Siyapath Foundation

Siyapath Foundation

Share

Photos from Siyapath Foundation's post 05/09/2025

2025.09.05 දිනට යෙදෙන නබිතුමාගේ උපන්දිනය මුස්ලිම්වරුන්ට විශේෂ හා වැදගත් දිනයකි. 2025.04.16 වන දින සියපත් පදනම හොරගොඩ අල්හුදා මුස්ලිම් පාසලට ගොස් සංස්කෘතික අවබෝධය ලබාදීමේ අරමුණින් සිසුන්, ගුරුවරුන් සහ විදුහල්පතිතුමා සමඟ එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කළේය.මෙම වැඩසටහනේ සාර්ථකත්වය නිසාම අද දින පළ කිරීමට සිතුවෙමි.

සිංහල අලුත් අවුරුදු සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් පිලිබද අවබෝදය ලබාදිම වැඩසටහනේ අවධානය යොමු කළේය. සාම්ප්‍රදායික රසකැවිලි සකස් කිරීම,ආහාර අනුභව කිරීම, කිරි ඉතිර වීම වැනි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සහ සංස්කෘතික පිළිවෙත්වල යෙදීම ඇතුළු විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදී. ඊට අමතරව, අප සිංහල පවුල්වල සම්ප්‍රදායන් නිරූපණය කිරීම සඳහා මව, පියා,සහ දරුවා වැනි සාමාජිකයන් ලෙස භූමිකාවන් රඟ දැක්වීම සිදු කළහ. පාසලේ දරුවන් මෙම අත්දැකීම් මහත් උද්යෝගයකින් භුක්ති විඳිනු දැකීම අපට සැබෑ සතුටකි.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ මුස්ලිම් ප්‍රජාවට සිංහල සිරිත් විරිත් හඳුන්වා දීම, අන්තර් වාර්ගික මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ ආගමික හා සංස්කෘතික දැනුම හුවමාරු කර ගැනීමයි. වැඩසටහනේ සාර්ථකත්වය සඳහා පාසලේ විදුහල්පතිවරයා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් අතර, මාලිම්බඩ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ග්‍රාම නිලධාරි තුමිය, ආර්ථික සංවර්ධන නිලධාරී තුමිය තුමා, සහ සමෘද්ධි නිලධාරී තුමිය සුල්තානාගොඩ දකුන වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමා ද මෙම වැඩසටහන සදහා සහබාගී විය.

චාරිත්‍ර වාරිත්‍රවලින් පසු, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා සංවිධානය කරන ලද අතර, ක්‍රියාකාරීව සහභාගී වූ සහ මෙම ක්‍රියාකාරකම්වල විශිෂ්ටත්වය දැක්වූ සිසුන්ට ත්‍යාග ප්‍රදානය කරන ලදී.උත්සවය මෙසේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා සියපත් පදනම නිලධාරීන් සහ සාමාජිකයින් විශාල කාර්යභාරයක් ඉටු කල අතර නන් අයුරින් මේ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තූති !🙏🙏

Photos from Siyapath Foundation's post 26/02/2025

අකුරුගොඩ කනිෂ්ට විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ මොහාන් මහතාගේ ඉල්ලීම පරිදි, 2025 පෙබරවාරි 18 වන දින එම පාසලේ සිසුන් 30 දෙනෙකු වෙනුවෙන් ගණිත විෂය පිළිබඳ එක්දින සම්මන්ත්‍රණයක් පැවැත්විණි. සියපත් පදනම වෙනුවෙන් ප්‍රාශාන් සුදර්ශන මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර, සියපත් පදනමේ විධායක අධ්‍යක්ෂක සදීප් තාරක මහතා සහ මෙම පාසලේ ගණිත විෂය උගන්වන ගුරුතුමියද එයට සහභාගි විය.
මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් මොහාන් මහතාට විශේෂ ස්තුතිය පිරිනමනු ලැබේ. සියපත් පදනම විසින් සෑම වසරකම සිදු කරනු ලබන මෙම සම්මන්ත්‍රණය මෙවරත් සාර්ථකව පැවැත්වීමට හැකිවීම සතුටට කරුණකි.
මෙම සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසුන් සියලුදෙනාටත්, විශේෂයෙන්ම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට සියපත් පදනමේ අපි හද පිරි සුභ පැතුම් එක් කරමු! ඔබේ අධ්‍යාපන ගමනේ සෑම පියවරක්ම ජයග්‍රාහී වේවා!

Siyapath Foundation

Want your organization to be the top-listed Non Profit Organization in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Siyapath Foundation, Duwawaththa, Horagoda, Telijjawila
Matara