Trinco Vibes

Trinco Vibes

Share

20/06/2026

"ගලා නොගොස් මහ සයුරට - විලස අනෙක් නදී
ඉඩෝරයට ඉරුණු බිමක - රැඳී එහිම සිඳී
ප්‍රාණය දී මල් පිපුමට - තුරු වැල් අග රැඳී
ඔවුහු ඔබට අසීමිතව - ප්‍රේම කරන ලදී"

-ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි -

වසන්තයක් උදෙසා වියැකී ගිය වැහි බිඳුවල මතකය
​සමකාලීන සමාජයෙහි බහුතරයක් දෙනා ස්වකීය පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම උදෙසා පමණක්ම වෙහෙසෙන කල, තමන් සතු වූ සුඛෝපභෝගී අනාගතය අතහැර පොදු සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්වකීය තාරුණ්‍යයම කැප කළ අසදෘශ මිනිසුන් පිරිසක් ඉතිහාසය පුරා අපට හමු වෙති.

​පූජ්‍ය ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමියන් විසින් රචිත මතුදැක්වෙන පද්‍ය පංතිය, ඔවුන්ගේ එම අසීමිත පරිත්‍යාගශීලීත්වය මනාව පසක් කර දෙන්නකි.

​"ගලා නොගොස් මහ සයුරට - විලස අනෙක් නදී
ඉඩෝරයට ඉරුණු බිමක - රැඳී එහිම සිඳී"

​සැබවින්ම, ශිෂ්‍ය වීරයන් යනු මහා සාගරය සොයා නොගොස්, ඉඩෝරයෙන් ඉරිතැළුණු මහපොළොව සැනසීම පිණිස එම බිමටම සිඳී ගිය අකලංක නදී තීරයන්ය.
​අද දිනයෙහි අප භුක්ති විඳින නිදහස් අධ්‍යාපනයේ හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නිකම්ම උදාවූ ඒවා නොවේ.

හෙට දවසෙහි මල් පිපෙනු දකිනු රිසියෙන්, ස්වකැමැත්තෙන්ම අහසින් බිමට වැටී මියගිය වැහි බිඳු වැනි තාරුණ්‍යයක ලේ, කඳුළු සහ ස්වේද බිඳු ඒ පිටුපස ඇති පදනම සකසා ඇත. ඔවුහු තමන් වෙනුවෙන් නොව, තමන්ගෙන් පසු බිහිවන අනාගත පරම්පරාවල සුබසිද්ධිය උදෙසා සටන් වැදුණහ. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අසීමිත ප්‍රේමයකි.
​කායිකව ඔවුනු අප අතරින් සමුගත්තද, අයුක්තියට හා අසාධාරණයට එරෙහිව නැඟෙන සෑම සාධාරණ හඬක් තුළම මෙන්ම සෑම පෑන් තුඩක් තුළම ඔවුහු තවමත් අමරණීයව ජීවත් වෙති.
​කළු ලෑල්ලක් මත ස්වකීය ජීවිතයේ අවසන් ලේලිඛිතය සනිටුහන් කරමින්, නිදහසේ වසන්තය උදෙසා වියැකී ගිය ඒ උදාර හෘද සාක්ෂියට අපගේ ප්‍රණාමය පුද කරමු.

ඔබ සදා අනුස්මරණීයයි! ❤️

ශිෂ්‍ය සංගමය
ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය
ත්‍රිකුණාමල මණ්ඩපය

Want your organization to be the top-listed Non Profit Organization in Trincomalee?
Click here to claim your Sponsored Listing.

Address


Konesapuri, Nilaveli
Trincomalee