LankaCart.com

LankaCart.com

Share

07/10/2025

මේ කියන දේ වටිනාකම දැනෙන්න නම් ඔබේ දරුවන් ඉගෙනුම ලබන පාසල කුමක් ද යන්නත් මෙහි ලිවිය යුතුයි. ඔබේ දරුවන් දැනටත් යන්නේ හොඳ යැයි වර්ග කෙරුණු පාසලකට නම් ඔබ අම්මලාගේ විභාගයෙන් ඉවත් වී තිබෙන්නේ ඒ අම්මලා සහ ඒ දරුවන් පතනා දේ දැනටමත් ඔබට, ඔබේ දරුවන්ට ලැබී ඇති නිසාවෙන් බැවින් එය අගය කරන්නට තරම් අරුමයක් නොවේ.
නමුත් ඔබේ දරුවන් ආරම්භයේ සිට අද දක්වා ඉගෙනුම ලබන්නේ හොඳ යැයි වර්ග නොකළ අඩු මට්ටමේ පාසලක නම් ඔබේ ක්‍රියාව අගය කරමි.

මම මගේ ලමයි දෙන්නව ශිෂ්‍යත්ව විභාගය ලියවන්නෙ නෑ කියල මුල ඉඳලම හිතපු කෙනෙක්.

ලොකු පුතා 7 වසරෙ දැන්, එයාව ලියෙව්වෙ නෑ. පොඩි පුතා මේ පාර 5 වසරෙ එයාව ලියවන්නෙත් නෑ. ඒක අනිවාර්යය විභාගයක් නෙවෙයි . ආර්ථික දුශ්කරතා තියෙන දරුවන්ට ගමේ හෝ දැන් ඉන්න පාසලෙන් නොලැබෙන අධ්‍යාපන අවස්තාව ලබා ගන්න හදපු විභාගයක් විතරයි කියල මම දන්න සහ තේරුම් ගත්ත නිසා. ඒක මම අතහැරල දැම්ම.

ඒ නිසාම, මොන්ටිසෝරි ඉඳන් පොඩි එකාව tution ඇදගෙන ගිහින් නෑ. Tution ගුරුවරු තියා ඉස්කෝලෙ primary teacherලවත් කරේ තියාගෙන ඉන්න වෙලත් නෑ. ඉන්න හිතිලත් නෑ.

ඔක්කොටම වඩා, ආර්ථික දුශ්කරතා තියෙන, අවස්තාව නොලැබුන දක්ශ දරුවෙකුට ජනප්‍රියයි කියන ඉස්කෝලෙකට එන්න තියෙන අවස්තාව නැති කරන්න දායක වෙලාත් නෑ. වෙන්නෙත් නෑ.

"ඇයි ලියෙව්වෙ නැත්තෙ කියල අහපු අය ඉන්නව, අපරාදෙ ලියවන්න ඕනෙ ඕක ලමයගෙ මට්ටම දැනගන්න" කියල කියපු අය ඉන්නව. එයාල එහෙම හිතුවට මට එහෙම හිතෙන්නෙ නෑනෙ. මම හිනා වෙලා අමතක කරනව.

ඕක මමත් පාස් උනා. ඒ උනාට ඒකෙන් ලැබුනෙ මොන දැනුමක් ද කියල තවම හිතාගන්න බෑ. ඒව ඊට පස්සෙ ඕනෙ වෙලත් නෑ. සිංහල භාෂාව ගැන දැනුම නම් වැඩි වෙනව. ගණිත ගැටලු නම්, මහ මනුස්සයෙක්ට වත් ලේසියෙන් හදන්න බැරි ඒව හදවන්නෙ. ඒත් ඉතින් පස්සෙ ආයෙ 6 ඉඳන් පොඩි ලමයින්ට වගේම උගන්නනව.

තව ඉතින්, පාස් උන ලමයට ගෙදරින් ආදරේ වැඩියෙන් ලැබෙනව. වටේ පිටේ අය තමන් දිහා බලන විදිය වෙනස් කියල දැනෙන්න ගන්නව. එයා පාස් කියල නෙ බලන්නෙ ඊට පස්සෙ . කලින්ට වඩා ටිකක් උඩින් යනව වගේ එකක් දැනෙනව 😁 අම්මල තාත්තලටත් එහෙමයි ඉතින් . ඉස්කෝලෙ ගුරුවරුන්ටත් එහෙමයි.😌

අම්මලගෙ විභාගයෙන් මම කලින්ම අයින් උන නිසා පොඩි දෙන්න එයාලගෙ පොඩි කාලෙ tution නැතිව නිදහසේ ජීවත් වුනා කියන සතුට මට නම් තියෙනව. ඒ ඇති මට.

pass දරුවන්ගෙයි pass result sheet දාපු අම්මල තාත්තාල විතරයි දැක්කෙ fb එකේ. fail උන දරුව එක්කත් photo දාන්න අම්මලට හිතක් ඉස්සරහටවත් ඇති වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඕක මහ ලොකු එකක් නෙවෙයි බං කියල තමයි අපේ වයසෙ අම්මල තාත්තාලට කියන්න තියෙන්නෙ මටනම් ඉතින් .. පාස් උනත් ෆේල් උනත් ඔයාගෙ දරුව. 🥰

අපි හිතන විදිය වෙනස් නොකරනකම් මේ රටෙ අධ්‍යාපනය වෙනස් කරන්න කවදාවත් බැරි වේවි. tution ව්‍යාපාර නවත්තන්නත් බැරි වේවි.

- Samurdhi Bandara

06/10/2025

රන්නගල ඇල්ල - මතුගම ජනතාවට සුන්දර දායාදයක්! 💚
​ධන කුවේරයන් තරු පන්තියේ හෝටල් තටාකවල සුඛ විහරණය ලබන දීර්ඝ සති අන්තවලදී, සොබාදහමේ සුන්දරත්වය විඳිමින්, හිතේ හැටියට සතුටු වීමට අප වැනි සාමාන්‍ය ජනතාවට තැනක් කොහිද කියා සිතෙන මොහොතක, ඒ සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට මඟ සැලසී ඇත.
​"රන්නගල ඇල්ල" ජනතා අයිතියට කඩිනමින් ලබා දීමේ උදාර අරමුණින්, ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් අපමණ සහයක් ලබා දුන් කළුතර දිස්ත්‍රික් නායක, ගරු නලින්ද ජයතිස්ස ඇමතිතුමාටත්, ගරු සංජීව රණසිංහ මන්ත්‍රීතුමාටත් මුළු මතුගම ජනතාවගේම නමින් අපගේ ප්‍රණාමය පුද කරමු!
​මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය දුන් මතුගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්වත් මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමු. 🙏✨

Want your business to be the top-listed Shop in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Lanka Cart
Maharagama
0000