Hada Diri Ridma
14/01/2026
සමගි වනිතා බලවේගයේ 'වෘත්තීය පුහුණු ලේකම්වරිය' ලෙස අද දින මා පත් කරනු ලැබුවා. 🤝
මා කෙරෙහි විශ්වාසය තැබූ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු නායකත්වයට මගේ ස්තූතිය! රටේ කාන්තා පරපුර වෘත්තීයමය වශයෙන් සවිබල ගැන්වීමට මා උපරිමයෙන් කැපවෙමි.
ඔබ සැමගේ ආශිර්වාදය අපේක්ෂා කරමි! 🇱🇰
12/01/2026
ගෞරවනීය නායකතුමනි, ඔබතුමාට ජන්ම දින සුභාශිංසන! ඔබ පෙන්වන මාවතේ ජයග්‍රාහී හෙට දවසක් උදාකරලීමට අපි නොසැලී ඔබ සමඟ අත්වැල් බැඳ සිටිමු.
13/01/2025
ඔබ සැමට පිංබර දුරුතු පුර පසලොස්වක පොහෝ දිනයක් වේවා !
බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බවත් නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය.
එසේම බිමිබිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද අද වැනි දුරුතු පොහොය දිනයක දි බව බෞද්ධ පොත පතේ සදහන් වෙනවා.
Click here to claim your Sponsored Listing.
Website
Address
Pelmadulla