Yaalu

Yaalu

Share

05/09/2021

Kithul Treacle Devilled Pork


Full Video: https://youtu.be/C2GvjRPzJYI

වස විස නැති ගෙදර හදපු නයි මිරිස් සෝස් - Home Made Nai Miris Sauce - Yaalu - Good Food Good Friends 31/05/2021

නයි මිරිස් සෝස්....
සැරයි රසයි

වස විස නැති ගෙදර හදපු නයි මිරිස් සෝස් - Home Made Nai Miris Sauce - Yaalu - Good Food Good Friends Ingredients250grm Nai MirisSaltVinger3Tsp Olive Oil75grm Suger50grm Garlic50grm SesameWater

දකුණේ බොම්බෙලි කරවල බැදුම - Devil Bombeli Fish - Yaalu 27/10/2020

දකුණේ බොම්බෙලි කරවල බැදුම

දකුණේ බොම්බෙලි කරවල බැදුම - Devil Bombeli Fish - Yaalu Rosted Bread with Devil Bombeli Fish, අවශ්‍ය ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් බෝම්බෙලි කරවල, ළුණු ගෙඩි දෙකක්, සුදු ළුණු බික් 3ක්, රම්පෙ, කරපිංචා, කෑලි ම...

Photos 24/02/2017

ප්‍රිය මිත්‍රවරුණි !

නාසා ආයතනය අළුත් ග්‍රහලෝක හොයා ගනිද්දි අපි තාමත් රෑ අහස දිහා බලාගෙන තරු ගනින රොමෑන්තික මිනිස්සු. මධ්‍යම රාත්‍රියත් පහු වෙනකල් ජංගම අවන්හලට වෙලා ඉන්න අපිට නිතරම සමාජයේ විවිධ තරාතිරම් වල මිනිස්සු මුණගැහෙනව.

අද මාහා ශිව රාත්‍රිය දවසෙ දිර්ඝ සති අන්තය යෙදිච්ච හින්ද දුර පලාත්වල ඉඳං බොහෝ පිරිසක් කතරගම වන්දනාවට යන නිසා මාර්ගය තදබදය වැඩියි. යාළු අවන්හලත් බොහොම කාර්‍යබහුල උනා. මේ අතරෙ සුදු ඇඳුමින් සැරසිලා කතරගම ගිහින් එන බොහොම තැන්පත් වැදගත් පවුලක් යාළු අවන්හලට ගොඩ උනේ.

මල්ලි. අපි මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නෙ නෑ. පුළුවන්ද "වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස්" එකක් දාල දෙන්න ?

පුළුවන් අයියෙ. වාඩිවෙන්න විනාඩියෙන් හදල දෙන්නම්.

ඇත්ත්තටම ඒ ඉල්ලීම ලොකු අභියෝගයක්. බිත්තර, කුකුල් මස් නැතිව එළවලු වලින් ෆ්‍රයිඩ් රයිස් එකක රස ගන්නෙ කොහොමද ?

කලින් හදපු ෆ්‍රයිඩ් රයිස් එකට බිත්තර දාපු නිසා තාච්චිය සෝදන්න උනා. තාච්චිය සෝදනව දැකපු ඒ මහත්මයගෙ මූනෙ ලොකු ප්‍රසන්න බවක් ඇති උනා.

තෙල් පොඩ්ඩක් අඩුවෙන් දාල එළවලු, එක්ක තක්කාලි කෑල්ලක් කපල සාමාන්‍ය තෙලේ ෆ්‍රයි වෙන්න දාල සාමාන්‍ය විදියට ෆ්‍රයිඩ් රයිස් එක දැම්ම. දාල ටේබල් එකට යවද්දි. හිතට පොඩ්ඩක් ගැස්මක් ආවෙ නැතුවම නෙවෙයි. පිරිසිදු කම ගැන නෙවෙයි රස ගැනයි හිතේ චකිතය ඇති උනේ. පිළිගන්වන ගමන්

මහත්තයා. චිලි පේස්ට් එකට කූනිස්සො පොඩ්ඩක් දානව. ඒක කන්න බෑ. සෝස් පොඩ්ඩක් දෙන්නද ?

කියල ඇහැව්වෙ. හිතට දැනුන මදි කම නිසා. රස නැති උනොත් ?

හරි මල්ලි උවමනා උනොත් ගන්නම්. කියල ටික වෙලාවකින් ඒ අය හැඳි දෙකක් ඉල්ලගෙන ආහාර ගන්න පටන් ගත්තා.

මල්ලි. තව වෙජිටබල් රයිස් දෙකක් දාන්න. මේක පුදුම රහයි. අපි කොලඹ ඉඳන් ආවෙ. මෙච්ව්හර රහට වෙජිටබල් රයිස් එකක් කෑවමයි.

හිතාගන්න පුළුවන්ද හිතට දැනුන සතුට ?

කාල ඉවරවෙලා යන්න ලෑස්තිවෙලා සල්ලි දෙනගමන් ආයෙම බොහොම නිහතමානීව ස්තුති කරල ඒ අය ගියා. අවසරයක් නැති ව උනත් ජීවිතේ කිසිදාක අමතක නොවෙන ඒ අය මතකේ තියාගන්න ඕනෙ නිසා හොරෙන් ෆොටෝ එකක් ගත්තට අපි එක්ක අමනාප වෙන එකක් නෑ කියල හිතනව.

ශුභ දවසක් !!

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Wallamadama
Matara
81000