AyurCare
06/10/2021
02/10/2021
ආර්ධාවභේධක (Migraine)
වර්තමානය වන විට පුදගලයන් අතර සුලභව දක්නට ලැබෙන රෝගයක් ලෙස Migraine දැක්විය හැක. එයිනුත් 90-95% ක් අතර ප්‍රමාණයක් මෙය වැලදෙනුයේ කාන්තාවන් හටයි. ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙය දක්වා ඇත්තේ ආයූර්වේදයේ ශාලාක්‍ය තන්ත්‍රය යටතේය. ශාලාක්‍ය තන්ත්‍රයේ ශිරෝ රෝග කාණ්ඩය යටතේ "ආර්ධාවභේදක" ලෙස ඔබ අප කවුරුත් දන්නා Migraine දක්වා ඇත. ආයුර්වේදයෙහි දක්වන පරිදි ආර්ධාවභේදක හට ගනුයේ හිසෙහි එක් අර්ධයක පමණි.
•නිදාන
බටහිර වෛද්‍ය විද්‍යාවට අනූව Migraine සදහා බලපාන හේතූන් මොනවාදැයි හරියටම දක්වා නැත. ඔවුන් පවසන පරිදි මෙය හට ගනුයේ මොළයට සපයන රුධිර ප්‍රමාණඅයෙහි වෙනස්කම් සිදු වීමෙනි. නමුදු ඔවුන් Migraine ඇති වීමට හේතු වන ප්‍රේරකයන් ( trigger factors) සහ අවධානම් සාධකයන් (risk factors) දක්වා ඇත.
නමුදු ආයූර්වේදයෙහි ඉතා පැහැදිලිව ආර්ධාවභේධක සදහා හේතු වන්නා වූ නිදාන කාරණයන් සහ ඒ සදහා සම්ප්‍රාප්තියක්( pathogenesis) දක්වා ඇත. ඒ අනූව,
•රූක්ෂ ආහාර වර්ගයන් අධිකව ආහාරයට ගැනීම.
•පමණ ඉක්මවා ආහාර අනුභවය.
•තද සුළගට නිරාවරණය වීම.
•අධික මෛථූනය.
•මල, මූත්‍රාදී වේගයන් ධාරණය කිරීම.
•අධිකව කය වෙහෙසවන ව්‍යායාම වල නිරත වීම.
ඉහතින් දැක්වූ නිදානාදී කාරණයන් නිසා කුපිත වන්නා වූ වාත දෝෂය තනිව හෝ කඵ (සෙම) සමග අනුබන්ධව හිසෙහි අර්ධයක් වෙත ගමන් කොට,
•බෙල්ලහි දෙපස
•ඇස අවට
•නලල
•නලල දෙපස
•කන
ආදියෙහි හිසෙහි අර්ධයක තියුණු වේදනාවක් ඇති කරයි. මෙම වේදනාව විටෙක තියුණු කැපෙන සුලු උපකරණයකින් හිස කපන්නාක් මෙනි. විටෙක මන්ථයකින් හිස මන්ථනය කරන්නාක් මෙන් වේ. සමහර විටෙක මේ රෝගී තත්වයේදී ඇසෙහි හා කනෙහි සාමාන්‍ය ක්‍රියාවන් වලටද බාධාවන් ඇති කරයි. මෙලෙස ආයුර්වේදයෙහි ආර්ධාවභේධකයේදී ඇතිවන වේදනාව දක්වා ඇත.
රෝග ලක්ෂන
මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ අවධි කිහිපයක් යටතේ දක්වා ඇත.
01. Prodrome
මෙය Migraine ඇති වීමට පැය කිහිපයකට පෙර ඇතිවන අවස්ථාවයි. මෙම අවස්තාවේදී,
•ශබ්දය, ආලෝකය සහ ගන්ධයන් කෙරෙහි සංවේදනයක් ඇති වේ.
•කෑම ගැනීමට ඇති අකමැත්ත.
•පිපාසය.
•මල බද්ධය හෝ අතීසාරය.
•ශරීරයට අධික මහන්සියක් දැනීම.
02.Aura
මෙම අවස්තාවේ දී,
•රෝගියාට සැබැවින්ම නොපවතින කළු පැහැති තිත්, ආලෝක ධාරාවන් දර්ශනය වීම සිදු වේ. ( halucinations)
• පෙනීමේ දුර්වලතාවයන් ඇති වීම.( tunnel vision)
•රෝගියාට පැහැදිලිව කතා කිරීමට අපහසු වේ.
•කනෙහි නාදයන් ඇති වේ.
•රස, සුවද, ස්පර්ශය දැනීමේ වෙනස්කම් ඇති වේ.
•ඇතැම් විට ශරීරයේ අර්ධයක හිරියක් ඇති වේ.
03.Attack.
මෙම අවස්ථාවේ දී හිසෙහි තියුණු වේදනාව හට ගනී. ඒත් සමගම ඔක්කාරය, වමනය ද හට ගනී. බොහෝ විට වමනය වීමෙන් අනතුරුව හිසෙහි වේදනාව තරමක් දුරට අඩු වේ.
04.Postdrom.
මෙය අවසානම අවස්ථාව වේ. මෙහිදී,
•කෑම අරුචිය.
•ශරීරයට අධික මහන්සියක් දැනීම.
•ශරීරයේ වේදනාව ඇති වීම.
•අවධානම් සාධක (risk factors)
01. ලිංග භේදය
මෙය සැලකුවහොත් පිරිමින්ට වඩා තුන් ගුණයක් මෙම තත්වය කාන්තාවන්ට ඇති වේ.
02. වයස
ප්‍රධානවම වයස අවුරුදු 10-40 දී මෙය ඇති වේ. බොහෝ විට වයස අවුරුදු 50 න් පසු මෙම තත්වය කාන්තාවන්ගෙන් බැහැර වේ.
03. පවුල් ඉතිහාසය
මව්- පිය දෙපළෙන් එක් අයෙකු මෙම රෝගී තත්වයෙන් පෙළේ නම් එය දරුවන් වෙත සම්ප්‍රේශනය වීමට 50% ක් අවස්තාවක්ද, මව් -පිය දෙපළටම ඇත් නම් දරුවන්ට එය සම්ප්‍රේශනය වීමට 75% ක් අවස්තාවක්ද පවතී.
04. අනෙකුත් රෝගී තත්වයන් ( විවිධ මානසික රෝගයන්, depression, anxiety, bipolar disorder, sleep disorders, epilepsy)
Migraine triggers (ප්‍රේරක කාරණා)
01. හෝමෝනමය වෙනස්කම
•බොහෝ කාන්තාවන්ට ඔසප් වීමට දින කිහිපයකට පෙර
•ගර්භිනී සමයේ දී
•ඩිම්භ මෝචනය වන කාල සීමාවේ දී
•ආර්තව හරණය වීමට ආසන්නයේ දී •උපත් පාලන ක්‍රම වේදයන් යෙදීමේ දී (hormone replacement therapy)
02. මානසික ආතතිය
03.ආහාරමය හේතු
•චීස්, චොකලට්, ඇල්කොහොල්, රට කජු, කෝෆි
•Monosodium glutamate (MSG) යෙදූ කෘතීම ක්ෂණික ආහාර.
04.ආහාර වේල් මග හැරීම.
05.දේශගුණික වෙනස්වීම්.
06.විවිධ සංවේදන ( අධික ශබ්දය, තීව්‍ර ආලෝකය, අධික ගන්ධය)
07. විවිධ ඖෂධ භාවිතය (vaso dilation).
08. අධික ව්‍යායාමය.
09. දුම්කොල භාවිතය.
10.නින්දෙහි වෙනස්කම් සිදුවීම.
ඉහතින් දැක්වූ ආර්ධාවභේදක සදහා ආයුර්වේදයේ ඉතා සාර්ථක වූ චිකිත්සා පද්ධතියක් දක්වා ඇත. මේ අතරින් ප්‍රධානවම කෙරෙනුයේ නසය කර්ම වේ. එම නිසා ඉහත රෝග තත්වය ඔබට පවතී නම් සුදුසුකම් සහිත ආයූර්වේද වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු වේ.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara
81000