Bookrack Publishers

Bookrack Publishers

Share

08/07/2025

1925 සහ 1932 මෙන්ම අසහාරා හරහා හරහා පාඨක ආදරය දිනාගත් නව පරපුරේ ජනප්‍රිය නවකතාකරු ඉමේෂ් මධුශංක යාපාගේ නවතම ස්වතන්ත්‍ර නවකතාව

ෆියුරර් - FUHRER
සාමාන්‍ය කවර පිටපත් සදහා පෙර ඇනවුම්.
ප්‍රවාහන ගාස්තු අය කෙරේ
--------------------------------------------
කෘතිය පිළිබඳ කෙටියෙන්

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී ජර්මානු තරුණියක් පැහැරගෙන යෑමේ සිදුවීමක් පිළිබඳ පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ එයට සැකපිට ශ්‍රී ලංකා බුද්ධි අංශයට අනුබද්ධ ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වන කර්නල් රංග ජයවර්ධන අත්අඩංගුවට ගනු ලබයි. කර්නල්වරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව රහසිගත ස්ථානයක රඳවා තබන්නේ ඔහුට එරෙහිව ඇති සාක්ෂි ඉතා ප්‍රබල වූ බැවිනි.

ජර්මානු බුද්ධි අංශ නිලධාරිනියක් බව පසුව අනාවරණය වන එම තරුණියගේ අතුරුදන් වීමත් සමඟින් ඇරඹෙන පැටළිලි සහගත සිදුවීම් දාමය පරීක්ෂණ නිලධාරීන් කිසිසේත්ම අපේක්ෂා නොකළ ඉසව්වකට ඇදී යයි. තත්වය වඩාත් සංකීර්ණ අවස්ථාවකට පත්වන්නේ කර්නල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන අතරතුර නාඳුනන පිරිසක් විසින් පැහැර ගැනීමත් සමඟිනි.

සිය තරුණ දිවිය දේශයේ ස්වෛරීභාවය වෙනුවෙන් කැපකරමින් සතුරන් හා යුධ වැදෙමින් තනිකඩ දිවියක් ගත කළ කර්නල් රංගගේ සිත සොරා ගැනීමට සමත් වූ ලතින් අමෙරිකානු රූමතිය කවරෙක්ද?

අලුත් අවුරුදු උදාවේ චන්ද්‍රිකා වැව් ඉස්මත්තේදී විදේශිකයන් පිරිසක් විසින් ඝාතනය කරන ලද නාඳුනන තරුණිය ඇයමද?

කර්නල් රංග අතුරුදන් වීමෙන් පසුව TAIB ඒජන්ත මොහොමඩ් රිස්වාන්ව හමුවීමට පැමිණි හිජාබයක් පැළඳ සිටි තුර්කි ජාතික රූමතිය කවරෙක්ද? කර්නල්වරයා පැහැරගැනීම සහ ඇය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?

ජර්මානු තරුණිය අතුරුදන්වීමේ සිදුවීම පසුපස හඹා යන බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම මෙවරද හෙළිදරව් කරගන්නේ අති බිහිසුණු රහසකි.

ලෝක ඉතිහාසයට කිසිදා නොමැකෙන අඳුරු පැල්ලමක් එකතු කළ වියරු ඒකාධිපතියෙකුගේ මූලයන් හා බැඳුණු බිහිසුණු කුමන්ත්‍රණයක් පැරදවීමට තම ජීවිතය පරදුවට තබමින් ලොව වටා සැරිසරන බුද්ධි නිලධාරීන්ගේ වෑයම සාර්ථක වේද?

මානව ආචාරධර්ම සියල්ල පසෙකලා තම බිහිසුණු පර්යේෂණ සඳහා අසරණ මිනිසුන් යොදාගත් මරණයේ දේවදූතයාගේ මිලේච්ජ පර්යේෂණය සාර්ථක වේද?

අසහාරා කෘතියෙන් ඔබ හඳුනාගත් විශේෂ බුද්ධි අංශ නිලධාරී කර්නල් රංග ජයවර්ධනගේ දෙවැනි වික්‍රමාන්විත මෙහෙයුම…

👉 වට්ටම් රහිත මිල - 2000.00
👉 වට්ටම් සහිත මිල - 1600.00

👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය ජුලී මස 27 න් පසු

☄️ පිටු 460 යි.
☄️ ප්‍රවාහන ගාස්තු අය කෙරේ

📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් පිටුවට පණිවිඩයක් යොමු කරන්න.

📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.

https://bookrack.lk/product/fuhrer/

වට්සැප් හරහා ඇණවුම් කිරිමට;

1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)

WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න

🛑 This is a fictional story that strongly opposes fascism and totalitarianism.
🛑 Packed with suspense, action, and a deep warning from history.

‼️

01/05/2025

වසර 6 ක් පුරා පරිවර්තන, නවකතා, යොවුන් නවකතා ඇතුළු තවත් විවිධාකාර නවතම කෘතීන් ශ්‍රී ලාංකීය සාහිත්‍යයට දායාද කරමින් Bookrack Publishers නාමයෙන් පොත් ප්‍රකාශනයේ නිරත වූ අප ආයතනය, මෙතැන් සිට Bookrack (Pvt) Ltd ලෙසින් යාවත්කාලීන වූ බව සතුටින් දැනුම් දෙන්නෙමු.
ඒ අනුව අද සිට අප ආයතනයෙන් වෙළඳපලට නිකුත් වන කෘති Bookrack (Pvt) Ltd යන නාමය යටතේ ප්‍රකාශයට පත් වන බවත් ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු.
මේ නවතම වෙනසත් සමගින්, Bookrack (Pvt) Ltd නව නාමය සහිතව අප ආයතනය විසින් පාඨක ඔබ වෙතට රැගෙන එනු ලබන පලමු කෘතිය;
ජනප්‍රිය පරිවර්තිකා, නිලන්ති එදිරිවිර මහත්මිය විසින් පරිවර්තිත, ANNE FRASIER ගේ FIND ME කෘතියේ සිංහල පරිවර්තනයයි.
👉 පෙර ඇණවුම් ලබා ගැනීම 2025 මැයි මස 08 වෙනිදා දක්වා පමණි.
👉 පෙර ඇණවුම් බෙදා හැරීමේ අපේක්ෂිත දිනය මැයි මස 12 වෙනි දින.
🌸 පිටු 368 යි.
🌸 මුද්‍රිත මිල රු. 1,980.00
🌸 වට්ටම් මිල රු. 1,580.00
📚ඇණවුම් කිරීමට Bookrack.lk ෆේස් බුක් මෙම පිටුවට පණිවිඩයක් යොමු කරන්න.
📚නැතිනම් Bookrack.lk වෙබ් අඩවිය හරහා පහත සබැඳියෙන් ඇණවුම් කරන්න.
https://bookrack.lk/product/find-me/
• පිටු කිහිපයක් කියවීම සඳහා පිවිසෙන්න
https://m.facebook.com/story.php?story_fbid=1120649986755895&id=100064327134595
වට්සැප් හරහා ඇණවුම් කිරිමට;
1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit/ Card Payment)
4. අවශ්‍ය පොත්වල නම් (මේ සමග තව පොත් අවශ්‍ය නම්)
WhatsApp (https://wa.me/94761074191) වෙත පණිවිඩයක් යොමු කරන්න
කෘතිය පිළිබඳ ව කෙටියෙන් :
කැතී දැරිය ඉදිරියේ බිමට පහත් වූවාය. “ඔයා අතරමං වෙලා ද?”
අවුරුදු පහක හෝ හයක පෙනුමක් තිබුණු දැරිවිය නාසය ඉහළට ඇද සිය පිටි අත්ලෙන් නාසය පිසදා ගත්තාය.
“ඔයාට පුළුවන් ද මට අම්මාව හොයාගන්න උදව් කරන්න?”
දැරිවිය මාවතෙන් ඔබ්බට අත දිගු කළාය.
“එයා ගියේ අර පැත්තට.”
“අපි එයාව හොයාගමු.”
“අපට ඒක කරන්න බැරි වුණොත් අපට ඔයාගේ ගෙදරට යන්න පුළුවන් ද?”
මෙතරම් ළාබාල දරුවෙකුට නොගැලපෙන තරම් අමුතු වචන. “අනිවාර්යෙන්. ඔයාගේ නම මොකක්ද?”
“මට ඒක කියන්න බෑ.”
“ඇයි බැරි?”
“නම් කියන්නේ සෙල්ලමේ කොටසක් නෙවෙයි. එහෙම නේද?”
“මොන සෙල්ලමේ ද?”
“සෙල්ලම. අපි කරන සෙල්ලම.”
කොතැනක හෝ සිටි පිරිමි අයෙකුගේ කටහඬක් කෑ ගැසුවේය.
“දුවන්න!”
දැරිය දිව ගියාය.

25/11/2022

2022 වසරේ ප්‍රකාශයට පත් කල කෘති

* කාලය ඉඳුරා පවසාවී
* පියාගේ පාපයෝ
* භස්මාවශේෂ
* භීම ප්‍රේම
* වියරු ඝාතක
* ඝාතකයාගේ අසිපත
* වීදුරු සිහසුන
* ?
* ?
* ?
* ?

Photos from Bookrack Publishers's post 14/11/2022

බුක්රැක් කියන්නේ සම්භාව්‍ය ගණයේ ප්‍රකාශන ආයතනයක්වත් මුදල් මත විතරක්ම පදනම් කරගෙන කරගෙන පවත්වාගෙන යන ආයතනයක් නොවන නිසා,
හැම වේලේම අලුත්ම දේවල් අත්හදා බලන්න උත්සාහ කරන්නේ ආර්ථික වාසියක් නොලැබුණත් එයින් අපට ආත්ම තෘප්තියක් වගේම ප්‍රකාශන ක්ෂේත්‍රයට යම් පමණකින් දෙයක් කිරිමේ බලාපොරොත්තුවෙන්....

2022 වසරේ අප අපගේ සංවත්සර මොහොතේ අප ඔබට තිළිණ කරන්නේ අන්තර්ජාතික මට්ටමේ ප්‍රකාශන ආයතන වලට තරගකළ හැකි අන්දමේ වෙබ් අඩවියක්.

මොනවාද මේකේ තියන විශේෂත්වය

💥බොහොමයක් ප්‍රකාශන ආයතන වල වෙබ් අඩවිය දැන් කෙලින්ම අන්තර්ජාල පොත් අලෙවි කරන වෙබ් අඩවියක් විතරක් වෙලා. සියළු ප්‍රකාශන ආයතන වල පොත් ඇතුලත්ව
බුක් රැක් ප්‍රකාශන ආයතනයේ වෙබ් අඩවියේ ඇතුලත් වෙන්නේ බුක් රැක් ප්‍රකාශන විතරයි..

💥මෑත කාලයේ අපි මුහුණ දුන්න අත්දැකිමක් හේතුවෙන්, ප්‍රකාශන හිමිකම් අදාල ආයතන සමග ගිවිසුම් ගත වෙලා ලබා ගත්තත් අනෙක් ලංකාවේ ප්‍රකාශන ආයතන ඒ පිළිබඳ දැනුවත් වෙන්න තියන ඉඩ කඩ සීමාසහිත නිසා යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා ඒවා වලක්වා ගැනීමට අවසරලත් පරිවර්තන වල ඉදිරි නිකුත් වන පොත් ගැන විස්තර

💥අප සමග මෙතෙක් වැඩ කරලා තියන ලේඛක ලේඛිකාවන් පිළිබඳ විස්තර

💥ඉදිරියේදි බුක් රැක් ප්‍රකාශන නිකුත් වෙන දින සටහන

💥ප්‍රකාශන ක්ෂේත්‍රයේදි මෙතෙක් හා ඉදිරියට සේවා ලබා ගත් හා ගැනිමට බලාපොරොත්තු වන ආයතන හා පුද්ගලයන්

💥බුක් රැක් ප්‍රකාශන වට්ටම් සහිතව මිලට ගැනිමේ හැකියාව මෙන්ම තොග වෙ⁣ළෙද නියෝජිතයන්ට අන්තර්ජාලය හරහාම ඇණවුම් යොමු කිරිමේ හැකියාව අදාල වට්ටම් සහිතව

💥නවතම කෘති ප්‍රකාශයට පත් කරගැනිමට අදාළ පහසුකම් හා ක්‍රියා පිළිවෙල

ඇතුළු බොහොමයක් මෙතෙක් ලංකාවේ කිසිම ප්‍රකාශන සමාගමක නොමැති පහසුකම් සහිත වෙබ් අඩවියක් මෙන්ම ලෝකයේ බොහොමයක් ප්‍රකාශන සමාගම් වල ඇති හා නැති පහසුකම් වලින් සමන්විත මෙම වෙබ් අඩවියට ඔබට දැන් සිට පිවිසිය හැක....

(පරීගණකයකින් බලන්න පුළුවන් නම් වඩාත් හොදයි)

https://bookrackpublishers.com

15/09/2022

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2022

නවතම Bookrack ප්‍රකාශන හා මෙතෙක් Bookrack වෙතින් ප්‍රකාශයට පත් කෘති වට්ටම් සහිතව පහත වෙළද කුටි වලින් මිලදි ගත හැක..

❤️සරසවි ප්‍රකාශකයෝ - D Hall
❤️ආශිර්වාද ප්‍රකාශකයෝ - G Hall – 234-236 , 263-265
❤️සමයවර්ධන පොත් හල - B Hall – 121 , 122, 131
❤️වාසනා ප්‍රකාශකයෝ - G Hall – 237-239 , 260-262
❤️ප්‍රතිභා ප්‍රකාශන - G Hall – 198 -199
❤️තාරා ප්‍රකාශන - C 146 -147
❤️සමුද්‍ර Book Shop - A Hall – 4-9
❤️නිමන්සා ප්‍රකාශන - G Hall - 224
❤️අසේලියා ප්‍රකාශන - C Hall -149
❤️CK මිඩියා - D Hall - 172
❤️නිශාන්ත ප්‍රකාශන - G 196
❤️සුනෙර ප්‍රකාශකයෝ - G 225

Want your business to be the top-listed Media Company in Nawala?
Click here to claim your Sponsored Listing.

Category

Address


No 331/1A 2/1
Nawala
11222

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 14:30
Sunday 09:00 - 18:00