Business Development Supportive service

Business Development Supportive service

Share

14/06/2023

ව්‍යපාරිකයිනි,
ඔබට ගොඩ යෑමේ ක්‍රම 3කි.

ඔබ පවතින වෙළෙදපලේ හිඩසක් හදුනා ගන්න.
නැතහොත් එහි අනාගත ප්‍රවණතා වටහා ගන්න.
එසේත් නොමැති නම් මිනිසුන්ගේ ගැටලුවකට පිලිතුරක් සොයා නව වෙළෙදපලක් ඔබේ නමින් ම නිර්මාණය කර ගන්න.

මෙයින් ඔබ තුන් වන ක්‍රමය අනුගමනය කරන්නේ නම් ඔබ දිනක ලොව ජය ගන්නා දැවැන්ත ව්‍යවසායකයෙකු වනු ඇත.

01/06/2023

Manage your expenses with your income...

Copied post

දවසේ මූල්‍ය අදහස💰 05.12.2022

දිනපතා සිදු කරන ගනු දෙනු සටහන් කිරීම ඔබ තවමත් ආරම්භ කර නොමැති නම් මේ ඒ සදහා මතක් කිරීමක්.

ඔබේ වියදම් චර්‍යාව අවබෝධ කර නොගෙන ඔබේ ආර්ථික තත්වය වෙනස් කරගත නොහැකියි. පුරුද්දක් විදියට දිනපතා ලැබෙන ආදයම් වියදම් සටහන් කරගන්න.

පහසුවෙන්ම ඕනෑම Android හෝ iphone මාදිලියේ දුරකථනයක App store හෝ Play store තුළින් Download කර ගත හැකි යෙදවුම් (Expenses Tracker Apps/ Budeget Apps) කිහිපයක් මෙහි උදාහරණ යටතේ දක්වා ඇත.

පුහුණු වීම සදහා සරල App එකක් පළමුව භාවිතා කර පසුව වඩා සංකීර්ණ App එකකට මාරු වෙන්න. මෙම Apps සියල්ල නොමිලේ download කරගත හැකි අතර වඩාත් විස්තරාත්මක හා විශ්ලේෂණ දත්ත ලබා ගැනීමට මුදල් ගෙවා Premium Option එක ලබා ගත හැක.

එක් එක් අයට ගැළපෙන App විවිධ නිසා ඔබම ඔබට ගැළපෙන App එක සොයාගන්න. නැතිනම් සටහන් පොතක් හෝ Excel sheet එකක් භාවිතා කළත් කම් නැත.

එහි ඔබට අවශ්‍යය පරිදි ආදායම් වියදම් දිනපතා enter කිරීමටත්, වර්ග කර ගැනීම, මුදල් වර්ගය වෙනස් කරගැනීම සිදු කරගන්න පුලුවන්. අත්‍යවශ්‍යය කරුණ වන්නේ download කරගත් වහාම settings වල ඇති Reminder එක සකස් කර ගැනීමයි.

ඔබ දවස අවසානයේ නිදහස්ව සිටින වේලාවක් සදහා Alarm එක සකස් කරගන්න. එක් දිනක් මග හැරුණහොත් ඔබට වියදම් අමතක විය හැක. දිනපතා සටහන් කිරීමෙන් ඔබේ වියදම් රටාව ගැන අවබෝධයක් මෙන්ම පාලනයක් ද සිදුවේ.එසේම එළඹෙන ඉදිරි මාස සදහා අය-වැය සකස් කිරීමට නම් ඔබගේ වියදම් වර්ග ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය. අඩුම තරමේ මාස 2ක් වත් එක දිගට වියදම් ලිවීමෙන් පසු පමණක් අය-වැය සකස් කිරීම පටන් ගන්න.

මාසය අවසානයේ ඔබේ වියදම් චර්‍යාව කෙසේදැයි බලාගැනීමට අවශ්‍ය එක් එක් වියදම් ආදායම් වර්ග යටතේ මාසයට අදාළ මුළු එකතුව අවසාන දිනයේ බලාගත හැක. ඔබේ ජීවිතයට මෙය පුරුද්දක් ලෙස ඇතුළත් කර ගන්න.

ඔබ දැනටමත් භාවිතා කරන වෙනත් Apps තිබේ නම් පහතින් comment කරන්න. එය අන් අයටද උදව්වක් වේවි.

🖊️වෙරානි ජයසේකර
පුද්ගලික මූල්‍ය උපදේශක
05.12.2022

(දිනපතා පළවන මෙවැනි ලිපි ඔබේ ජංගම දුරකථනයටම ගෙන්වා ගැනීමට පහත Telegram Group එකට එකතු වෙන්න-Comments off කර ඇත.)

සිංහල මාධ්‍යය Group: 👇
https://t.me/personalfinancing_sinhala_lk
English Medium Group:👇
https://t.me/personalfinancing_english_lk

14/04/2023

Happy Sinhala & Hindu New Year!

24/03/2023

Do what u like, what u can..💡

Want your school to be the top-listed School/college in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Maharagama

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00