Sajith Ranasinghe

Sajith Ranasinghe

Share

20/03/2026

අපිත් Sri Lankan

19/03/2026

"එයාර් බස් (Airbus)" ගනුදෙනුව මහ කජ්ජක්ද.?
🧐
✈️ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ බව පැවසෙන එයාර් බස් (Airbus) ගනුදෙනුව ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙනවා.
✈️ එම ගනුදෙනුව සිදුව ඇත්තේ 2013 වසරේදී.
✈️ මෙම දූෂණය එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමක් ගැනයි.
✈️ ගුවන් යානා පිලිබඳ විස්තරය A330-300 හයක් සහ A350-900 හතරක්.
✈️ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO) අනාවරණය කළ පරිදි, එයාර් බස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබා දීමට පොරොන්දු වී ඇත.
✈️ ප්‍රතමයෙන් බෘෘනායි රාජ්‍යයේ පිහිටුවා තිබූ 'Biz Solutions' නැමති ව්‍යාජ සමාගමක සිංගප්පූරු ගිණුමකට ඩොලර් මිලියන 2ක මුදලක් මුලින්ම බැර කර තිබෙනවා.
✈️ මෙම මුදල් සිංගප්පූරු ගිණුමේ සිට ඕස්ට්‍රේලියාවේ 'Commonwealth Bank' ගිණුමට මාරු කර ඇති බව අනාවරණය වී තිබේ.
✈️ බ්‍රිතාන්‍ය බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO): එයාර් බස් (Airbus) සමාගම ලොව පුරා සිදුකළ දූෂණ සම්බන්ධයෙන් 2020 වසරේදී නිකුත් කළ නිල වාර්තාව (අංක: U20200131001) තුළ මේ ගැන තොරතුරු රැසක් ඇතුලත් බව වාර්තා වනවා.
✈️ මෙහි ශ්‍රී ලංකාවට අදාළව "Indictment 2" යටතේ මැදිහත්වූ පිරිසගේ මැදිහත්වීම සඳහන් කර තිබෙනවා.
✈️ එහි සම්පූර්ණ තීන්දුව සහ කරුණු ඇතුළත් ලේඛනය (Statement of Facts) අවශ්‍යනම් sfo.gov.uk ඔස්සේ මාර්ගගතව ලබාගත හැක.
✈️ සෙවිය යුතු නම: "SFO enters into Deferred Prosecution Agreement with Airbus"
Paragraph 78 සිට 84 දක්වා ශ්‍රී ලංකාවට අදාළව "Srilankan Airlines" සහ "Biz Solutions" හරහා මුදල් ගිය ආකාරය විස්තරාත්මකව දක්වා ඇත.

👊 මේ ගැන තව තොරතුරු තිබේද...?

2026.03.18
✏️ sajith ranasinghe






#එයාර්බස්_වංචාව
#ශ්‍රීලංකන්_ගුවන්_සේවය
#කපිල_චන්ද්‍රසේන

16/03/2026

අත්දැකීම් පිරුණු හිතවතෙක්. එවන් අත්දැකීම් සම්භාරයක් ඇති පිරිස හරි විරලයි. අපේ කුලකයේ අපූරු හිතවතෙක්...
මංජු අයියා., අලුත් ගමන් මඟ සතුටින් පිරේවා... නිදුක් නිරෝගී සුව පිරි ජීවිතයක්...

Want your business to be the top-listed Media Company in Rajagiriya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Rajagiriya.
Rajagiriya