Correct Side

Correct Side

Share

15/10/2025

අනේ ඒ ආදරේ❤️♥️

මට ඔයාව ලැබෙන්නෙ
අවුරුදු පහලොවෙන්….
ඔයා එතකොට පුංචි කෙල්ලෙක්….

… ඇයි ඔයා , මටත් මතකයි
ඔයත් හරිම විසේකාර කොල්ලෙක්
අපේ ගෙදර ආපු දවසෙම
බයිසිකලෙන් බිම වැටිලා
දණිස්ස තුවාල කරගත්තා…..

හහ්.. හහ් හහ්… හපොයි
හාමිනේට එකත් මතකද..
මට මතකයි මට මතකයි
සේදිරිස් මාමාගෙ
ලොකු ලැගෙජ් එක තිවුණු බයිසිකලේ…

… ඇයි මහත්තයෝ , ආව දවසෙම
අප්පච්චිත් එක්ක අපේ
හරි හරියට ඔයා වැඩ කරලා
අප්පච්චි කිව්වෙ “ ම්ම්…. යසයි…”
“ අපෙ යසවතීටම …. හහ් හහ් හහ්”

ඔයා එකපාරටම මං දිහා බැලුවා
එවෙලාවෙ තමයි මහත්තයෝ…
ඔයාගෙ ඇස් දෙක මං හරියටම දැක්කෙ..

ඉතිං……

ඉතිං මට , මහ මොකද්දෝ දැණුනා…
මං හිතන්නෙ ආදරේ වෙන්නැති
එදා ඉදං අද වෙනකං….
වෙන කිසිම පිරිමි පරාණෙකට
මට එහෙම දැනිලා නැහැනෙ මහත්තයො..

අනේ නෝනේ…. මේ අවුරුදු ගානම මං
පුතා ළග හිටියට
විසි හතර පැයේම සිහියෙ හිටියෙ ඔයා…
මට එන්ට නැතිවයි උන්නෙ..

එහෙනම් ගියෙ මහ ලොකුවට උඩ දාං
හ්ම්.. ඉන්ට එපැයි මං නැතිවම

හ්ම්… අය මං යන්නෙ නැහැ නෝනෙ..
අපි ආයෙත් එකටම ඉමු…
ආදරේ පොරවගෙන…
බලන්නකො ඔය සුවද..
ඒ වගේමයි… තාමත්.
හිතටත් මගේ
හරිම සැනසීමයි…….

මං ආයෙත් ආවනේ ඉතිං…

මහා ✍️

Correct Side ゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ ゚

15/10/2025

ගුරු පිදුම

සැමරුම් වාර ගාණක්
කොපමණක්දැයි හිතන්නටවත්
නොහැකි තරමක්…….

කර දඩු උස් ඌ කොලු පැටව් රෑනක්
හදවතෙහි ලෙංගතුකමෙහි සළකුණු
මෙලෙස මා වෙත පිදුණි , බෝමක්
පිරුණි හිත් මා කල්ප ගානක්…

මහා ✍️

゚viralシfypシ゚viral ゚viralシviralシfypシ゚viralシalシ ゚

Want your public figure to be the top-listed Public Figure in Kurunegala Colony?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kurunegala Colony
60000