Negombo Scouts

Negombo Scouts

Share

Photos from Negombo Scouts's post 24/02/2026

මීගමුව දිසා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ ශ්‍රීමත් බේඩන් පවල් සාමිවරයාගේ 169 වන ජන්ම දින සැමරුම, 2026 පෙබරවාරි 22 වන දින මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය.

මෙම සැමරුම් උත්සවය මාරිස්ටෙලා විද්‍යාලයීය ගරු සුනන්ද අල්විස් විදුහල්පති සහෝදරතුමාගේද, ගරු මීගමුව දිසා කොමසාරිස් (වැඩ ආවරණ) අනිල් දේවින්ද විජේකෝන් මහතාගේද ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

බාලදක්ෂ, මුහුදු බාලදක්ෂ සහ ගුවන් බාලදක්ෂ යන අංශ තුනම නියෝජනය කරමින්, සිගිති, පොතක, බාලදක්ෂ හා මානවක අංශවලින් බාලදක්ෂයන් 150 කට අධික සංඛ්‍යාවක් සහ බාලදක්ෂ ගුරු මහත්ම මහත්මීන් මෙම උත්සවයට සහභාගි වීම මෙහි විශේෂත්වයක් විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මාරිස්ටෙලා විද්‍යාලය විසින් පූර්ණ දායකත්වයක් ලබා දී තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

සැමරුම් වැඩසටහන සංවිධානය කිරීම් සදහා සහය දිසා කොමසාරිස් (වැඩසටහන්) සුරේනි ජයසූරිය මහත්මිය, මාරිස්ටෙලා විද්‍යාලයේ සහයෝගය, අනෙකුත් සහය දිසා කොමසාරිස් මහත්ම මහත්මීන්ගේද, බාලදක්ෂ නායක මහත්ම මහත්මීන්ගේ ද, දිසා සංගමයේ නිළධාරීන්ගේද සක්‍රීය සහාය මෙම අවස්ථාව සාර්ථක කර ගැනීමට මහත් සුවිශේෂීව දායක විය.

Want your business to be the top-listed Gym/sports Facility in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Negombo
11500

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00