TopShift SL

TopShift SL

Share

25/02/2021

JDM🖤GTR Vs Supra♥️
Credits to LIFE DREAM...

Photos from TopShift SL's post 21/02/2021

Ford_Mustang🐎🐎🖤♥️
😇🤩
Credits to LIFE DREAM😍...
🖤

06/12/2020

𝑭𝒆𝒆𝒍𝒊𝒏𝒈 𝒅𝒊𝒔𝒂𝒑𝒑𝒐𝒊𝒏𝒕𝒆𝒅😶𝑮𝒊𝒗𝒆 𝒚𝒐𝒖𝒓 𝒄𝒐𝒎𝒎𝒆𝒏𝒕𝒔

💔On 1 December 2020, Toyota announced that 𝐭𝐡𝐞 𝐏𝐫𝐞𝐦𝐢𝐨 𝐚𝐧𝐝 𝐀𝐥𝐥𝐢𝐨𝐧 𝐰𝐨𝐮𝐥𝐝 𝐛𝐞 𝐝𝐢𝐬𝐜𝐨𝐧𝐭𝐢𝐧𝐮𝐞𝐝 𝐟𝐫𝐨𝐦 𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟎𝟐𝟏. This marked the end of the Corona lineage that was introduced in 1957.💔

26/11/2020

මිට්සුබිශි ලාන්සර් එවලූශන් හී පරිණාම කතාව...❤
(𝐸𝑣𝑜𝑙𝑢𝑡𝑖𝑜𝑛 𝑜𝑓 𝐿𝑎𝑛𝑐𝑒𝑟 𝐸𝑣𝑜𝑙𝑢𝑡𝑖𝑜𝑛 )😱
𝑴𝒊𝒕𝒔𝒖𝒃𝒊𝒔𝒉𝒊 𝑳𝒂𝒏𝒄𝒆𝒓 𝑬𝒗𝒐𝒍𝒖𝒕𝒊𝒐𝒏 🖤

1973 දී තමයි මිට්සුබිශි ලාන්සර් මොඩ්ල් එක එලියට එන්නෙ.ඒ සාමාන්‍ය ප්‍රමාණයේ ඉන්ධන ඉතිරිකරන ෆැමිලි කාර් එකක් විදියට.පස්සෙ 70-80 දශකවලදී මිට්සුබිශි ල තීරණය කරනව රැලි රේසින්ග් වලටත් පොඩි අවධානයක් දිනාගන්න ඕනෙ කියල.පස්සෙ එයාලා ලාන්සර් එකට ටිකක් ලොකු පවර් එකක් තියෙන එන්ජිමක් දාලා රේසින්ග් වලට දාන්න.
පස්සෙ 80 දශකයෙදී දෙවනි කාණ්ඩයේ (group 😎 රැලි රේසින්ග් වාහනයක් හදන්න පටන් ගන්නවා,ඒක All wheel drive වාහනයක්.ඒක ස්ටාරියෝන් (starion) කියල නමකින් එන්නෙ.මතක විදියට ලංකාවෙත් එකක් හෝ දෙකක් තිබ්බ.නමුත් මේකේ සම්පූර්ණ සාර්තකත්වයක් දකින්නත් කලින් 1985-1986 වසර වල රැලි තරග වලදී මේ වාහන පිට පිටම අණතුරු වලට ලක්වෙලා fail project එකක් බවට පත් වෙනව.අන්තිමට මිට්සුබිශි ලට වෙන්නෙ සම්පූර්ණයෙන් හදපු රේස් කාර් එකක් තියගෙන ඉන්න කිසිම රේස් එකක් පදින්නෙ නැති වෙන්න.පස්සෙ මිට්සුබිශි එකෙන් කලේ මේ ස්ටාරියෝන් එකේ ඕල් වීල් ඩ්‍රයිව් ට්‍රේන් එක අරගෙන ඒක ගැලන්ට් එකට දාලා group A රැලි රේසින්ග් කාර් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා.88 ඉදන් 92 වෙනකන් ගැලන්ට් එකත් සෑහෙන්න හොදට රේසින්ග් දිනපු තරුවක් උනා.
ඒත් හදිසියේම යුරෝපයේ රැලි රේස් ඉවෙන්ට්ස් වල සීමාවන් වැඩි උනා ප්‍රමාණයෙන් විශාල සෙඩාන් කාර් වලට.ඒ නිසා ගොඩක් වාහන නිශ්පාදකයෝ රැලි රේස් වලට ප්‍රමාණයෙන් කුඩා පවර්ෆුල් වාහන හදන්න ගත්තා.ෆෝර්ඩ් ඇස්කෝර්ට්,සුබාරු ලෙගසි සහ ඉම්ප්‍රෙසා,ටොයෝටා සෙලිකා සහ කොරොල්ලා.මේ ගේම් එකට මිට්සුබිශි ආයෙත් ඉදිරිපත් කරන කාර් එක තමයි ගැලන්ට් සහ ලාන්සර් එක.මිට්සුබිශි ආයෙත් ගැලන්ට් එකේ ඩ්‍රයිව්ට්‍රේන් එක ගලවලා ඒක බරින් අඩු සහ ප්‍රමානයෙන් පොඩි ලාන්සර් එකට දානවා.ඒත් නිකම්ම ලාන්සර් කියන්නත් බෑනෙ ඒකට.මොකද ඒ වෙද්දි ලාන්සර් කියන්නෙ පව්ලේ පාවිච්චියට හදපු සාමාන්‍ය සෙඩාන් කාරෙකක්...රේස් වලට ඉදිරිපත් කරන්නෙම ඒ ලාන්සර් එකටම ගැලන්ට් ඩ්‍රයිව් ට්‍රේන් එක දාපු ප්‍රොජෙක්ට් කාරෙකක්.🤔ඒකේ all wheell drive,ලොකූ... ටර්බෝ එකක්,රේසින්ග් සස්පෙන්ශන් අනම් මනම්... ඒ කියන්නෙ නිකන් ලාන්සර් එකේ පරිණාමයක් වගේ...
අඩේ පරිණාමය! (Evolution )!
ඔන්න ඔහොමයි ලාන්සර් එවලූශන් එක බිහිවෙන්නෙ.
පලවෙනි පංතියේ රැලි රේසින්ග් කැටගරි එකේ නීතිරීති වලට අනුගත වෙන්න,2500cc සාමාන්‍ය පාරේ භාවිතා කලහැකි වාහනයක් තරගවලට ඉදිරිපත් කරන්න ඕන උනා.ඒ හේතුවෙන් 1992 දී පලවෙනි ලාන්සර් එවලූශන් එක බිහිවෙනවා.දවස් තුනකින් නිශ්පාදිත සම්පූර්ණ කාර් තොගයම විකිනෙනවා.GSR වර්ශන් එකට පවර් වින්ඩෝ,පවර් සීට්,ABS,Rear viper මොකුත් නැතුව ආවේ.ඒත් ඒකෙ තිබ්බා all wheel drivetrain එකක්.හෝස්පවර් 244ක බලයක් නිපදවන්න පුලුවන් මිට්සුබිශි ඉතිහාසගත 4G63T එන්ජින් එක.ලාන්සර් ෆයිනල් එඩිශන් එක ඇරෙන්න එවලූශන් 9 එක වෙනකන් විවිධ මොඩිෆිකේශන් කර කර එවෝ එකට ආවේ මේ එන්ජින් එක.1993 දී එවෝ ii එක බිහිවෙනවා.ලොකු වෙනසක් නෑ ලොකු ස්පොයිලරයක් අනම් මනම් පෙනුමේ වෙනස්කම් තිබ්බෙ.මේ අතරේ රැලි රේස් එවෙන්ට් වල සුබාරු සහ එවෝ අතර ලොකු තරගයක් තිබ්බෙ.පස්සෙ 1995 දී එයාලා සැලකිය යුතු වෙනස්කම් එක්ක එවෝ iii එක ගේනවා.ලොකු ඉන්ටර්කූලර් එකක්,පෙනුමේ ලොකු වෙනස්කම් එක්ක ලොකු ටර්බෝ එකක් මේකේ ආවා.පස්සෙ එනවා එවෝ iv එක.ඒකේ ඊටත් වඩා ලොකු ටර්බෝ එකක් එක්ක එනව AYC ඇක්ටිව් යෝ කන්ට්‍රෝල්.ඕල් වීල් ඩ්‍රයිව් ට්‍රේන් එකේදී රෝද වලට වෙන වෙනම බලය Automatically වෙනස් කරමින් ලබාදෙන තාක්ශණයක් මේක.ඒ වගේම මේකේ ඉස්සරහ තඩි සයිස් ෆොග් ලයිට් දෙකක් ආවා.මොකද මේක රැලි රේස් පදින කාරෙකක් කියල මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න පුලුවන් දෙයක් එලියේ පේන්න තියෙන්න ඕන උනා 😂 ඉතිං ඒ පෙනුමට ලොකු ෆොග් ලයිට් දෙක දැම්මා.මේ අතරේ ටෝමී මැකනන් විසින් එවෝ එකක් පාවිච්චි කරලා WRC රේස් එක පිට පිටම හතර පාරක් දිනනවා.මෙන්න මේ වෙලාවේ මිට්සුබිශි මෝටර් කෝපරේශන් එකට හිතෙනවා දැං නම් රේසිං වාහනය ගැන මීට වඩා හිතල වියදම් කරන්න ඕනෙ කියන එක.ඒ කාලේ සුබාරු වලට ඇත්තටම වැලේ වැල් නැතිවෙනවා එවෝ එක්ක තිබ්බ සටනෙදි 🙈
එවෝ V සහ VI ලොකු වෙනස්කම් තිබ්බෙ නෑ.2001 දී එවෝ VIIඑක ටිකක් බරින් වැඩි චැසියක් එක්ක ඇක්ටිව් සෙන්ටර් ඩිපරන්සල් එකක් මේ කරෙකට දානවා.AYC එක්ක මේ ACD එකෙන් වාහනයේ Drifting සහ රේසින්ග් වලදී handling මාර විදියට දියුණු වෙනවා.පස්සෙ පස්සෙ මේ රේස් දිහා බලන් ඉදපු ඇමරිකාවේ සෙට් එකට මේ වාහනය ගැන ආසාවක් ඇති වෙනවා.මේ කාලෙ ආපු ග්‍රෑන්ඩ් ටොරිස්මෝ ගේම් එකේ (මේ ගේම් ටීම් එක තමා GTR එකේ කොන්සෝල් එක හදන්නෙ)එවෝ එක තියෙනවා.පාරේ දුවන සාමාන්‍ය වාහනයක් වගෙත් පාවිච්චි කරන්න පුලුවන් දොර හතරේ වාහනයක් පිට පිටම රේස් දිනද්දි ඇමරිකාවට මේ කාර් එක ඕන වෙනවා.පස්සේ එවෝ 8 එක ඇමරිකන් වර්ශන් එකක් එක්කම එලියට එනවා.❤ ඇමරිකාවට එවෝ viii FQ කියල special edition එකක් එනවා.මේක ටොප් ගියර් ප්‍රෝග්‍රම් එකේ ලැම්බෝගිනි මර්සිලාගෝ එකත් එක්ක කරට කර යනවා.මේ එක්කම එවෝ 9 එකත් එනවා.මේ වාහන ටෝකියෝ ඩ්‍රිෆ්ට් වගේ ෆිල්ම් වල ඉදන්ම ඉදිරියට එනවා.ඇමරිකාව ජපානය යුරෝපයේ හැම තකම එවෝ එක නම් දරන කාර් එකක් වෙනවා.
දිගටම මිට්සුබිශි මේ කාර් එකත් එක්කම අත් හදාබැලීම් කරනවා.එවෝ ix එකේ වැගන් එකක් පවා එනවා.පස්සෙ 2007දී එවෝ x එක එලියට එන්නෙ එවලූශන් කාර් එකේ අවසාන මතකය විදියට.
මිට්සුබිශි මෝටර් කෝපරේශන් එක මිට්සුබිශි සමාගමේ පොඩි කොටසක් විතරයි.ඒ නිසාම මේ වාහනය වෙනුවෙන් තවදුරත් සල්ලි වියදම් කරන්න සමාගම කැමති වෙන්නෙ නැහැ.ඒ නිසාම මේ නම්දරපු වාහනයේ production එක නවතාදමන්න තීරණය කරන්නෙ evo x එකේ final edition එක විදියට අවසා කාර් 200 නිර්මාණය කරමින්.evo x එකේ අවලූශන් හදවත වෙච්ච 4G63 එන්ජින් එක තිබුනෙත් නෑ,එවෝ ටෙන් එක ඩිසයින් කලෙත් යුරෝපයේ.2016 දී අවසාන කාර් දෙසීයත් එක්කම එවලූශන් නම ඉවර වෙනවා.
සමහරු කියනව නැවතත් මේක ලාන්සර් ක්‍රොස් ඕවර් එකක් විදියට එයි කියල.සමහරු කියනව ලාන්සර් එක වෙන නමකින් රැලි පදින්න එයි කියලත්.මිට්සුබිශි සමාගමෙන් එහෙම දෙයක් තාම කියල නෑ.
එවලූශන් සීරිස් එකට හැම වෙලේම ඉස්පයර් කරගත්තෙ සාමාන්‍ය ලාන්සර් එක.CK,CS,EX කියන්නෙ සාමාන්‍ය ලාන්සර් රෝඩ් කාර්.මේ වාහන අනුසාරයෙන්,ඒකේ Drive train එක එන්ජිම සස්පෙන්ශන් වෙනස් කරමින් තමා එවලූශන් එක හැදුවෙ.සාමාන්‍ය පව්ලක භාවිතයේදී ටර්බෝ එකක් ඕන නැති naturally aspired එන්ජිමක් තමා සාමාන්‍ය ලාන්සර් එකේ ආවේ.රැලි ආර්ට් (ralliart) කියන්නෙ මිට්සුබිශි ලගේ රේසින්ග් ඩිවලොප්මන්ට් එක.සමහර වෙලාවට මේවයෙත් ක්‍රොස් ඕවර් ආවා රැලි ආර්ට් එඩිශන් එකක් විදියට.ඒ කිව්වේ එවෝ එකක්ම නැතිඋනත් රැලි පදින්න රැලි ආර්ට් ලාන්සර් එක්ස්පරිමන්ට් කාර් හැදුවා.ඒවා ඉතිං production වාහන නෙමේ.
ඔන්න ඕකයි ලාන්සර් එවලූශන් එකේ අතීත කතාව.❤
✍️𝐀𝐫𝐭𝐢𝐜𝐥𝐞 𝐛𝐲 -𝐓𝐡𝐚𝐫𝐢𝐧𝐝𝐮 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 𝐊𝐨𝐭𝐡𝐚𝐥𝐚𝐰𝐚𝐥𝐚 -

𝐋𝐢𝐤𝐞 𝐭𝐡𝐞 𝐩𝐚𝐠𝐞 “𝐓𝐨𝐩𝐒𝐡𝐢𝐟𝐭 𝐒𝐋” 𝐚𝐧𝐝 𝐬𝐡𝐚𝐫𝐞 𝐭𝐡𝐞 𝐩𝐨𝐬𝐭♥️🤗

Want your business to be the top-listed Autos & Automotive Service in Peradeniya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Peradeniya