Lakruwan Fish Farm

Lakruwan Fish Farm

Share

14/07/2026

මියගිය බන්ධනාගර නිලධාරී සන්දිකගේ ලෙයින් තෙත් වූ අවසන් පැතුම—"රටක් එකතු වී මගේ පැටියාව බේරගන්න!"

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ම්ලේච්ඡ රැඳවියන්ගේ ප්‍රහාරයට ලක්ව, දින කිහිපයක් පුරා දැඩි සත්කාර ඒකකයේ (ICU) ජීවිතයත් මරණයත් අතර දැවැන්ත සටනක නිරතව සිටි අපේම ආදරණීය මිත්‍රයෙකු වන, අම්බලන්තොට පලාගහගොඩැල්ලේ පදිංචිව සිටි පී. ඩී. සන්දික ලෂාන් ගුණවර්ධන මහතා ඊයේ දින අප සැමගෙන් සදහටම සමුගෙන තිබේ. රාජකාරිය දේවත්වයෙන් සලකා මෘග සිරකරුවන්ගේ යකඩ මුගුරු සහ ප්‍රහාර හමුවේ නොබියව නැගී සිටි ඒ වීරෝදාර නිලධාරියා, අවසානයේ මාරයා සමඟ කළ සටනින් පරාජය වී අවසන් හුස්ම හෙළා ඇත්තේ මුළු රටම කඳුළු සාගරයක ගිල්වමිනි.

සන්දිකගේ මරණය හුදෙක් තවත් එක් රාජකාරි මරණයක් පමණක් නොවේ; එය පිටුපස ඇති ඇඟ කිලිපොලා යන සැබෑ ශෝකාන්තය අසන ඕනෑම මනුෂ්‍යයෙකුගේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරවයි.

මියයන මොහොතේත් සන්දිකගේ හිත දැවූ ඒ රුදුරු රහස!

සන්දික දැඩි සත්කාර ඒකකයේ ජීවිතය යදිමින් සිටින විට, ඔහුගේ නිවසේ තවත් දැවැන්ත ඛේදවාචකයක් ලියවෙමින් තිබුණි. ඒ, ඔහුගේ ආදරණීය කුඩා පුතු ජීවිතය බේරාගැනීම සඳහා හෘද සැත්කමකට මුහුණ දීමට සූදානම්ව සිටීමයි. සන්දිකට රාජකාරියේදී මෘග රැඳවියන් පහරදෙන විටත්, ඔහුගේ හිත පුරා දුවන්නට ඇත්තේ රෝහල් ඇඳක් මත මරණය අභියස සිටින තම පුංචි පුතුගේ මුහුණ වන්නට ඇත.

තම දරුවාගේ හදවත් සැත්කම සඳහා රුපියල් ලක්ෂ 40 ක (4,000,000)දැවැන්ත මුදලක් සන්දිකට අවශ්‍යව තිබුණි. සාමාන්‍ය බන්ධනාගාර නිලධාරියෙකු ලෙස රාජකාරි කරමින්, දහඩිය මහන්සියෙන් දරුවාගේ ජීවිතය රැකගැනීමට මුදල් සොයමින් සිටි ඒ අහිංසක පියාට, තමන් උපයාගත් ලෙයින් සහ කඳුළින් පවා ඒ මුදල සපයා ගැනීමට නොහැකි විය. අවසානයේ දරුවාට සතයකවත් පිහිටක් වීමට ඉඩ නොතබා, ඒ ආදරණීය පියාගේ ජීවිතය බන්ධනාගාර පවුර ඇතුළතදී දරුණු ලෙස උදුරා ගැනුණි.

රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකුගේ අවසන් පැතුම ඉටු කරන්නට, මියගිය සන්දික වෙනුවෙන් සමස්ත ලාංකේය ජනතාවට කල හැකි ලොකුම උපහාරය මෙයයි.

අද සන්දික අප අතර නැත. ඔහු රට වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කළේය. ඔහු අද නිසල දේහයක්ව පෙට්ටියක් තුළ සැතපී සිටියත්, ඔහුගේ ආත්මය තවමත් හඬා වැටෙමින් අපෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි. ඒ, "මම නැති ලෝකයේ මගේ අහිංසක දරුවාව මියයන්නට නොදී බේරා දෙන්න" යන්නයි.

දැන් වගකීම ඇත්තේ අප සතුවය. මේ රටේ වගකීමක් ඇති, හදවතක් ඇති මිනිසුනි... දේශපාලනඥයන් සහ බලධාරීන් මේවා මඟහැර ගියද , මනුෂ්‍යත්වය අගයන පොදු ජනතාව ලෙස අප සන්දිකගේ පුතු වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. සන්දිකගේ පුතුගේ හෘද සැත්කමට අවශ්‍ය රුපියල් ලක්ෂ 40 ක මුදල සොයා ගැනීම සඳහා අප සැවොම එකම පවුලක් ලෙස එකතු විය යුතුය.

ඔබ දෙන රුපියල් සීයක, දෙසීයක හෝ දහසක පුංචි ආධාරය, රට වෙනුවෙන් දිවි පිදූ ඒ වීරයාගේ දරුවාට ජීවත් වීමට ලැබෙන නව හුස්ම පොදක් වනු ඇත. අපි එකතු වෙමු! රට වෙනුවෙන් පපුව දුන් පියෙකුගේ දරුවෙකුට හෘද සැත්කම සාර්ථක කරගන්නට අපේ උපරිමයෙන් උර දෙමු!

සම්පත් දිල්ලිමුණි ✍️

ඔබේ කාරුණික මූල්‍යමය පරිත්‍යාගයන් පහත සඳහන් නිල බැංකු ගිණුමට බැර කළ හැක:
බැංකුව: ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB)

ගිණුම් හිමියා: D. ලියනපටබැඳි (D. Liyanapatabendi)

විමසීම් සඳහා දුරකථන අංකය: 📞 076-8015399

"ඔබ දෙන රුපියල් 100, 200, 500 හෝ 1000 ක පුංචි ආධාරය, පියෙකු අහිමි වූ ඒ පුංචි පැටියාගේ හද ගැස්ම නතර වෙන්න නොදී රැකගන්නා මහා පින්කමක් වනු ඇත."

13/07/2026
12/07/2026

Platy Bubmle Bee...

11/07/2026

Guppy Endler Silverado Black.......
Exclusively from Lakruwan Fish Farm

Want your establishment to be the top-listed Arts & Entertainment in Padukka?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 368 H, Kotugodalla Road, Galagedara
Padukka
10500