Big Leap

Big Leap

Share

04/05/2023

සමාජයේ බහුතරයක් පීඩා විදින stress නැතිනම් ක්ලමථය ගැන ලිපියක් ලියන්න හිතුනා..

මුලින්ම මම කියන්න ඕනි, මමත් සමාජයේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්.. ඉතින් සමහර අවස්තාවල මටත් stress කියන දේ දැනෙනවා.. පීඩා විදලා තියෙනවා.. ඒක හරිම සාමාන්‍ය දෙයක්.. අපි ඒක පිලිගන්න විදිය අනුව ඒ දේ දැනීම උස් පහත් වෙනවා..

හරි... මොකක්ද මේ stress කියලා කියන්නේ.. කොහෙන්ද මේවා එන්නේ? අපිට ඒ දේවල් වලක්වන්න පුලුවන්ද? Stress වැඩි උනොත් මොකද වෙන්නේ? වගේ කාරනා ටිකක් ගැන මම මේ ලිපියෙන් ලියන්න බලාපොරොත්තු වෙනවා... මේක big topic එකක්.. ඒත් සරලව සමාජයේ ජීවත් වෙනකොට වැදගත් වේවි කියලා හිතෙන දේවල් ටිකක් මේ ලිපියට ලියන්න බලාපොරොත්තු වෙනවා.. ☺️

මනෝවිද්‍යාවට අනුව අපි stress කියලා කියන්නේ හරිම සරල මානසික පීඩාවක්.. මේ දේ අපිට ශාරීරිකව, මානසිකව ඇතිවන ගැටලු නිසා හැගීම් වල ඇති වෙන පීඩාකාරි තත්වයක් විදියට ගන්න පුලුවන්.. stress වර්ග කිහිපයක් තියෙනවා..
1. Psychological stress
2. Biological stress
3. Environmental stress

මේකෙන් psychological stress සහ biological stress කියන දෙකම තමන් තුලින්ම ඇති වෙන දේවල්.. ඒ කියන්නේ මනසේ ඇතිවෙන negative දේවල් නිසා මනසට දැනෙන පීඩාකාරී තත්වය.. environmental stress කියන්නේ භාහිර පරිසරය නිසා පුද්ගලයා තුල ඇති වන මානසික පීඩාකාරී තත්වය..

තමා තුලින් එන ගැටලුකාරී තත්වයන්ට වෙන කෙනෙක්ට පිහිට වෙන්න පුලුවන්ද??
බැහැ..
හැබැයි ඒක ඔයාට පාලනය කරන්න පුලුවන් දෙයක්..
උදාහරණයක් ගමු..
ඔන්න ඔයාට ළග ළග exam එකක් තියෙනවා.. ඔයාට ඒකට best results එකක් ගන්න ඕනී... ඔයා ඕක ගැන ගොඩක් හිතන්න ගත්තොත් ඔන්න ඔයා stress වෙන්න පටන් ගන්නවා.. ඔයාට තියන වැඩ ටික manage කරගන්න බැරි වෙනවා.. වැඩ ගොඩ ගැහෙනවා.. එන්න එන්න exam ලන් වෙනවා.. ඔයාව තව තව පීඩනයට ලක්වෙනවා.. ඔන්න ඔතනදි ඔයාට මොකක්ද වෙන්නේ... negativity.. ඒ කියන්නේ රිනාත්මක ආකල්පයන් එන්න පටන් ගන්නවා.. අනේ මට බැහැ මේක කරන්න.. ඔන්න ඔහේ ලියලා දානවා.. next year එකේ exam කරනවා... so it's bad..

මෙතනට ගොඩක්ම බලපාන්නේ ඔයා හිතන විදිය... ඔයා සුබවාදීව (positively) හිතනකම් ඔයාගේ වටේ තියෙන හැමදේම positive.. හැබැයි ඔයා හරියට මහන්සි නොවුනාම, කැපවීම් නොකලොත් ඔයාට රිනාත්මක සිතුවිලි එන්න පටන් ගන්නවා.. අන්න එතකොට තමා ඔයාව stress වෙන්න පටන්ගන්නේ.. එහෙනම් අපි අභ්‍යන්තරයෙන් එන stress එක නැතිකරගන්න මොකක්ද කරන්න ඕනි? Negative අදහස් එන්නේ නැති වෙන තැනට වැඩ කරන්න ඕනි.. ඒ කියන්නේ target achieve කරන්න කැපවෙන්න ඕනි...

Environmental stress එක කියන්නේ ඔයිට හාත් පසින්ම වෙනස් දෙයක්.. භාහිර පරිසරය නිසා ඔයාට ඇතිවන මානසික පීඩනය..
ඒකටත් අපි උදාහරණයක් ගමු.. ඔයාට කවුරු හරි බනිනවා.. එක්කෝ ඔයාට කවුරු හරි කැමති නෑ.. ඒක ඔයාට දැනෙනවා.. එහෙමත් නැතිනම් සුනාමිය, ගංවතුර, නායයෑම් වගේ දේ වලට මුහුණදෙන්න වෙනවා... ඒවගේ ගොඩාක් දේවල් එදිනෙදා ජීවිතේ අපිට ගැටලුකාරි තත්වයන් එනවා.. අපි ඒ දේවල් negative විදියට ගත්තොත් අපිව stress වෙනවා...

එහෙනම් මේ භාහිරින් එන ප්‍රශ්න වලට අපි මොකද කරන්නේ? අපි කොහොමද මේ අවුල්සහගත දේ වලින් ඈත්වෙන්නේ.. අපේ මනස ස්ථාවරව තියාගන්නේ කොහොමද?
මං සරලව කියන්නම්.. හැබැයි මේ දේ කරන්න හිතන තරම් ලේසි නෑ... කාලයක් අපේ මනස මේ දේ වෙනුවෙන් පුරුදු කරන්න ඕනි..
ඇත්තටම මේ දේවල් එන්නේ පිටින් නේ? අපේ අභ්‍යන්තරයට පිටින්.. අපි තේරුම් ගන්න ඕනි සහ අපි අපේ යටි සිතට පුරුදු කරන්න ඕනි දේ තමයි අපිට වෙන පුද්ගලයෙක් හෝ ස්වාභාවික දේවල් පාලනය කල නොහැකි බව... වෙන භාහිර පුද්ගලයෙක් හෝ ස්වාභාවික පරිසරයේ සිදුවන සිද්දියක් නිසා අපේ සිතේ ඇතිවන සිතුවිලි අපි පාලනය කරගන්න ඕනි... අන්න එතකොට භාහිරින් එන ගැටලු අපේ මනසට කරදරයක් වෙන්නේ නෑ.. ඔයා stress වෙන්නේ නෑ..

ඇත්තටම මේ හැම stress එකක්ම එන්නේ ඔයාගේ මනසේ ඇතිවෙන සිතුවිලි නිසා.. ඔයාට ඔයාගේ සිතුවිලි යහපත් විදියට හිතන්න පුරුදුකරගන්න තරමට ඔයාගේ හිතට හරිම සැහැල්ලුයි.. ඔයා සතුටින්..

ඇත්තටම stress වෙනවා කියන එක සාමන්‍ය දෙයක්.. ඒත් ඒක over යනවා කියන්නේ ලොකු ගැටලුවක්.. අවසානයේ depression තත්වයකට උනත් යන්න පුලුවන්.. Anxiety තත්ව ඇති වෙන්න පුලුවන්..

Stress කියන එක සාමන්‍යයෙන් තමන්ට දැනෙනවා.. එතකොට ඒකට හේතුව මොකක්ද කියලා හිතලා බලන්න.. ඒ හේතුව තමන්ට විසදගන්න බැරි දෙයක්නම් තමන්ට විස්වාසී වැඩිහිටියෙකුගෙන් උපදෙස් ගන්න.. එහෙම කවුරුවත්ම නෑ කියලා හිතෙනවනම් අද ගොඩාක් counseling කරන අය ඉන්නවා.. ඒ කෙනෙක් එක්ක හරි කතා කරන්න.. තනියම හන්ගගෙන ඒ දේ දුර යනකම් ඉන්න එපා.. ඒක හොද නෑ.... මන් මුලින් සදහන් කල රෝගි තත්වයන් වලට ඔබ පත් උනොත් තමන්ට ඒක තේරෙන්නේ නැති තත්වයකට පත් වෙනවා..

ඒ වගේම කියන්න ඕනි ලොකුම දේ තමයි ජීවිතේ ගැටලුකාරී තත්ව එන එක හරිම සාමානයයි.. තමන්ට වගේම අනිත් අයටත් එහෙම ගැටලු එනවා.. ඒක පොදු කාරනාවක්.. ඉතින් සරලව ජීවත් වෙන්න.. තමන්ගේ සිතුවිලි පාලනය කරන්න..

Chage your mind 🌹☘️🌱
Be relax 💆🍃
Love you all 🥰😚

මම
ජයනි රත්නසේන ❤️

පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා.. ඔයාලට මේ ලිපියෙන් යමක් ගන්න තිබුනනම්, හිතට දැනෙන දෙයක් තිබුනනම් තවත් කෙනෙක්ට කියවන්න මේ ලිපිය share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.. 🥰

12/02/2023

හිත නිවන තැන 🌹

ලග ලග එන මල් දවසකට
හීන හොයාගෙන ඇවිද්දා..
තව ලස්සන දවසක්
එයත් එක්ක..😘😊
2023/02/11
පාර දිගේ ඔහේ... 💖🌱

හීන මල් කෝටියක්
හිත් අස්සේ පුරවගෙනෙ
එකින් එක මල්පිපෙද්දි
හිත් පීදුනා දන්නේම නැතිව... 😍
මහන්සියක්නම් නෑ මෙමට
ඇවිද්දේ අතේ එල්ලීගෙනම
හිරිපොදක් වැටෙද්දින්
ගුලි උනේ එක කුඩය යට දෙදෙන 🌹
විටෙක අදුරු වලාකුලු
ගිගුලේය හිත් අතර
දනිමි ඒ ඇස් කියවමී තවම
නිවුනේය ගිනි
බැදුනි හිත් තවත් එකිනෙක...💖
මගක නතර වී, ගෙවූ ඒ විරාමය
ප්‍රේමයකි සැබවින්ම සැනසුමම ලංකරන 😍

ආදරෙයි සුදූ.. 🌹😘😘

මම
ජයනි රත්නසේන 🌱💖
Change your mind be relax 🌹

Want your public figure to be the top-listed Public Figure in Ruwanwella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ruwanwella