Space HuB
20/08/2025
01/01/2025
තිත්තයි කියා තොල්පෙති පෑවද..........කෙඳිරී
සත්තයි ඔය රහට මගෙ හම්පෙති........ගිඟිරී
ඇත්තයි පැසුනාම බේරෙනවා...............වැගිරී
පොත්තයි මදෙයි ළඟ ඳඟ කෙරුවා......පැඟිරී
🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊🍊
නිවසට එහා මල් පූදින ගසකි................කැළේ
දවසට එක බැඟින් බඹරුන් වහති.........මලේ
සවසට රොන් අරන් උන් මධු පුරති..........දැලේ
පවසට පහස දෙන ඔසුවකි පැඟිරි.........කුළේ
🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈🍈
කෑවොත් තවත් ගෙඩියක් වෙත හිත....යනවා
ආවොත් අජීරණ දිව ඔසුවක්..............වෙනවා
බීවත් කටින් හැපුවත් ඇස් පොඩි........වෙනවා
තාමත් මතක් වෙද්දිත් බඩ.............කකියනවා
🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋🍋
වටකුරු බෝල හැදුනම ලස්සනයි.............ගස
කටතුල ඔබාගන්නයි පවසන්නෙ.............ඇස
ඇට සහ රේණු වල තිබුණත් නැතත්........වස
මට පැණිරස එපා ඕනේ ඇඹුල්..................රස
✍️ ලහිරු වීරසූරිය
01/01/2025
මොකද්ද මේ එළිය බලන ගැජට් එක ?
- ක්‍රිකට් ක්‍රීඩාවේදි පිටියේ ක්‍රීඩාව පවත්වාගෙන යාමට සරිලන ආරක්ෂාකාරී මට්ටමේ ආලෝකයක් පවතිනවාද යන්න තීරණය කිරීමට ආලෝක මීටරය (Light meter) යොදාගනු ලබයි.
- මෙහිදි ආලෝකයේ දීප්තිමත් බව හෙවත් එම අවස්ථාවේ ක්‍රීඩාංගණයේ පවතින ආලෝක ප්‍රමාණය මැන බලනු ලබයි.
- මෙමගින් යම්කිසි සලකන අවස්ථාවක පරිසරයේ පවතින දෘශ්‍ය ආලෝකය (Visible light) මැන බලනු ලබයි. ඒ සදහා ආලෝක සංවේදකයක් මෙම යන්ත්‍රයේ (Sensor) අඩංගු වේ.
- මෙම ආලෝක ප්‍රමාණය ලක්ස් (Lux) යන සම්මත ඒකකය මගින් මැන ගනු ලබයි.
- එසේ ලබාගන්නා අගය පෙර මනින ලද අගයක් (Reference value) එකක් සමග සන්සන්දනය කොට ආලෝක තත්වය ආරක්ෂාකාරී ද නැද්ද යන වග අවසාන ප්‍රතිඵලයක් ලෙස ලබාදෙයි.
- මීට අමතරව ආලෝකයේ ඒකාකරි බව (Uniformity) යන මිනුමද මෙහිදි වැදගත් වේ.
- සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යාමට මෙම ලක්ස් අගය 200 - 1500 අතර අගයක පැවතිය යුතුය. කෙසේ වුවත් තරග අකෘතිය, තණතිල්ලෙ ස්වභාවය, තරගය පවතින අවස්ථාව යන සාධක මත මෙම අගයේ වෙනස් කරගැනිමට තීරණය කිරීමට පිටියේ විනිසුරුට හැකියාව පවතී.
- තණතිල්ල අවට ප්‍රදේශය (Pitch) සහ තණතිල්ලෙන් අවට ප්‍රදේශය (Outfield)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara