DesignInk

DesignInk

Share

06/05/2026

OpenAI සමාගමෙන් ගේන්න යන අලුත්ම ස්මාර්ට්ෆෝන් එක ගැන සුපිරි තොරතුරු ටිකක් මෙන්න

OpenAI සමාගම එයාලගේම කියලා අලුත් ස්මාර්ට්ෆෝන් එකක් (smartphone) හදන්න යනවා කියලා කාලෙක ඉඳන් කටකතා පැතිරුණානේ. ඔන්න දැන් ඒ ෆෝන් එක ගැන ගොඩක් වැදගත් අලුත්ම තොරතුරු ටිකක් අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

ලැබිලා තියෙන තොරතුරු වලට අනුව, මේ අලුත් ෆෝන් එකේ මහා පරිමාණ නිෂ්පාදන කටයුතු (Mass production) 2027 අවුරුද්දේ මුල් භාගයේදී ආරම්භ කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකට අවශ්‍ය කරන ප්‍රොසෙසර් එහෙමත් නැත්නම් චිප් සපයන එකම ආයතනය විදියට MediaTek සමාගම කටයුතු කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා.

මේ ෆෝන් එකේ තියෙන සුවිශේෂීම තාක්ෂණික කරුණු ටික බැලුවොත්, මේක හැදෙන්නේ Dimensity 9600 චිප් එක පදනම් කරගෙන, මේ ෆෝන් එකටම ආවේණික වුණු විශේෂිත චිප් එකකින් (Custom chip). ඒක නිර්මාණය කරන්නේ TSMC සමාගමේ අතිනවීන N2P node තාක්ෂණය භාවිතා කරලයි. ඊට අමතරව LPDDR6 සහ UFS 5.0 වගේ අලුත්ම තාක්ෂණයන්ගෙන් මේක සමන්විත වෙනවා.

කැමරාව සහ AI තාක්ෂණය ගැන මේ ෆෝන් එකේදී ගොඩක් දුරට හිතලා තියෙනවා. විශේෂයෙන්ම වැඩි දියුණු කරපු HDR එක්ක කැමරාව සහ Visual AI (ISP) ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා වගේම, AI වැඩකටයුතු වඩාත් ශක්තිමත්ව කරන්න Dual-NPU පද්ධතියකුත් මේකට ඇතුළත්. ඒ වගේම ෆෝන් එකේ ආරක්ෂාව (security) උපරිම කරන්න pKVM සහ inline hashing කියන විශේෂාංගත් මේකට එකතු කරලා තියෙනවා.

මේ හැමදේම එක්ක, 2027 සහ 2028 කියන අවුරුදු දෙක ඇතුළත මේ අලුත් ෆෝන් මිලියන 30ක් විතර වෙළඳපොළට නිකුත් කරන්න තමයි ඉලක්ක කරගෙන ඉන්නේ. අලුත්ම AI තාක්ෂණයත් එක්ක එන මේ ෆෝන් එක ස්මාර්ට්ෆෝන් වෙළඳපොළේ ලොකු පෙරළියක් කරයි කියලා අනිවාර්යයෙන්ම හිතන්න පුළුවන්.

22/01/2026

2026 ලංකාවේ පටන් ගන්න පුළුවන් සුපිරිම බිස්නස් 10ක්! 🚀

05/10/2025

දවසෙන් දෙකෙන් නම් අමාරුයි.. හැබැයි එක දිගට එක වැඩක් කරගෙන යන්න පුලුවන් නම් ගේමක් ගහන්න පුලුවන්.. ඕනි කෙනෙක්ට.

Want your business to be the top-listed Advertising & Marketing Company in Maharagama?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


340/3
Maharagama
70000