Know For Life

Know For Life

Share

02/07/2023

දාම් සහ චෙස්
ගමේ කෝපි කඩේ හා මළ ගෙවල් හා තදින් බැදී ඇති දාම් ක්‍රීඩාව ගැන නම් අපි හැමෝම වගේ දන්නවා .කවදා කෙලෙසක පටන් ගත්තා දැයි නොදන්නා නමුත් දාම් ලැල්ලේ ඇත්තේ සුදු-කළු කොටු සමුහයක්. සුදු-කළු එකම හැඩයේ ඉත්තන්ය .මෙම ක්‍රීඩාවේ ඉත්තන් ඉදිරියට යනවා විනා පසුපසට ඒමක් නැත .සෑම ඉත්තෙක්ගේම හැසිරීම එක සමානය .
ශේෂා නම් තැනැත්තෙකු විසින් ඉන්දියාවේදී ආරම්භ කලා යැයි සැලකෙන චෙස් ක්‍රීඩාව දාම් මෙන් නොවේ.සුදු-කළු කොටු 64 කින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් විවිධ නම් වලින් හදුන්වන ලබන ඉත්තන් 32 කින් මෙම ක්‍රීඩාව සමන්විතය .එක් එක් ඉත්තන්ගේ චලන විලාශයන් වෙනස්ය. ඉතාමත් වටිනා ඉත්තා රජු වුවත්,රජුටද ශාපයක් ඇත .අවාසනාවකට රජුට ගමන් කල හැක්කේ යාබද කොටුවට පමණයි. බලවත්ම ඉත්තා රැජින වන අතර, රැජිනට රුක් සහ බිෂොප් ගේ ක්‍රියාකාරකම් බද්ධව කොටු අතර ඕනෑම දුරක් ගමන් කලහැක .රුක් ,බිෂොප් හා නයිට්ට ඔවුන්ට ආවේනික ගමන් විලාශයක් ඇත.පළවෙනි සොල්දාදු ඉත්තට කොටු දෙකක් ගමන් කළහැකි වුවත්, ඉන්පසු ගමන් හැක්කේ එක කොටුවක් පමණි. මෙය හොදින් බැලුවොත් සමාජය නියෝජනය කරන බවක් පෙනේ.
දාම් ක්‍රීඩාවේදී ඉදිරියට යමින් කපා දැමිය හැකි පලවන අවස්ථාවේදීම තම ප්‍රතිවාදී ඉත්තා කපා හැරීම සිදුවේ.
නමුත් චෙස් ක්‍රීඩාවේදී එසේ නොවේ.
ඉදිරියට යාම, පසුබැසීම, පහර දිය හැකි විටදී වුවද පහර නොදීම, අවශ්‍ය විට තම ඉත්තන්ව බිලිදීම, අනෙකාගේ චලනයන් මනා ව නිරීක්ෂණයෙන් පසුව තම චලනයන් සැලසුම් කිරීම ආදී වශයෙන් බුද්ධිය මෙහෙයවා කරන ක්‍රිඩාවකි.
මනස ඉතාමත් හොදින් සන්සුන් කරගෙන ඉදිරි සැලසුම් සකස් කිරීමෙන් පමණක් චෙස් ක්‍රීඩාව ජයගත හැක.
අපි ජීවත්වීමේදී වැඩිපුර සිදුකරන්නේ දාම් ක්‍රීඩාව ය. නිසි ඉදිරි දැක්මක් ,ඉදිරි සැලසුම් නොමැතිව අනෙකාව පරාජය කිරීමේ චේතනාවෙන් ක්‍රියා කරයි.
නමුත්, චෙස් ක්‍රීඩාව තුලින් අපට අනෙකා නිරීක්ෂණය කිරීම,ඉවසීම ඒ අනුව සැලසුම් කිරීම ,වලක්වා ගැනීම, පසුබැසීම,නිසි තැන්හි පහර දීම , ආදී බොහෝ දේ ඉගෙන ගත හැක .
එම පාඩම ජිවිතයට බද්ධ කරගන්න .කටයුතු හොදින් සැලසුම් කර ඉවසීමෙන් අවශ්‍ය තැන්හි අවශ්‍ය පරිදි කටයුතු කරන්න .
ඔබ චෙස් ක්‍රීඩාවේ යෙදෙන කෙනෙක් නම්, එය සහතිකයකට හෝ වෙනත් ප්‍රතිලාභයක් වෙනුවෙන් නොව, චෙස් ක්‍රීඩාව කියා දෙන පාඩම් ප්‍රයෝජනයට ගෙන ජීවිතය ජයගන්න.
දැන් ඉතින් කලබල වෙලා චෙස් බෝඩ් සහ ඉත්තෝ පොත් ආදිය සොයා ගෙන චෙස් ක්‍රීඩාව ඉගෙනගන්න හදිසි වෙන්න එපා .හෙමිහිට ඉගෙනගන්න.
චෙස් ක්‍රීඩාව මත පදනම්ව චෙස් ක්‍රීඩාව බද්ධ කර ගත්ත, නවකතාවක් තියෙනවා "පර්සෝනා " කියලා. එක කියවලා බලන්න .පොතේ කතෘ කැලුම් වැලිගම මහතාගේ අවසරය මතයි මේ සටහන එකතු කලේ .

27/06/2023

බස් කතාව….!!!
අපි මේ කතාව පටන් ගමු, පිටකොටුව බස් ස්ටෑන්ඩ් එකෙන්. ඔයාල අකමැති නැහැනේ.
කැමති විදියට හිතා ගන්න මේ දෙන්නගේ ලිංගභේදය . දෙන්නෙක් බෑග් කරේ එල්ලගෙන එනවා පිටකොටුවට . මේ බෑග් වල තියෙනවා කොහෙහරි ගිහින් නවතින්න අවශ්‍ය අඩුම කුඩුම.
ස්ටෑන්ඩ් එකේදී හමුවීම අහම්බයක් නෙවි. මෙයාල ටික කලෙක ඉදලා එකිනෙක අදුනනවා.
එක්කෙනෙක් හිතාගෙන ඇවිත් තියෙන්නේ කතරගම යන්න .අනෙක ඇවිත් තියෙන්නේ අනුරාධපුරේ යන්න .
හම්බවෙලා මෙතන ඉන්නවා පැයක් විතර. ඒ අතරතුරේ පෙට්ටි කඩේකින් වඩේ කාලා ප්ලේන්ටි බොනවා.
හැබැයි.. මේ අය ආවේ මොකටද? යන්නේ කොහේටද? කියලා කතාවෙන්නේ නෑ .
මේ කාලය තුල වෙන වෙන වල්පල් කතාකරනවා .ඔතනට ආව අනුරාධපුරේ යන බස් එකක් .
කතාව පිටම නැග්ග දෙන්නම අනුරාධපුර බස් එකට,
එකම සිට් එකේ වාඩි වෙලා යනවා. තාම කතාව දැන් බස් එක යනවා. කතාව ටික ටික දියාරු වෙනවා.දැන් එකෙක් කවුළුවෙන් බලාගෙන නෑ.., ඔව්.., හ්ම්ම්… උත්තර දෙනවා . කතරගම යන්න ආපු එකා වටපිට බලනවා, පාර දෙපැත්තේ board කියවනවා .කටුනායක.., මීගමුව.., හලාවත…
දැන් කතරගම යන්න ආපු එකාට මතක් වෙනවා යන්න ආවේ කතරගම, ඒත්… මේ බස් එක යන්නේ අනුරාධපුරේ!! දැන් තමයි සිහිවෙන්නේ හරි පාරේ නොයන වග .

වට පිට සීට් වලට එබිලා බැලුවා ,ටෝක් එකක් දාලා සෙට් වෙන්න. එකෙක් වත් හිටියේ නැහැ ෆිට් වෙන පොරක්! හිටියා නම්, සෙට්වෙලා මගදී බහිනවා.
හොද වෙලාවට එහෙම එකෙක් හිටියේ නැහැ. ඒක නිසා ගමනේ ඉතිරි ටික ඉස්සරහ සීට් එකට ඔලුව තියාගෙන නිදා ගත්තා වෙන දෙයක් වෙයන්! කියලා.
ඒක බස් කතාවක් වුනාට, ඉතාමත් ප්‍රභල ලෙස සමාජයට/ පුද්ගලයින්ට සිදුවන ඛේදවාචකයක පසුබිම!!
මේ බස් ගමන හොදින් බලන්න .
ඔවුන් දෙදෙනා යා යුත්තේ කොහෙටද? කියා සාකච්ඡා කලේ නෑ .බස් එකට ගොඩවෙන්න කලින් සාකච්ඡා කරලා එකගතාවයකට එන්න තිබුනා යන්නේ කොහෙද..? කියලා. එක අයෙකුට තමන්ගේ ගමනාන්තය දෙදෙනා වෙනුවෙන් කැප කලයුතු වෙනවා .එහෙම නැත්නම් ගමනාන්ත දෙකම අතහැර දෙදෙනාම එකග විය හැකි ගමනාන්තයක් තෝරා ගතයුතු වෙනවා .එහෙම වුනා නම් ගමන පුරාම දෙදෙනාම කැමැත්තෙන් හා උද්යෝගයෙන් ඉන්නවා.
ඒ නිසා ගමන පටන්ගන්න කලින් පොදු එකගතාවයකට/ අරමුණකට නාභිගත වෙන්න .මම මේ කතාව එක එල්ලේම සම්බන්ධ කරන්නේ විවාහයට!
අපේ රටේ දික්කසාද වලින් අවසන් වන විවාහ මෙන්ම, අසතුටින් ඇදගෙන යන විවාහ තමයි වැඩි .ඉතාමත් අතලොස්සක් තමයි හොදින් ඉන්නේ . සතුටින් ජීවිතය ගෙවන්න නම් පොදු එකගතාවයකට එන්න.පොදු අරමුණකට වැඩ කරන්න. එහෙම නූනොත්,ඔවුන්ගේ උවමනාවක් නැතිව ඔබේ උවමනාවට ගෙන්නා ගන්න අහිංසක දරුවොත් පව් ගෙවනවා.හොදට හිතල බලන්න .

21/06/2023

රුපියල් 50
බොහොම අමාරුවෙන් දියුණු වුනු මුදලාලි කෙනෙක් හිටියා.එයාට අවුරුදු 20ක විතර පුතෙක් හිටියා.
දවසක් තාත්ත පුතාට කිව්වා.
“දැන් ඉතිං පුතේ උබ රස්සාවකට පලයන්” කියලා.පුතා “හොදයි” කිව්වා.පහුවදා රස්සාවකට යන්න ලෑස්ති වුණා.
දැන් වගේ නෙවෙයි, ආණ්ඩුවේ රස්සා හොයන්නේ නැහැ. පුද්ගලික සමාගම් නැහැ ,කුලී රස්සාවකින් තමයි පටන් ගන්න වෙන්නේ .
කොහොම හරි පහුවෙනිදා උදේ කොල්ල රස්සාවකට යන්න පිටත් වුණා. ඒ වෙලාවේ අම්මා ඇවිත් කොල්ලට බත් මුලකුයි රුපි:50කුයි දිලා කියනවා….,හැබැයි තාත්තාට හොරෙන්…!
“පුතේ උබ කොහෙට හරි වෙලා ඔය බත් මුල කාපන්,හවසට ගෙදර එනකොට මේ රුපි: 50ත් අරගෙන වරෙන්" .
අම්මලාගේ හැටි එහෙමනේ ..,කොල්ලා බත් මුලයි රු 50යි අරගෙන ගෙදරින් ගිහින් කොහේ හරි ඉන්න ඇති .
හවස ගෙදර එනකොට තාත්තා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවට වෙලා ඉන්නවා,තාත්තා කොල්ලගෙන් අහනවා ..,
"කෝ ? උබ හම්බ කල සල්ලි" කියලා .
පුතා අතේ තිබුණු රුපි:50 තාත්තට දුන්නා ,තාත්ත රුපි:50 ගුලිකරලා ඈතට විසිකළා ,පුතා හිනාවෙවී ගේ ඇතුළට ගියා.
ඔය විදිහට දින සති ,මාස කීපයක් ගත වුනා.ඔය අතරේ අම්මට අසනීප වෙලා රෝහලක නැවැත්තුවා ,පහුවදා කොල්ලා වැඩට නොගිහින් ඇඹරෙනවා ,ඒක දැකපු තාත්තා කියනවා.
" උබ වැඩට පලයන්, මන් යන්නම් අම්මව බලන්න"
දැන් කට උත්තර නැහැ ,කොල්ලට යන්නම වෙනවා ,අද බත් මුලයි, රුපි:50යි, නැහැ. කොල්ලා වැඩට ගියා .
කොල්ලට එදා නම් රස්සාවක් කරන්නම වුණා,හෝටලේක පොඩි රස්සාවක්.දර පැලුව,වලං ,පිගන් හේදුවා ,වතුර ඇද්ද.
කොල්ලට දවල් කෑම හෝටලෙන් ලැබුණා .ගෙදර එන්න කළින් හෝටලේ මුදලාලි රුපි:50ක් දුන්නා.ඒ තමයි එදා දවසේ කුලිය!
ගෙදර එනකොට තාත්තා වෙනදා වගේම ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ හිටියා.එදත් පුරුදු ප්‍රශ්ණයම ,
”කෝ ..? උබ හම්බකළ සල්ලි”
කොල්ලා අතේ තිබුණු රුපි:50 දුන්නා .තාත්තා වෙනදා වගේම රුපි:50 ගුලි කරලා විසිකලා .එදා,,පුතා දුවලා ගිහින් රුපි:50 අහුලාගෙන ආවා .
තාත්තා හිනාවෙලා කියනවා "පුතේ අද තමයි උබ රු 50ක් හම්බ කල දවස ",
කොල්ලට සල්ලි ගැන ආදරයක් ඇති වුනේ තමන්ම මහන්සියෙන් හම්බකළ නිසා ..
මේක කතාවක් විතරයිනේ....
අපි බලමු පහත කරුණු එක්ක මේක ගලපලා .
චොක්ලට් කඩේක ආත්තම්මා කෙනෙක් කියපු කතාවක්!
සමහර ළමයි ඉන්නවලු,රුපියල් හාරපන්දහා ,විසි තිස්දහා වටිනා චොක්ලට් අඩංගු තෑගී පාර්සල් තමන්ගේ හිතවතාට හෝ හිතවතියට තෑගී දෙන්න අරන් යන.
තව එකක් මම දන්නා අවුරුදු 25 ක ගැහැණු ළමයෙක් ඉන්නවා ,එයාට රැකියාවක් හම්බවෙනවා රුපි: 45000/= වැටුප් ලැබෙන .එයා ගෙදරින් ඉල්ලනවා වැඩට යන්න කාර් එකක්, මාසික කුළිය රුපි:215000/=,
තව මම දන්නා කෙනෙක් ඉන්නවා එයාගේ දුවලා වැඩට යන්නේ කොළඹ .තාත්තා හැම දාම වාහනෙන් බස් නැවතුම් පොලට ගිහින් දානවා ,එයාලා ඉන්ටර්සිටි බස් එහෙක නැගලා යනවා ,හවසට ආපහු බස් නැවතුම්පලට තාත්තා ගිහින් එක්කන් එනවා.එයාලට ලැබෙන වැටුප වියදම් කරන්න දෙන්නෙත් නැහැ.ඒක නරක දෙයක් නෙවෙයි!
හරි... ඒ කතා එතනින් ඉවරයි...
මේ දේවල් වලට වග කියන්න ඕනේ කවුද ...?
උත්තරය…. දෙමව්පියන් ....
දෙමව්පියන් සෑම විටම හිතනවා තමන්ට නොලැබුණ දේ දරුවන්ට දිය යුතුයි කියා.
දෙමව්පියෝ දරුවන්ට දැනෙන්න ඉඩ තියන්නේ නැහැ මුදල් ඉපයිමේ අපහසුව.
එසේ කිරීම නිසා දරුවන් තුල ගොඩ නැගෙන මමත්වය සහ ආඩම්බරය ,
තමන්ට නොගැළපෙන මුල්‍ය ශක්තින් ඇති කණ්ඩායම් ඇසුරු කිරීම,
මුදල් පරිහරණය ගැන දැනුවත් නොකිරීම,
අපේ සමාජයේ වැඩිහරියක් දරුවන් අයිති වෙන්නේ මේ කියන කාණ්ඩයන්ටය.
නමුත් මිට වෙනස් දරුවනුත් ඉන්නවා.
නගරයක ප්‍රසිද්ධ වෙලදසැලක අයිතිකරුගේ දරුවා .....
වෙළද සැල අයිතිකරුගේ විදුලි නඩත්තුව සදහා මා දන්නා අයකු ගියා.එයා වැඩ ඉවරවෙලා නියනක් බෑග් එකට දාන්න කලින් insulation tape ඔතලා තියෙනවා නියන් තුඩේ ,ඒක දැකපු අර දරුවා පොඩි කාඩ්බෝඩ් කෑල්ලකුයි නුලකුයි දුන්නලු තුඩට ගැටගහන්න කියලා.ටේප් එක අපරාදේ කිව්වලු .
ඊලගට මට චොක්ලට් කතා කියපු අත්තම්මගේ පොඩි පුතාගේ තමයි චොක්ලට් කඩේ .එයාට ඉන්නවා මොන්ටිසෝරි යන පොඩි පුතෙක්.එයා චොක්ලට් කඩේට යනවා .හැබැයි චොක්ලට් සල්ලි වලට අරන් දුන්නේ නැත්නම් කන්නේ නැහැ.
තව එකක්.... අපේ තැඹිලි කපන්න එන කෙනා සති අන්ත වලදී පුතාවත් එක්කන් එනවා .ඒ පුතා තාත්තට සති අන්තයේදී උදව් කරනවා .
එහෙම දරුවෝ කණ්ඩායමකුත් ඉන්නවා .
අපි හදන්න ඕනේ,අපිට අවශ්‍ය දෙවන කාණ්ඩයට අයත් දරුවන්ය ..
ආදරණිය ඉල්ලීම .....!!
දරුවන්ට මුදල් ඉපයීමට ඇති අපහසුව,මුදලේ ඇති වටිනාකම,මුදල් පරිහරණය ගැන උගන්වන්න.,දැනෙන්න අරින්න,එහෙම නොකලොත් එය දරුවන්ට කරන හතුරුකමකි.

Want your school to be the top-listed School/college in Panadura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


708/1, Galle Road, Nalluruwa
Panadura
12500