් ගොඩක් අරන් ඉස්සරහට අපි ඔයාල එක්ක අත්වැල් බැද ගන්න සූදානම්...😇🙏
😍😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Trincomalee