Ranjith Munasinghe Media Unit
12/01/2026
02/12/2025
මේ ඉන්නේ වතුර නැතිව දවස් තුනකින් මුහුණවත් සෝදපු නැති දරුවො 🥺.
අපි ඊයෙ බෝතල්කල පානීය ජලයත් අරගෙන හලාවත ගියා.එක ලොරියක පොඩි ඉඩක් තිබුනා.අපේ කොල්ලො ටික එතෙන්ට ලීටර් 1000 ජල ටැංකියක් දාගත්තා.හරිම සන්තෝෂයි දවස් තුනකින් දත් මැදපු නැති මුහුණ සෝදපු නැති පොඩි දරුවො ටික නාවන්නත් හැමෝටම පුලුවන් විදියට මුහුණ සෝද ගන්නත් ඒ වතුර ටිකෙන් හැකිවුනා.ඒ ටැංකිය සදහා සදහා පිරිසිදු පානීය ජලය ලබාදුන් රත්කැකුලාව ප්‍රජා ජල ඒකකයේ සභාපතිතුමා ඇතුලු හැමෝටම පිං.දවස් ගානක් මහන්සි උන කොල්ලො ටිකට වගේම උපකාර කල හැමෝටම ගොඩක් පින් ❤🙏.
01/12/2025
හක්මණ අපි අද පුත්තලම හා හලාවතට ❤💪.
අපිට පානිය ජලය නෑ පුලුවන් නම් ගෙනත් දෙන්න කියල හලාවත පුත්තලම ඉන්න අපේම ආදරණීය මිනිසුන් කල ඉල්ලීමකට දුර ගැන හිතන්නේ නැතිව අපි අද ගියා පුත්තලමට හා හලාවතට.
පානීය ජලය හා වියළි ආහාර පරිත්‍යාග කරන ඔබ සැමගෙන් කාරුණික ඉල්ලීමක් කරනව.පාරවල් අයිනේ මිනිස්සු වගේ ගම් ඇතුලට වෙන්න මිනිස්සු ඉතාමත් පීඩාවට පත්වෙලා ඉන්නවා.ඔවුන්ට පානීය ජලයවත් නෑ.පුලුවන් නම් ගම් ඇතුලට වෙන්න ඉන්න මිනිස්සුන්ටත් පුලුවන් තරම් උදවු කරන්න.
රටේ මිනිස්සු තනි වෙලා නෑ දකුණේ මිනිස්සු ඉන්නවා හයියට අල්ලගෙන.අදට විතරක් නෙමෙයි මේ ව්‍යසනෙන් රට ගොඩ එනකම්ම අපි ඉන්නවා හයියට අල්ලගෙන.පාට පක්ෂ කුළ මල ආගම් භේද නෑ මේ අපේම මිනිස්සු.වචනෙකින් හරි උදවු කරපු හක්මණ ,මුලටියන,පස්ගොඩ හැමෝටම ගොඩක් පිං ❤🙏.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ransegoda
Matara