Human Heart Organization
14/02/2026
ලංකාවේ සුප්‍රසිද්ධ හොටල් සමූහයන් වල සූපවේදීන් අතින් හැඩවුණු ලස්සන දවසක්...🎊
Human Heart Organization සංවිධානය මීට මාස 4කට කලින් ගල්ගමුව දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය සොයා ගියේ 08ශේණියෙන් ඉහළ ළමුන් සඳහා නායකත්ව පෞරුෂ අභිප්‍රේරණ " නැණ පහන " දෙදින 19වන වැඩසටහන සිදු කරන්න. එම වැඩසටහන සිදු කිරීම සහ අත්විඳි අද්දැකීම් එක්ක විදුහල්පති තුමියට පොරොන්දු වෙනවා පාසලට අවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් උදව් කරන්න...
✅ බලාපොරොත්තුවේ පහසිල දැල්වූ දින... 2026/02/12
සෑම වසරකටම එක් පාසල් වැඩසටහනක් සිදු කරන සුවිසල් කණ්ඩායමක් මට හමුවෙන්නේ මීට වසර තුනකට කලින් සූපවේදී Kumudu Kottegoda අක්කා අප Human Heart සංවිධාන සාමාජිකාවක් වූවාට පසු ඒ මීට වසර 13කට කලින් අජිත් සූරියාරච්චි නම් සූපවේදීයානන් තනියම ආරම්බ කර අද වෙනකොට සුවිසල් කණ්ඩායමක් වන " හොටල් සුමිතුරෝ " කණ්ඩායම හඳුනාගැනීමෙන් පසු මම සම්බන්ධ කර දුන් 03න්වන පාසල ලෙස මෙම ගල්ගමුව දේවගිරිපුර වළගම්බා මහා විද්‍යාලය සොයාගෙන යන්නේ...
✅ සම්පත් දායකයන්
වැඩසටහන් නිර්මාතෘ වන සූපවේදී Ajith Kumara Suriyaarachchi මහතාගේ සම්බන්ධීකරණය හරහා " හොටල් සුමිතුරෝ " කණ්ඩායම සතුව
💌Cinnamon Red Colombo 💌 Cinnamon Life 💌 Cinnamon Grand Colombo 💌 Cinnamon Lake Side, Colombo 💌 Shangri-La Colombo 💌 ITC Rathnadipa Colombo 💌 Barance Cafe Resturant යන හොටෙල් සමූහයන්හි සේවය කරන සූපවේදීන් සහ විදෙස්ගත ලාංකීය සූපවේදීන් එකතුවෙන් පාසලට අවශ්‍යව තිබූ ✅photocopy machine ✅project, computer ✅office cupboard ✅multimedia sound ✅washroom උපකරණ ✅Stage curtains පමණක් නොව සියලූම ගුරු භවතුන් සඳහාද තෑගි බෝග ලබාදීමට අමතක නොකරන්නට වැඩසටහන සඳහා සම්පත් දායකයන් උනන්දු වී තිබුනා.
විශේෂයෙන් පාසල් ළමුන් සඳහා අවශ්‍ය පොත්පත් ඉදිරි වසරට ප්‍රමාණවත්ව ඇති බව විදුහල්පති තුමිය ප්‍රකාශ කිරීම මත දරුවන් සඳහා පොත්පත් ලබා දීම මෙවර සිදුකළේ නෑ.
🤝ස්තූතිය...
මෙම පාසල සොයා ගැනීමට මූලික වුණු සංවිධාන සාමාජික Navodya Chathumina Sathyanjana සහ පාසල වෙනුවෙන් වැඩසටහන සඳහා වුවිසල් වෙහෙසක් දැරූ Vishmini Anuradha ගුරුතුමිය මතක් කල යුතුමයි.
🤝විශේෂ ස්තූතිය...
අජිත් සූරියආරච්චි ප්‍රමුක " හොටල් සුමිතුරො " කණ්ඩායමට.
" අත්වාරුව " වැඩසටහනට සමගාමීව දියත් කල පුණ්‍ය පාරමිතාව.
ගැහෙන කකියන සුපහන් මිනිසුන්ගේ හදින් හද යා කරන මනුස්සකම - Heartfelt Humanity 
Human Heart Organization 💗 මනුසත් හදවත
Web : humanheart.lk
Mail : [email protected]
WhatsApp or call 077 934 1333
22/12/2025
මනුස්සකම් යා කරන්න සහෘදත්වයෙන් ඔබත් එන්න....🤝
ුහිරු_පූජා රුධිර පරිත්‍යාග කිරීමේ පුණ්‍ය පාරමිතාව
දිනය : 2025 - 12 - 20 සෙනසුරාදා
ස්ථානය : නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය [ Blood Bank ]
Human Heart 💌 මනුසත් හදවත 💌 Human Heart Organization
ගැහෙන කකියන සුපහන් මිනිසුන්ගේ හදින් හද යාකරන Heartfelt Humanity - හෘදයාංගම මනුස්සකම
WhatsApp or Call : 077 934 1 333
Web : humanheart.lk
Email : [email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Address
Maharagama