Lal Premanath

Lal Premanath

Share

Photos from Lal Premanath's post 21/06/2026

නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදිවූ ලවණ බාධකයය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල සිට 2022 යල දක්වා අනුයාත සෘතු සප්තකයක් වගා කිරීමට නොහැකි වූ ගොවි ජනතාව සඳහා වන්දි ප්‍රදානය සඳහා 2026 අයවැයෙන් මිලියන 1200 වෙන් කල අතර මේ දිනවල එම මුදල් චෙක්පත් මගින් ගොවීන් මහතුන්ට ලබා දීම සිදු වේ. ඒ අනුව මැදවියන්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ගොවීන් 636 දෙනෙකුට අද දින පාලටුව බෞද්ධෝදය විහාරස්ථානයේදී වෙන්කළ මිලියන 133 ක චෙක්පත් ප්‍රදානය කරන ලදි.

වන්දි ලබා දීම වචනයකට පමණක් සීමාවී තිබූ බවත්, වන්දි ලබා දීම යථාර්ථයක් බවට පත් කර ගොවිජනතාවට ගොවිතැන් තවදුරටත් කිරීමට ධෛර්ය හා ශක්තිය ලබා දුන් මාලිමා ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ට ගොවීන් විසින් තම ස්තුතිය ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා හා ලාල් ප්‍රේමනාත් මහතා, තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති සුදත් ජයසේකර මහතා දේශපාලන අධිකාරිය ලෙස සහභාගී වූ අතර මාතර දිස්ත්‍රික් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් ශෂිකා නිරෝෂනී මහත්මිය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක රුමිළ ලොකුහෙට්ටි මහතා ඇතුලු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නියෝජනය කරන නිලධාරීන් මෙන්ම ප්‍රතිලාභී ගොවි මහත්ම මහත්මීන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සභාගී විය.

13/06/2026

මාර/ වරල්ල එම්. ඩී. යාපා මහා විද්‍යාලය, මාර/ ගොඩකුඹුර කනිෂ්ට විද්‍යාලය, මාතර රෝහණ මහා විද්‍යාලය, තෙලිජ්ජවිල සහ දෙනියාය ජාතික පාසල් හා එහි ශිෂ්‍ය ආරක්ෂාව පිළිබඳව මා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න හා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයාගේ පිළිතුර.

1736/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, - අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගෙන් ඇසීමට, − (1)

(අ)

(i) ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට සහ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයට ඇති වූ බලපෑම පිළිබඳව නිශ්චිත වාර්තා ලැබී තිබේද;

(ii) එම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අධ්‍යාපන කටයුතු වලට ඇති වූ බාධා කවරේ ද;

(iii) මෙම තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රතිපාදන එක් එක් පාසල අනුව වෙන් වෙන් වශයෙන් කොපමණ ද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)

(i) දැනටමත් මුදල් වෙන්කර වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති වලට මේ යටතේ මුදල් වෙන් කර ඇති බව හඳුනාගෙන තිබේද;

(ii) එසේ නම්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් දරන ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙතෙක් අවසන් කර නොමැති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර නිම කිරීමට අදාළ නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

13/06/2026

දෙනියාය හා තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාල පිළිබඳව පාර්ලිමේන්තුවේ කතාබහ.
මා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ප්‍රශ්න හා නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයාගේ පිළිතුර.

1736/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, - අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය ගෙන් ඇසීමට, − (1)

(අ)

(i) ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයට සහ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයට ඇති වූ බලපෑම පිළිබඳව නිශ්චිත වාර්තා ලැබී තිබේද;

(ii) එම ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අධ්‍යාපන කටයුතු වලට ඇති වූ බාධා කවරේ ද;

(iii) මෙම තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබේද;

(iv) එසේ නම්, එම ප්‍රතිපාදන එක් එක් පාසල අනුව වෙන් වෙන් වශයෙන් කොපමණ ද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)

(i) දැනටමත් මුදල් වෙන්කර වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති වලට මේ යටතේ මුදල් වෙන් කර ඇති බව හඳුනාගෙන තිබේද;

(ii) එසේ නම්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් දරන ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මෙතෙක් අවසන් කර නොමැති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කර නිම කිරීමට අදාළ නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නො එසේ නම්, ඒ මන්ද?

Want your public figure to be the top-listed Public Figure in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

120/1, Vasana, Deniyaya Road, Waralla
Matara