Matara Bodhiya

Matara Bodhiya

Share

Photos from Matara Bodhiya's post 29/04/2026

☸️ ශාසන පුනර්ජීවන සාමණේර භික්ෂු ආකල්ප පුහුණු වැඩසටහන - 2026

මාතර කලාප අධ්‍යාපන කාර්යාලය (පිරිවෙන් අංශය) සහ මාතර බෝධි ආරක්ෂක සභාවේ සංවිධායකත්වයෙන් සාමණේර ස්වාමීන් වහන්සේලා උදෙසා විශේෂ ආකල්ප පුහුණු වැඩසටහනක් වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරයේ සහ මෙත්තා සමාජ සේවා බෞද්ධ මධ්‍යස්ථානයේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් විය.

සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ශාසනික වගකීම් සහ පෞරුෂ වර්ධනය අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහන සඳහා මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

📅 දිනයන්: 2026 අප්‍රේල් 27, 28, 29
🤝 සම්බන්ධීකරණය: මීගොඩ සිරි රතනපාල මහ පිරිවෙන

ශාසනයේ අභිවෘද්ධිය සහ අනාගත නායකත්වය වෙනුවෙන් ගනු ලබන මෙම උදාර ප්‍රයත්නයට අපගේ ගෞරවනීය ආශිර්වාදය!

28/04/2026

Walk For Peace පාගමනේ වඩින ස්වාමීන්වහන්සේලා සම්බන්ධ මේ ඡායාරූප මුහුණුපොතෙන් ඇස ගැටුණ විට සිහිවුණේ මේ මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාන්දරයි. කියවා බලන්න බුද්ධ ශ්‍රාවකයෙකු වීර්ය පාරමිතාව පුරුදු කළ යුතු අන්දම.

වීර්යය ඇති කර ගැනීමට මෙනෙහි කළයුතු චරිත

• මහා සීව තෙරුන් වහන්සේ
මහා සීව තෙරුන් වහන්සේ බුදු සස්නෙහි අති ප්‍රසිද්ධ මහා පඬිවරයෙකි. බොහෝ භික්ෂූහු උන්වහන්සේ ගෙන් උගෙනීම සඳහා පැමිණෙති. රෑ දවල් දෙක්හි ම උන්වහන්සේ භික්ෂුන්ට උගැන්වූහ. උන්වහන්සේ ගේ අවවාදයෙහි පිහිටා රහත් වූ භික්ෂූහු තිස් දහසක් පමණ වූහ. එහෙත් උන්වහන්සේ පෘථග්ජනව ම විසූහ.
දිනක් රහත් වූ ගෝල නමක් විසින් සංවේගයට පමුණුවන ලදුව උන්වහන්සේ රහත් වන්නට සිතා පිරිසෙන් බැහැරව ‘ගාමන්ත පබ්හාර’ නම් ගුහාවට වැඩියහ. “මා වැනියකුට රහත් වීම කවර බරෙක් ද? දෙතුන් දිනකින් ම රහත් ව ආපසු එමි.’යි උන්වහන්සේ සිතූහ. උන්වහන්සේ එහි වැඩියේ ඇසළ මස පුර තෙළෙස්වක දිනයක ය. පසළොස්වක් පොහෝ දින පැමිණෙන තුරු එහි භාවනාවෙහි යෙදුණ නමුත් උන්වහන්සේ රහත් නොවූහ. ඉක්බිති උන්වහන්සේ අවපෑළවිය දිනයෙහි එහි ම වස් ඉටා ගෙන වස් තෙමස මුළුල්ලෙහි භාවනා කළහ. එහෙත් රහත් නොවූහ.
දෙතුන් දිනකින් රහත් වන්නට සිතා ආ උන්වහන්සේට තෙමසකිනුත් බැරිවීම නිසා පවාරණ දිනයෙහි ඇස්වලින් කදුළු වැගිරිණ. එහෙත් උන්වහන්සේ මඳකුදු වීර්‍ය්‍යය ලිහිල් නො කළ සේක. උන්වහන්සේ වීර්‍ය්‍යය තවත් දැඩි කර ගත්හ. සතර ඉරියව්වෙන් කල් යවා තමන් වහන්සේට රහත් වන්නට නුපුළුවනැයි සිතා උන්වහන්සේ ඇඳ ඔසොවා පසෙක තබා රහත් වන තුරු නො නිදමි ය, පානො සෝදමිය යි ඉටා භාවනාවට පටන් ගත්හ. එසේ ද වර්ෂයක් ඉක්ම ගියේ ය. එහෙත් රහත් නො වූහ. එසේ නො නිදා පා නො සෝදා භාවනා කිරීමෙන් ම දෙවන, තුන්වන අවුරුදු ද ඉක්මිණ. තෙරුන් වහන්සේ තවමත් රහත් නො විය හැකි වූහ.
කල්යාමෙන් උන්වහන්සේගේ පතුල් පැලෙන්නට විය. ගම් දරුවෝ ක‍ටු වලින් උන්වහන්සේ ගේ පාදයන්හි පැලුම් මැසූහ. මෙසේ වීර්‍ය්‍ය කරන්නා වූ උන්වහන්සේට තිස් වන වස ද ඉක්ම ගියේය. තිස් වන වසේ මහා පවාරණ දිනයේ දී “තිස් වසක් වීර්‍ය්‍ය කොට ද මට රහත් නො විය හැකි විය. මට මේ අත් බැව්හි මාර්ගයක් ඵලයක් උපදවා ගැනීමේ භාග්‍යයක් නැත. මට විශුද්ධි පවාරණය කරන්නට මේ අත් බැව්හි නො ලැබෙන්නේ ය.” යනාදිය සිතන්නා වූ උන්වහන්සේ ගේ නෙත්වලින් කඳුළු වැගිරෙන්නට විය. එකල්හි එක් දෙව් දුවක් විසින් උත්සාහවත් කරවන ලදුව නැවතත් උත්සාහ කළ පසු උන්වහන්සේ සව් කෙලෙසුන් නසා රහත් වූහ.

• චක්ඛුපාල තෙරුන් වහන්සේ
චක්ඛුපාල තෙරුන් වහන්සේ කමටහන් ගෙන භික්ෂූන් වහන්සේ සැට නමක් ද සමඟ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වස් එළඹ නො නිදා ම මහණ දම් පුරන්නට පටන් ගත්හ. පළමු වන මස ඉක්මුණු පසු උන්වහන්සේ නොපසු බැස්සාහ. නො නිදා ප්‍රතිකාර කිරීමෙන් ඒ රෝගය සුව කළ නො හෙන බව වෛද්‍යවරයා ද කීය. එහෙත් උන්වහන්සේ වීර්‍ය්‍යය නො හළ සේක. ඇසට වෙන දෙයක් වේවා යි නො නිදා ම විදර්ශනා කළහ. වස් තුන් මස අවසානයේ දි ඒ වීර්යයෙන් උන්වහන්සේ රහත් වූහ. නෙත් යුවල අන්ධ විය.

• පීතිමල්ල තෙරුන් වහන්සේ
පීතිමල්ල තෙරුන් වහන්සේ දඹදිවින් මෙහි අවුත් මහා විහාරයෙහි පැවිදිව උපසම්පදාව ලැබූ කෙනෙකි. උන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තිස් නමක් සමඟ අරණ්‍ය සේනාසනයක මහණදම් පුරන්නාහු සක්මන් කිරීමෙන් පතුල් ගෙවී එසේ නො කළ හැකි වූ කල්හි ද වීර්යය මඳකුදු ලිහිල් නො කොට දණින් සක්මන් කරමින් භාවනා කළහ. එසේ සක්මන් කරන්නා වූ උන්වහන්සේට එක් මුව වැද්දෙක් රාත්‍රියේ අන්ධකාරයේ මුවෙකැ යි සිතා පහර දිණ. සැත තෙරුන් වහන්සේගේ ශරීරය විද ගෙන බොහෝ ඇතුළට වැදින. උන්වහන්සේ එයින් ද වීර්යය නො හල සේක. සැත ශරීරයෙන් බැහැර කරවා තණ වලින් තුවාලය වස්වා, ගල්තලාව මතුයෙහි හිඳවා ගෙන ශරීරය ගැන අපේක්ෂාව හැර භාවනාවෙහි මහත් වූ වීර්යයෙන් යෙදී සව් කෙලෙසුන් නසා රහත් වූහ.
පෙර මෙසේ නො නිදා ම භාවනාවෙහි යෙදී රහත් වූ ද, රහත් වීමෙන් පසුත් ඒ වීර්යය එසේ ම පැවැත් වූ ද රහතන් වහන්සේලා බොහෝ වූහ. දම් සෙනෙවි සැරියුත් මහා තෙරුන් වහන්සේ තිස් වසක් ඇඳක පිට නො තැබූහ. තුන් ඉරියව්වෙන් පමණක් විසූහ. මුගලන් මහ තෙරුන් වහන්සේ ද එසේ ම විසූහ. මහ කසුප් තෙරුන් වහන්සේ විසි වසක් ඇඳක පිට නොතැබූහ. අනුරුද්ධ තෙරුන් වහන්සේ පනස් පස් වසක් ද, භද්දිය තෙරුන් වහන්සේ තිස් වසක් ද, සෝණ තෙරුන් වහන්සේ අටළොස් වසක් ද, රට්ඨපාල තෙරුන් වහන්සේ දොළොස් වසක් ද, අනඳ මහ තෙරුන් වහන්සේ පසළොස් වසක් ද, රාහුල තෙරුන් වහන්සේ දොළොස් වසක් ද, බක්කුල තෙරුන් වහන්සේ අසූ වසක් ද, නාලක තෙරුන් වහන්සේ පරිනිර්වාණය දක්වා ද ඇඳක පිට නො තැබූහ. හිඳීම ය, සිටීම ය, ගමනය යන තුන් ඉරියව්වෙන් පමණක් කල් යැවූහ.

උපුටාගැනීම
© පාරමිතා ප්‍රකරණය
අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ
ඡායාරූප උපුටාගැනීමකි. ඒවායේ අයිතිය මුල් හිමිකරුවන් සතුය. සේයාරූවල සත්‍යසත්‍යතාව නොදනිමු. ගෞරවණීය ස්වාමීන්වහන්සේලා ඉක්මනින් සුවපත් වෙත්වා! ප්‍රාර්ථනීය බෝධිය බොහෝදුර නොවේවා!
#පාරමිතාප්‍රකරණය

23/04/2026

☸️මාතර බෝධි ආරක්ෂක සභාව මගින් පවත්වනු ලබන මාසික ධර්ම දේශනා මාලාව..

🛑 සුමධුර ධර්ම දේශනාව

🗓 2026 අප්‍රේල් මස 25 සෙනසුරාදා දින
🕰 ප.ව 07.00 ...
📍මාතර ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේ අභියස ධර්ම ශාලා මන්දිරයේ දී ,

☸️දේශකයානන් වහන්සේ - දෙයියන්දර කළුගල පුරාණ මහා විහාරාධිකාරි, මාතර හිත්තැටිය රජමහා විහාරවාසී, උසස්පෙළ බෞද්ධ ශිෂ්ඪාචාරය ප්‍රවීන දේශක, ගෞරව ශාස්ත්‍රවේදී ,පූජ්‍යපාද දෙයියන්දර ඥාණසාර ස්වාමීන් වහන්සේ 🙏☸️

☸️දායකත්වය - මාතර බෝධි ආරක්ෂක සභාව

පිං කැමති ඔබට මෙත් සිතින් ආරාධනා! 🙏🙏🙏

Want your place of worship to be the top-listed Place Of Worship in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Dharmapala Mawatha
Matara
81000