Wisdom Computer Solutions
26/07/2023
25/03/2023
ආයුබෝවන්! කියනව හැමෝටම. අපි පසුගියදා Crypto Currency කියන්නෙ මොකක්ද සහ එහි ආරම්භය ගැන කතාකලා. ඊළඟට අපි කතාකරන්න බලාපොරොත්තුවෙන් සිටියේ Crypto Currency කියල දෙයක් මේ ලෝකයට බිහිවුනේ සහ ඒ හරහා කොහොමද මේ ආදායම් උපයන්නෙ කියන එක ගැන.
නමුත්, අපි හිතුව ඒ ගැන කතාකරනවට වඩා යෝග්‍යයි, මේ Crypto Currency කියන දෙය අවභාවිතාවෙලා විවිධ ජාවාරම් ක්‍රම ක්‍රියාත්මක වීම ගැන කතාකරන එක කියලා. ඔබට මතක ඇති පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනමට ලක්කරන ලද මේ රටම ගිලගත්ත Crypto Currency මුවාවෙන් වංචනික ව්‍යාපාරයක නිරතවන ආයතනයක් සම්බන්ධව සමාජ මාධ්‍ය ජාලා , විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා කතාබහට ලක්වුනා. අපි ඒ ආයතනය ගැන මේවෙලාවෙ කතාකරන්න යන්නෙ නෑ. මේව වංචනික ඒව කියල දැන දැනත් ඇයි මිනිස්සු මේවට අහුවෙන්නෙ? ඒකට හේතුව තමයි මිනිස්සු මේ Crypto Currency ගැන හරි දැනුමක්, අවබෝධයක් නොමැතිකම. ඒක නිසා අපි තීරණය කළා ඒ ගැන ඔබව දැනුවත් කළොත් හොඳයි කියලා.අපි මීට කලින් ලිපියෙන් සහ ඉදිරි ලිපි මාලාවෙනුත් බලාපොරොත්තු වෙන්නෙ සමාජය තුළ මේ Crypto Currency ගැන දැනුමක් ඇතිකරන්න. ඇත්තටම කියනවනම් මිනිස්සු Crypto Currency ගැන හරියට නොදැනුවත්කම තමයි මේ වගේ විවිධ ජාවාරම් වලට අහුවෙන්න හේතුව.
මුළු ලෝකයේම ඉදිරි අවුරුදු 05 වගේ ඇතුළත Crypto Currency කියන මුදල් Use කරන ප්‍රමානය 100% ට ආසන්න ප්‍රතිශතයක් දක්වා වැඩිවෙතැයි විශේෂඥයින් මත පලකර ඇති වකවානුවක ශ්‍රී ලංකාව තුල Crypto Currency මුවාවෙන් ක්‍රියාත්මක වෙන වංචනික ක්‍රම නිසා ශ්‍රී ලංකා වාසීන් තුල Crypto Currency සම්බන්දයෙන් අනවශ්‍ය බියක් මෙන්ම වැරදි මතයක් ඇතිවීමට පුළුවන්. එමනිසා අපි ඔබේ Crypto Currency පිළිබඳ දැනුම ඉහළ නැංවීම සඳහා මේ ගැන තවත් ඉදිරියේදී කතාකරන්න බලාපොරොත්තු වෙනව.
El Salvador සහ Central African Republic යන රටවල් දැනටමත් Crypto Currency Accept කරල තියෙනව. එමෙන්ම ලෝකයේ බොහෝ ආයතන Crypto Currency වලින් ගනුදෙනු කරන්න අවසර දීල තියෙනව. ඒ වගේම තමයි සමහර රටවල්වල Crypto ATM යන්ත්‍ර පවා පිහිටුවල තියෙනව (ඉතාලිය). එවැති තත්වයක් තුළ අපේ රටේ Crypto මුවාවෙන් විවිධ නීත්‍යානුකූල නොවන වංචනික ක්‍රම ක්‍රියාත්මක වීම කණගාටුවට කරුණකි. Crypto Currency කියන්නෙ Blockchain තාක්ෂණය හරහා ක්‍රියාත්මකවන නීත්‍යානුකූල මෙන්ම විනිවිදභාවයක් තිබෙන හොඳ ක්‍රමයක්.මේ Crypto Currency හරහා නීත්‍යානුකූල ක්‍රමයට ආදායම් උපයන්නත් පුළුවන්. ඒ ගැනත් අපි ඉදිරියේදි කතාකරමු. (මහා බැංකුව විසින් තහනමට ලක්කළ ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද ක්‍රමයට නොවන බව විශේෂයෙන් මතක තබාගන්න) තවත් ලිපියකින් ඉදිරියේදී හමුවෙන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම් ඔබට ජය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ratnapura