SMART PHARMACY Puttlam

SMART PHARMACY Puttlam

Share

25/12/2022

Now We Are OPEN,
𝗪𝗲𝗲𝗸𝗱𝗮𝘆𝘀/𝗦𝗮𝘁𝘂𝗿𝗱𝗮𝘆𝘀 - 7.00AM-9.00PM
𝗣𝘂𝗯𝗹𝗶𝗰 𝗛𝗼𝗹𝗶𝗱𝗮𝘆𝘀/𝗦𝘂𝗻𝗱𝗮𝘆𝘀 - 8.00AM-8.00PM

03/12/2022

අධික ලෙස ඖෂධ මිල ඉහළ ගොස්‌ ඇති මේ අවස්ථාවේ අපෙන් සහනයක් ඔබට!!!!!

✅මිල අධික BRANDED ඖෂධ වෙනුවට ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් මිල අඩු SPC සහ SPMC ඖෂධ අප සපයනු ලැබේ.
✅ මාසික සායනික ඖෂධ වට්ටෝරු සහ විශේෂඥ වෛද්‍ය වට්ටෝරු සදහා විශේෂිත වට්ටම්
✅සියලුම BRANDED ඖෂධ

மருந்து விலை மிக அதிகமாக அதிகரித்துள்ள இந்த நேரத்தில் எங்களிடமிருந்து நிவாரணம்!!!!

✅விலையுயர்ந்த பிராண்டட் மருந்துகளுக்குப் பதிலாக மலிவான SPC மற்றும் SPMC மருந்துகளை உயர் தரத்தில் வழங்குகிறோம்.
✅மாதாந்திர மருத்துவப் பரிந்துரைகள் மற்றும் சிறப்பு மருந்துச் சீட்டுகளில் சிறப்புத் தள்ளுபடிகள்
✅ அனைத்து பிராண்டட் மருந்துகள்

Photos from SMART PHARMACY Puttlam's post 03/12/2022

වතුර බෝතලේ මාරයා

වතුර බෝතලේ ඇතුළෙ මාරයෙක් ඉන්න පුලුවන්ද? පුලුවන්.
ඇත්තටම වතුර බිව්වම මැරෙන්න පුලුවන්ද? නෑ……………..උත්තරේ අකමැත්තෙන් උනත් ඔව්

මේ ප්ලාස්ටික් බෝතල්වල වතුර ගෙනියන ඔබ ගැනයි!

බොහො දෙනා වතුර ගෙනියන්න අද කාලේ භාවිතා කරන්නෙ ප්ලාස්ටික් වතුර බෝතල්. ඉතින් තත්වයෙන් උසස් උනත් තත්ත්වයෙන් බාල උනත් ප්ලාස්ටික් කියන්නෙ ප්ලාස්ටික්.ප්ලාස්ටික් බෝතල් වල අධික ලෙස විවිද රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනව. ඊට අමතරව මේ බෝතල් ඇතුලේ විවිධ බැක්ටීරියාවන් රැදෙන්න පුලුවන් සහ ඔවුන් අහිතකර මට්ටමක් දක්වා වර්ධනය වෙන්නත් පුලුවන්. ඉතින් ප්ලාස්ටික් බෝතල් වල වතුර බොනව කියන්නෙ හරියට හෙමීට හෙමීට වසක් බොනව වගේ වැඩක්.

අපි බලමු කොහොමද මේ ප්ලාස්ටික් බෝතල් අතුලෙ විෂ වර්ග හැදෙන්නෙ කියල

ප්ලාස්ටික් වලට පුලුවන් විවිධ අහිතකර රසයනික ද්‍රව්ය නිපදවන්න. උදාහරණයක් තමයි ෆ්ලෝරයිඩ්, ආසනික් සහ ඇලුමිනියම්. මේ රසයනික ද්‍රව්යයන්ට පුලුවන් ඔබගෙ ශරීර අභ්‍යන්තරයේ ඇති අවයව විනාශ කරල ඔබගෙ සෞඛ්‍යයට අයහපත් කරන්න සහ විවිධ සංකූලතා අතිකරන්න. ඉතින් මේක හෙමීට වස බොනවා වගේ වැඩක් නෙමෙයිද?

ඩිඔක්සින් නිපදවීම
ගොඩ දෙනෙක් කරන දෙයක් කරන වැරැද්දක් තමයි මේ ප්ලාස්ට්ක් වතුර බෝතල් කාර් එකේ හරි තමන්ගේ වාහනයේ හරි දාලා ගිහිල්ලා ගොඩ වෙලාවකට පස්සේ එහෙම නැත්තම් දවස් ගානකට පස්සෙ බොන්න ගන්නව.අපි දන්නව ප්ලාස්ටික් කියන්නේ රස්නෙට දියවෙන්න බලන දෙයක්. ඉතින් මේ ප්ලාස්ටික් බෝතල් තාපයට නිරවරනය උනාම "ඩිඔක්සින්" කියන රසයනික ද්‍රව්ය නිපදවනව. මේ ඩිඔක්සින් නිසා පිලිකා විශේෂයෙන් පියයුරු පිලිකා වැලදීමේ වැඩි අවදානමක්
තියෙනව.

අක්මාවේ පිලිකා
ප්තෑලේට් (Pthalate) වැනි රසායනික සoයෝග නිපදවන්නත් ප්ලාස්ටික් වලට පුලුවන්. මේ රසයනික සoයෝගයට පුලුවන් අක්මාවේ පිලිකා තත්ව ඇතිකරන්න.

BPA නෑමති සoයෝගය නිපදවීම මගින්
Biphenyl A කියන රසායනික සoයෝගය “ඊස්ට්‍රජන්” නැමති හොර්මෝනයට රසයනික ලෙස සමානකමක් දක්වනව. ප්ලාස්ටික් බෝතල් මගින් මේ සoයෝගය නිපදවන්න පුලුවන්. මෙම රසයනික ද්‍රව්යට පුලුවන් දියවැඩියාව, ස්ථුලතාවය, මදසරු භාවය, අඩු වයස් වලදී වැඩි වියට පැමිනීම, හැසිරීමේ වෙනස්වීම් වැනි විවිධ සෞඛ්‍ය ගැටලු ඇතිකරන්න.

ශුක්‍රානු ප්‍රමානය අඩුකිරීම
ප්තෑලේට් (Pthalate) වලට පුලුවන් ශුක්‍රානු නිපදවෙන ප්‍රමානය අඩුකරන්න සහ එමගින් මදසරු භාවය ඇතිකරන්න.

ඔබගේ ප්‍රතිශක්තී කරන පද්ධතියට හානිකිරීම
මේ ප්ලාස්ටික් මගින් නිපදවන රසයනික සoයෝගය වලට පුලුවන් විවිධාකාරයෙන් ඔබගේ ප්‍රතිශක්තී කරන පද්ධතියට හානිකිරීමට.දුර්වලවු ප්‍රතිශක්ති පද්ධතියකට පුලුවන් ඔබට විවිධ බෝවන රෝග වැලදීමට ඉඩ ලබාදීමට.

ඉතින් දැන් ඔබ දන්නවනෙ ප්ලාස්ටික් බොතල්වල වතුර ගෙනියන එකේ අවදානම. ඔබගේ සෞඛ්‍යය ගැන හිතලා ප්ලාස්ටික් බෝතල් වලට විකල්පයක් හොයාගන්න එක ඔබට බාරයි!

උපුටාගැනීම HEALTH SRI LANKA PAGE

ඔබට නිරෝගිමත් දිනයක් වේවා
SMART PHARMACY Puttlam

" මෙවැනි තොරතුරු දැනගන්න අපිත් සමඟ හැමදාම රැඳෙන්න අපේ ෆේස්බුක් පිටුව Like කර Follow කරන්න"

Want your business to be the top-listed Health & Beauty Business in Puttalam?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


124/A, Kurunegala Road
Puttalam
61300