FLSP Mathale
04/04/2024
01/10/2020
වමේ සහෝදරයකුගේ නික්ම යාමට ආචාරය!
---------------------------------------------------------------
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ ඥාන ප්‍රකාසම් සහෝදරයා හදිසියේ අභාවයට පත්වීමේ පුවත වේදනාකාරී ඒකක්. දේශපාලන කටයුතුවලදී නිතර හමුවන, සිනහව පිරි මුවෙන් සහෝදර සහෝදරියන් දිරිමත් කරන සහෝදරයා නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ කඳුකර ප්‍රාන්ත කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියා.
1959 පෙබරවාරි 14 වැනිදා උපන් ඔහු තරුණ අවධියේදීම සමාජවාදය, කොමියුනිස්ට්වාදය වෙනුවෙන් විශ්වාසය ගොඩනගාගෙන ක්‍රියාකාරි වූ සහෝදරයෙක්. 1980 දසකය අගභාගයේ දේශප්‍රේමි අරගලයේද කොටස්කරුවකුව සිට පසුව ආරක්ෂාව පතා ප්‍රදේශය අත්හැර ගිය ඥානම් සහෝදරයා පසුකාලයක වමේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ ක්‍රියාකාරිත්වයට ඒක් වුණා. වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් අරගලය, නිවාස ඉඩම් ආදී අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් ව්‍යාපාරය නියෝජනය කරමින් කළ අරගලවලදී ඔහු ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කළා. ඒ් වගේම පොදුවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් වමේ දේශපාලන අරගලයට දායකවූ ඥානම් සහෝදරයා ළමා හා කාන්තා අපයෝජනයට හා පීඩනයට ඒරෙහිව වැඩ කළ සහෝදරයෙක්.
සිය පවුලේ ඥාතීන්ගේ ශෝකය මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂයේ සාමාජිකයන් ඇතුළු වාම සහෝදරත්වයේ විප්ලවීය ආචාරය මැද ඊයේ(30) අවසන් ගමන් ගියත් ඔහු වතු ජනතාව අතරටත් පොදුවේ ලාංකික පීඩිතයන්ටත් දුන් ආදර්ශය අමතක කළ නොහැකිය.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matale