Tharuka Ranaweera

Tharuka Ranaweera

Share

13/05/2026

හර්ෂ ද සිල්වා අපට තුන්වරක් හෝ හතරවරක්
මුණ ගැසී තියෙනවා.

පළමු අවස්ථාව අරගල කාලය තුළ
අදහස් හුවමාරු කරගන්න.
ඔහු එදා කිව්වේ උපරිම සාමකාමී වෙන්න,
විප්ලවයකට යන්න ඉඩදෙන්න එපා කියන එක.

අරගලයෙන් පස්සේ රනිල්ගෙන් ඔහුට මුදල් ඇමතිකම
අත උඩින් ගන්න තිබුනා.
එදා ඔහු කිව්වෙත් කෙටිකාලීන දේශපාලන ජීවිතය
විනාශ කරන පාරක යන්න බෑ කියන එක.

ඊළග අවස්ථාව අරගලයෙන් පසු
රටේ ආර්ථිකය පිළිබදව සාකච්ඡා කරන්න.

අවසාන වශයෙන් පවතින රජය පාලන බලය
ලබා ගැනීමෙන් පසු.

මගේ පෞද්ගලික අදහස ඔහු නිහතමානී වගේම ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් සහිත නායකත්ව ගති ලක්ෂණ ඇති පුද්ගලයෙක්.

2022ත් 2026 ඔහු සෘජුව හිටගෙන ඉන්නවා.

2024 recovery එකෙන්
පස්සේ රටක් විදියට අපි එකම තැනක පල් වෙන්නේ.
රට වෙනස් කරගන්න හිතලවත් නෑ.

2029 තවත් රටේ වැදගත් හැරවුමක් තියනවා.

මාලිමාව බලය අත් අරින්න සූදානම් වෙන එකක් නෑ.
නාමල්ගේ කදවුර වේගයෙන් ශක්තිමත් වෙනවා.

වැඩිම ජන්ද පදනමක් තිබුනු
දක්ෂිණාංශික කදවුර අද ඇත්තටම හිස් තැනක්.

සජිත්ගේ රනිල්ගේ කාලය අවසන්.
නායකයෝ කියන්න කෙනෙක් නෑ.

අනුර ඉතාම සූක්ෂම එරාන්ව එළියට ගත්තා.

දකුණට පණ දෙන්න ශක්තිමත් ඉහළ පෙළක් අවශ්‍යයි.
සජිත් ගොඩදාන එක මට පේන්නේ
මැරුණු ලෙඩෙක්ගේ ඇග උඩ නැගලා CPR
දෙනවා වගේ වැඩක්.

මධ්‍යස්ථ ජන්ද දායකයෙන් හිත හදාගන ජන්දෙ දෙන්න පුලුවන් හර්ෂ වගේ කෙනෙක්ට..

ඔහු ජනාධිපති ද
අගමැති ද
මුදල් ඇමති ද කාලය තීරණය කරාවි!

නමුත් දකුණේ කුහකකම්, ඊර්ෂ්‍යාව අත් ඇරලා
ඔහුව ඉහළට ගේන්න.

TR

රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි.

දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි.

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.

ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.

ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා. රටට අලුත් යුගයක් අවශ්‍යයයි.

16/04/2026

ඉහළ පෙළ ✅
දැන් නිර්ධන පන්තියටත් තියෙන්නේ ලෝකයට මුහුවෙලා, ඊර්ෂ්‍යාව අත් ඇරලා, ධනය එක්ක යාළු වෙන්න! ⛏️🪏

Want your public figure to be the top-listed Public Figure in Kotugoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ja Ela
Kotugoda