Friday

Friday

Share

25/11/2022

පාට කිහිපයක්ම පහත පින්තුරයෙන් ඔයාට පේන්න තිබුනට අද මම කතා කරන්න යන්නේ එකම එක පාටක් ගැන.
ඕනම වර්ගයක පාට පෙට්ටියක් ඇතුලෙ තියන සුදු පාට ගැන.මං දවසක් පෝස්ට් එකක් දැක්කා මෙන්න මෙහෙම "මාත් හරියට පාට පෙට්ටියෙ ඉන්න සුදු පාට චෝක් එක වගේ...කාටත් වැඩකුත් නෑ..ඒත් පාට පෙට්ටියට වෙලා ඔහේ ඉන්නවා කියලා..."
ඔව් සුදු වර්ණය පාට පෙට්ටියක තිබ්බට ලොකුවට සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න වෙන්නෙ නෑ තමා.මොකද සුදු පාටට කරන්න පුලුවන් මොනාද කියන එක ගැන හැමෝටම අදහසක් නෑ...
මං මෙහෙම කියන්නම්... සුදු වර්ණය...හැම පාට පෙට්ටියකම අඩුවෙන්ම භාවිතා කරන වර්ණය...ඒත් මේ සුදු පාට එකතු කලාම ඕනම පාටක් ලා පාටක් කරන්න පුලුවන්...එතකොට ඕනම තද පාට පසුබිමක ඕන කෙනෙක්ට අදුරගන්න පුලුවන් විදිහට කැපී පේන්න පුලුවන් සුවිශේෂත්වයක් මේ සුදු පාටට තියනවා....හරිම අඩුවෙන් තමා පාවිච්චියට ගන්නෙ....ඒත් ඕනම වෙලාවෙදි සුදුපාට නැති උනොත් ඕනම දක්ශ සිත්තරෙක්ට උනත් එයාගෙ දක්ශකම පෙන්නන්න බැරි වෙන්න පුලුවන්...

ඉතින් මං මෙච්චර වෙලා පාට පෙට්ටියක් ඇදගෙන සුදු පාට ගැන කිව්වෙ හේතුවක් තියන නිසා.අපි මේ සුදු පාට අපේ ජීවිතේට සමාන කර ගමු...
ජීවිතේ එක එක කාලවලදි අපිට එක එක අය හම්බෙනවා...ඒ අයට ඒ අයගෙ චිත්‍ර පාට කරන්න සුදු පාට අවශ්‍ය නොවෙන්න පුලුවන්.ඒත් එක පාරටම තද රතු පාට රෝස කර ගන්න ඕන උනොත්?? එහෙමත් නැත්නම් කලු පාට අලු පාට කර ගන්න ඕන උනොත්??
එහෙමත් නැත්නම් අමාරුවෙන් ඇදපු චිත්‍රයකට ලස්සන සුදු පාට හැඩයක් එකතු කරන්න ඕන උනොත්.. ඉතින් මේ වගේ ගොඩක් කාරනා වලදි පාට පෙට්ටියෙ තියන එක පාටක් වත් සත පහකට උවමනා නැති වෙන්න පුලුවන්....
ඒත් කවදාවත් කව්රුත් වැඩිය පාවිච්චි නොකරන සුදු පාටට ඒ චිත්‍රයට ලොකූ සාධාරණයක් කරන්න පුලුවන් වෙන්න පුලුවන්...හොදම කාරණාව පාට පෙට්ටියෙ තියන ඕනම පාටක් හදන්න පුලුවන් පාට කිහිපයක් මිශ්‍ර කරලා...ඒත් අපිට කවදාවත් සුදු වර්ණය හදන්න බෑ.

ඉතින් ඔයාත් සුදු පාට චෝක් කෑල්ල වගේ පුද්ගලයෙක් වෙන්න.වැඩිය කාටවත් හයිලයිට් නොවෙන,ඒත් අවශ්‍යතාවයට වෙන ආදේශක නැති,පාට පෙට්ටියෙ තියන මොන පාට පාවිච්චි කරත් හදා ගන්න බැරි සුදු පාට වගේ වෙන්න...ඔබ වෙනුවට යොදන්න ආදේශකයක් හොයාගන්න බැරි විදිහෙ විරල පුද්ගලයෙක් වෙන්න.. සුදු පාට වගේ දැක්ක ගමන් කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් පුද්ගලයෙක් වෙන්න.පාට පෙට්ටියෙ ඔහේ තනි වෙලා උන්නට කවදාවත් තමන්ගෙ වටිනාකම අඩු නොවෙන පුද්ගලයෙක් වෙන්න.පාට පෙට්ටියෙ තියන අනිත් පාට වගේ ඉක්මනින් ඉවර වෙලා නොයන දවසින් දවස වටිනාකම වැඩි වෙන වටිනා ජීවිතයකට අයිතිකාරයෙක් වෙන්න... ❤



www.facebook.com/fridayemo
අපිත් එක්ක එකතු වෙලා ඔබේ නිදහස් සිතුවිලි බෙදාගන්න..!

N

Photos from Friday's post 03/11/2022

Minimal Sri Lanka Series
Second update 🖤🖼️👇🏻

Make your walls Alive and gift your travel buddies to remember lovely memos with customized and personalized artworks.

These artworks are minimalist arts done with digital illustration and Printed versions are available to deliver island-wide.

With frame - Available sizes in inches;

5 x 7
8 x 12
12 x 18
16 x 24

Contact us for more available sizes and customize your artwork.

Note: Shipping and delivery charges are not included in the price.
Contact for more details and customized sizes.

Place your orders through WhatsApp and Messenger

Cash on delivery available.

please contact for more:
+94 720 342 242
Gallery Alive

24/07/2022

Your Best is never Pre Defined. The Challenge you make to yourself always define your true capability. Challenge your self in big hight..!

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Negombo
11500