CLICK
07/02/2026
03/07/2024
විනාඩියක් නැවතිලා කියවලා පලයන්
නැති වේවි එක ගැහැණියකගේ කඳුලක්......
දන්නවද බන්.....
ගැහැණියෙක් මුළු ජිවිතේ බාගයක්ම
විඳින පවුලේ අය නෑදැයෝ මේ හැමෝම
දාල දවසක යනවා වෙන කැදැල්ලකට
අළුත් ජිවිතයක් ගොඩ නගන්න.....
පුංචි කාලේ ඉදන් උස් මහත් කරපු
දෙමව්පියෝ....
එකට සෙල්ලම් කරපු හැමදේම බෙදාගෙන
රණ්ඩු උනත් ඉක්මනින් යහළු උනු
එකම ලේ දුවන සහෝදරයෝ.....
මොහොතක් හරි අපිව බලාගත්ත නැන්දලා
මාමල ලොකු අම්මලා මේ නෑදෑයෝ.....
දාලා යනවා දවසක ගැහැණියෙක් වෙලා
වෙන පවුලක නෑකමක් පටන් ගන්න.....
ටිකක් හිතපන්... තමන්ගේ පවුල
දාලා ගිහින් ඒ දුක දරා ගන්නෙත් ගැහැණු...
එතනින් පස්සේ අළුත් පවුලේ ප්‍රශ්න දුක්
දරාගන්න ඕනීත් ගැහැණු.....
ගැහැණියකට පුළුවන් නම් එක
පිරිමියෙක් වෙනුවෙන් තමන්ගේ හැමදේම
දාලා එන්න......
පිරිමියකුට පුළුවන් වෙන්න ඕනී කසාදෙන්
පස්සේ තමන්ගේ ගැනිගේ පැත්ත ගන්න...
කොන්ද පණ තියෙන පිරිමියෙක් නම්
තමන්ගේ ගැහැණි දරුවෝ කවදාවත්
මොනම ප්‍රශ්නේකදී වත් තනි කරන්නේ
නෑ කවදාවත්ම.......
ටිකක් කල්පනා කරලා බලපන්..
පිරිමි උබලා ජිවිතේ කැමති කැමති දේ කර කර ජිවිතේ විදිනකොට....
ජිවිතේ ගොඩක් හීන ආසාවල් අත ඇරලා
උබලාගේ හීන පස්සේන් දුවන්නේ ගෑණු....
උබ හරි පිරිමියෙක් නම් කවදාවත්
ගැහැණියෙක්ගේ ආසාවල් කැමති දේවල්
නැති නොකර දීපන් විඳින්න ඒකිටත්
හීන මවන ජිවිතය......
හැමෝම අත ඇරලා උබ ලගට එන
ගැහැණියට වෙන්න මුළු පවුලක්ම තනියක්
නොදැනෙන්නම.......
කසාදයක් බැදපන් දවසක තමන්ගේ
ගැහැණිගේ දරුවෝන්ගේ පැත්ත අරන්
උන්ව බලාගන්න පුළුවන් නම්......
කසාදෙන් පස්සේත් ගැහැණිව පවුලේ අයගෙන්
වෙන් කරන්නේ නැතිව දීපන්
ඉස්සර හිටපු විදියටම ඒකිට විදින්න
හැමෝම එක්ක ඒ ජිවිතය.....
කසාද බැම්ම හිර ගෙයක් කරන්නේ නැතුව..
දීපන් ඒකිටත් ඒකිගේ හීන ගොඩනගන්න
නිදහස......
බුදුහිමිගේ කලේ ඉඳලාම හැමදාම වැඩියෙන්ම
හිතින් විදෙව්වේ ගෑණු.....
හැම දුකක්ම තනියම ඉවසගෙන දරාගෙන
හිටියේ ගෑණු.....
පිරිමි ශරීරයෙන් ශක්තිමත් කියලා කීවට
උබලට පිළිගන්න වෙන්වා එක මොහොතකට හරි ගැහැණු ශක්තිමත් බව ශරීරයෙන් වගේම
මුළු හිතින්ම....
මොකද දවසක මෙලොවට දරුවෝ බිහි
කරන්න ගැහැණියෙක් විඳින දුක පිරිමි
උබලට බෑ විඳින්න හීනෙකින් වත් කිසිදිනෙක..
ටිකක් හිතපන් උබලගේ ජිවිතේ මැදින්
ඒ ගැහැණිය එකතු උනාට....
ජිවිතේ ඉතුරු කාලේ මැරෙනකන්ම
ඒකි විදිනවා උබේ අම්මා වින්දා වගේම
දුක් කන්දක්.....
කසාදෙන් පස්සේ උබ ජිවිතේ හරි
ලස්සනට විදිනවා නම් මල් තියලා
වැන්දත් පවු නෑ බන් උබේ මිනිහට...
මොකද ගොඩක් ගෑණුන්ගේ ජිවිතේ
දුක සතුට තීරණය වෙන්නේ කසාද
බඳින කෙනා අනුව.....
කසාද ජිවිතේට පලයන් බන්
මහා ගොඩක් දැවැද්දක් අරන් නෙමෙයි
ඉවසීම මහා ගොඩක් තියාන....
ඕනීම දෙයක් දරා ගන්න තරම් හයිය
හිතක් අරගෙන......
පද ගැලපුම ✍️ Asheni Adithya ✍️
01/10/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale