Askfromkc
06/01/2021
සිරි ලංකන් ලෝජීක් - කන හරහා මොළයට
කට්ටිය ටිපර් වෙන්න එපා හැමදාම දකින සිද්දි ටිකක් මෙහෙම කියන්න හිතුනා...පෝස්ට් එක share කරලා sup එකක් දෙන්න..page එකත් like කරන්න..4000 ට ළඟයි😍
1)i 5 / i 7 භීෂණය
අපේ උන්ට ජෙන් එක අදාල නැත... ඕනේ i 5 හෝ i 7 වීමය..i 7 නම් වඩා හොදය...නමුත් i 3 10th gen එක i 7 7th gen එකට වඩා හොඳ ය...i 7 1st එකෙක් ගන්නවා ට වඩා i 3 4th එකක් ගැනීම සෑම අතින්ම වාසි ය...
2)මාර්කට් එකේ මිල
I 3 10100f එකක් විස්සෙන් අඩුව යද්දි i 5 6500 ක් යන්නේ විස්සෙන් උඩය..ඒ අස්සේ වෙන රටවල බජට් processor වන Ryzen 3100 මෙහෙ විසි පහකට කිට්ටුය...වරද කා අතේ ද සිතාගත නොහැක...පොඩි pc හදන කොල්ලොන්ට දෙයියන්ගේම පිහිටය...
3)මස් පුච්චන Ryzen
"ආපෝ ඕක රත් වෙනවා".."Ryzen gaming හොඳ නෑ" Core කන්නද බ්‍රෝ" ..කතා ගොඩක් ...ඒත් කියන උන්ගෙන් 90% ක් මා ryzen එකක් දැකලවත් නෑ😂
4)මේ බෝඩ් එක හොඳයි මල්ලි
Processor එක i 7 10 gen එකකි...බෝඩ් එක h 410 කී..බෝඩ් එක ගෙමිං ද අයියේ?? ඔව් මල්ලි 😂....chipset Entry level / mid range / high end යනුවෙන් එවන්නේ හේතුවක් සහිතවය..එහෙත් මෙය සිරි ලංකාවය...
5)i 5 processor එකක් කීයක් වෙයි ද???
සැමදාම ගොඩක් group වල වැටෙන පෝස්ට් එකකි...i 5 processor එකක් කීයක් වෙනවා ද....gen එකක් නැත..model එකක් නැත...අප් උනුත් "අනේ මෙයාගෙන් ගන්න...price inbox...යනුවෙන් කියති..සමහරු model සමග ගනුත් කියති..එහෙත් අන්තිමට පෝස්ට් එක දාපු එකාගෙන් reply එකක් ද නැත....
මතක් උනු ඒවා දැම්මේ...තව මතක් වෙන ඒවා කියහල්ලා ඇ..මඩප්‍රහාරයක් නෙමෙයි..හැමදාම මේ මගුල් දැකලා ඇති වෙලා😪....
*Page එකේ 4K ළඟයි...ඔක්කෝටම invite දාලා නග්ගලා ගමු
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matugama