Geography with JR

Geography with JR

Share

Photos from Geography with JR's post 31/10/2020

ලංකාවේ වනාන්තර ගිනි තැබීම
ලෝකේ ස්වාභාවික පරිසර පද්ධතියට තියෙන තව එක තර්ජනයක් තමයි ගිනි තියන එක.මේ හින්දා ලෝකේ ස්වාභාවික වනාන්තර වේගයෙන් අඩුවෙනවා.ලංකාවේ සමස්ත භූමියෙන් වන ඝනත්වය 29.5%ක්.ස්වාභාවිකව ඇතිවෙන ලැව් ගිනි නැති හින්දා ලංකාවේ ගිනිතැබීම් මිනිස්සුන් විසින් කරන වැඩක් විදිහට අදුනගන්න පුළුවන්.ගිනිතැබීම් වලින් ඉස්සරහින්ම තියෙන දිස්ත්‍රික්ක තමයි නුවර එලිය,බදුල්ල,මොණරාගල කියන්නේ.
ලංකාවේ ගිනි තැබීම්වලට හේතු ගත්තොත් හේන් ගොවිතැන,ඉඩම් පුලුල් කිරීම,විනෝදය සඳහා,දඩයම් කිරීමට සහ ගව පාලකයන් ගවයන්ට ආහාර සැපයීමට තණකොළ වැවීම කියන හේතු ප්‍රධානයි.පහුගිය අවුරුදු දිහා බැලුවොත් 2016 අවුරුද්දේදී 118ක්,2017 දී 76 සහ 2018 දී 156 වතාවක් විදිහට ගිනිතැබීම් වාර්තාවෙනවා.මේ හින්දා 2016 දී වනාන්තර හෙක්ටාර් 2887.52කුත් 2017 දී 478.95කුත් 2018 හෙක්ටාර් 1184.28කුත් විනාශවෙලා තියෙනවා.මේ දත්ත එක්ක බැලුවම සාමාන්‍යයෙන් අවුරුද්දකට ලංකාවේ ගිනි තැබීම් හින්දා අක්කර 6000ක් විනාශ වෙනවා කියලා අදුනගන්න පුළුවන්.වනාන්තර 50-200ත් අතර ප්‍රමාණයක් අවුරුද්දකට මේ ගිනිතැබීම්වලට ගොදුරු වෙනවා.2020 පෙබරවාරි මාසේ 25 වෙද්දී විතරක් 2020ට ගිනිතැබීමේ අවස්ථා 49ක් වාර්තාවෙනවා.
ගිනිතැබීම් අතින් ඉහළම දිස්ත්‍රික්කය තමයි නුවර එලිය.2019 විතරක් නුවර එලියේ අති සංවේදී වනාන්තර 71ක් ගිනි තියලා තියෙනවා.මේ හින්දා හෙක්ටාර් 349.7ක් විනාශවෙලා තියෙනවා.ගිනිතැබීම්වල ප්‍රතිඵල විදිහට සෝදාපාලුව,උල්පත් සිදීයාම,ශාඛ සහ සත්ත්ව ප්‍රජාව විනාශවීම,ජලාශවල රොන්මඩ පිරීම,කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම,ආක්‍රමණික ශාඛ විනාශවීම වගේ දේවල් සිද්ධවෙනවා.
සාමාන්‍යයෙන් ගිනිතැබීම්වලට සම්බන්ධව අවුරුද්දකට පුද්ගලයන් 08ක් අත්අඩංගුවට ගන්නවා.ඔවුන්ට වන සංරක්ෂණ ආඥාපනත සහ වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ දඩුවම් කරන්න පුළුවන්.2009 අංක 65 දරන සංශෝධිත ආඥාපනතින් කැලෑ ගිනිතැබීම දඩුවම් ලැබියහැකි වරදක් කරලා තියෙනවා.මේ යටතේ වරද ⁣කරන කෙනෙක් වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්.රු.20000-100000 අතර දඩයක් නැත්නම් අවුරුදු 05ක සිර දඩුවමක් දෙන්නත් පුළුවන්.හැබැයි පරිසරවේදියෝ කියන්නේ මේ නීති ලිහිල් ප්‍රතිපත්තියක් ය⁣ටතේ සිද්ධවෙනවා වගේම මන්දගාමියි කියලයි.
ඇත්තටම ගිනිතැබීම් වලින් පරිසරය ආරක්ෂාකරගන්නනම් තියෙන නීති ක්‍රියාත්මක කරනවා වගේම අලුත් නීති හදුන්වාදීමත් ජනතාව දැනුවත් කිරීමත් කරන්න ඕන.එහෙම නොවෙනවානම් පරිසරයේ ප්‍රතිචාරයන්ට අපි හැමෝටම මුහුණදෙන්න සිද්ධවෙන එක නවත්තන්න බෑ.
Forests arson
This is a big environment problem all over the world.According to statistics yearly between 50-200 forest are fired in Sri Lanka.As a result about 6000 acres of forests are lost each year.29.5% belongs to forest by whole land in Sri lanka.Nuwara Eliya,Badulla and Monaragala are the districts with the highest number of arson cases.71high sensitive forests were faired in Nuwara Eliya district in 2019.

Want your school to be the top-listed School/college in Matara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Matara