Ceylon One Hearts

Ceylon One Hearts

Share

03/12/2025

☸️☸️☸️
උදුවප් පොහොයේ වැදගත්කම ...
ලංකාවාසී බෞද්ධ අපට මෙදින විශේෂයෙන් වැදගත් දිනයකි.

දේවානම්පියතිස්ස රජුගේ ඇමැතිවරයෙක් වූ අරිට්ඨ ඇමැති දඹදිවට ගොස් සිදු කළ සාර්ථක සාකච්ඡාවලින් පසු තම දියණිය වූ සඟමිත් තෙරණිය ශ්‍රී ලංකාවට එවීමට ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කරවන ලදී. එළඹුණු සුබ මොහොතින් සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ දින හතක මුහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනට වැඩියේ උඳුවප් පොහොය දිනයේ ය.

සංඝමිත්තා තෙරණින් වහන්සේ සමඟ තවත් භික්ෂුණීන් එකොළොස් නමක්ද එදින ලංකාවට වැඩම කළහ. දඹකොළ පටුනට පෙරහරින් ගමන් කළ දේවානම්පියතිස්ස රජතුමා අතිමහත් භක්තියෙන් කරවටක් මුහුදේ බැස සංඝමිත්තා තෙරණිය වැඩි නැව ආසන්නයට යමින් ශ්‍රී මහා බෝධිය සමඟ රන් පාත්තරය පිළිගෙන මහ පෙරහරින් අනුරාධපුරයට වඩමවා මහමෙව්නාවේ රෝපණය කරන ලදී. මේ හේතුවෙන් ලාංකීය කාන්තා ඉතිහාසයේ ස්වර්ණමය පරිච්ඡේදයක් ලියවීම ආරම්භ කරමින් මෙහෙණි සස්න පිහිටු වීමද සිදු දිනයේදීය. වූයේ උඳුවප් පොහොය

ලාංකීය අපට උඳුවප් පොහොය දිනයේ සිදුවන තවත් වැදගත්ම සිදුවීමක් නම් බුදුරජාණන් වහන්සේගේ පාපහස ලද සිරිපාද වන්දනා සමය මෙම පෝය දිනයේදී ඇරඹීමයි. පැල්මඩුල්ලේ සිට සමන් දේව ආභරණ පෙරහැරකින් සිරිපා මළුවට රැගෙන ගොස් තැන්පත් කරන්නේ එදිනටය, ඉන්පසු ඇරඹෙන සිරිපා සමය මාස පහකට වෙසක් පොහොය වන තෙක්) ආසන්න කාලයක් පවතී...

තෙරුවන් සරණයි !!!..

27/10/2025

1982 වසරේ රූපවාහිණිය ආරම්භ කිරීමත් සමගම රූපවාහිණී සංස්ථාවට එම වසරේම පැවරුණු දැවැන්ත කාර්යභාරයක් වෙලා තිබුණේ 1982 ඔක්තෝබර් 20 දින පැවැත්වුණු ප්‍රථම ජනාධිවරණයේ ප්‍රතිඵල රූපවාහිණිය මගින් සජීවීව විකාශණය කිරීමයි.
පරිගණක තාක්ෂණයක් නොතිබූ එකළ එය සිදු කිරීම රූපවාහිණී සංස්ථාවට මහත් අභියෝගයක් විය. මූළික වශයෙන් ඉංජිනේරු අංශයත්, පසුතල හා මාධ්‍යරූප ඒකකයත් එක්ව එකාවන්ව මෙම අභියෝගය ජයගන්නට සිතා ගත්තේය. අනෙක් සියළුම ඒකක සහ සේවා අංශ ඔවුනට සහාය විය.

ප්‍රතිඵල විකාශය සඳහා කැමරාව ඉදිරියේ තැබීමට දැවැන්ත පුවරු ඉදිවන්නට විය.

මාධ්‍යරූප ඒකකයේ ප්‍රධානි ගිවන්ත අර්ථසාද් සහ පසුතල ඒකකයේ ප්‍රධානි ජේ. ඒ. වින්සන්ට් යන මහත්වරු මෙම භාරදූර කටයුත්තට මූළිකත්වය ගෙන කටයුතු කළේය.අපේක්ෂකයින් 6 දෙනාගේ නම් සළකුණු ආදිය එම පුවරු මත පින්තාරු කළේ ගුණදාස පතිරණ මහතාය.

ලංකාවේ සිතියම මත ප්‍රතිඵල නිකුත්වී ඇති දිස්ත්‍රික්ක පෙන්වීම සඳහා LED බල්බ රටාව නිර්මාණය කළේ එච්. චර්චිල් මහතාය. මෙහි දැක්වෙන්නේ එක් දැවැන්ත පුවරුවක් ඉදිරියේ ප්‍රතිඵල කියවීම සඳහා සැරසෙන ප්‍රවීන රූපවාහිණී නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි.

උපුටාගැනීමකි.

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Thalalla
Matara
81180