English with Pramudi - LessonUp

English with Pramudi - LessonUp

Share

Photos from English with Pramudi - LessonUp's post 19/01/2026

"එපා,එපා ,එපා"

පොඩි දරුවෙක් ගෙදර ඉන්නවා නං ගෙදරක වැඩියම ඇහෙන්නේ මේ වචන නේද?

නිකමට හිතන්න....දවස පුරා ම ඔයාට ඇහෙන්නේ "එපා" කියන වචනය විතරයි නම් ඔයාට මොනවද හිතෙන්නේ?

ප්‍රශ්නයක් අහද්දිත් එපා..
දෙයක් අල්ලද්දිත් එපා..
හයියෙන් ඇවිද්දත් ,දිව්වත් එපා...
හිනාවුණත්,කෑ ගැහුවත් ,දැගලුවත් මොන දේ කළත් එපා...එපා..එපා...

හැමදේටම එපා ...

ඔයාට දවස පුරා ම මෙහෙම එපා එපා කියලා විතරයි නම් ඇහෙන්නෙ ඔයාට කොහොම හිතෙයි ද?

ඉතින් හිතන්නකෝ පුංචි හිත්වලට ඒක කොහොම දැනෙයි ද?..අන්න ඒ පීඩනය ඒ පුංචි හිත්වලට දරාගන්න පුළුවන් වෙයි ද?

ඒ තහංචි වැටෙන්නේ දරුවාගෙ ආරක්ෂාවට,විනය හදාගන්න නෙවි...දරුවා මත පැටවෙන දෙමාපියන් ගේ/ඔයාගේ පාලනය බව මතක් කරගන්න..

දරුවෝ මුරණ්ඩු නෑ.එයාල මේ හැමදේකින්ම උත්සහ කරන්නේ එයාලට නුහුරු මේ ලෝකය දකින්න ,විදින්න වගේ ම තේරුම් ගන්නයි.

දරුවගෙ හැම පුංචි චලනයක් ම පාලනය කරන එක නවත්වන්න...
දරුවා එක්ක නිදහසේ කාලය ගෙවන්න..එකෙන් ඔයාටත් සැහැල්ලුවක් දැනෙයි.

👉 එපා කියන වචනය ඇත්තටම අත්‍යවශ්‍යම මොහොතකට විතරක් ඉතුරු කරගන්න ...

දරුවෝ කියන්නේ විසඳන්න තියෙන මහ ප්‍රශ්න ගොඩක් නෙවි,ආදරය ලැබෙන්න ඕනි පුංචි පණ ගැහෙන ජීවිතයක්...

ඉතින් අම්මා කෙනෙක් ,තාත්තා කෙනෙක් කියන්නේ නීති රීති ගොඩක් දාලා දරුවා පාලනය කරන්න ඕනි ජේලර් කෙනෙක් නෙවි,

ඉවසීම සහ ආදරය පිරුණු වගේම දරුවා තේරුම් ගත්‍ත මවක්,පියෙක් වෙන්න.

ස්තූතියි.

උපුටා ගැනිම - 🖊️ කෞශල්‍යා පෙරේරා

18/01/2026

Four things you have to stop doing immediately...☝️

16/01/2026

People are beautiful when hearts are beautiful ❤️❤️

10/01/2026

Be strong in any situation ❤️

Want your school to be the top-listed School/college in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kurunegala