Project Uplift

Project Uplift

Share

11/12/2023

ලෙඩක් හැදුනාම අපි මුලින්ම කරන්නේ අපිට ලෙඩක් තියනවා කියලා පිලිගන්න එක නැතුව දාර්ශණික ප්‍රායොගික නැති මොනවහරි වදනක් බිත්තියේ එල්ලග්න්න එක නෙවෙයි නේ.

අන්න ඒ වගේ තමා කැත ලස්සන. වර්තමාන ලෝකේ සමහරු ජීවත් වෙන සමහරවිට සමාජයට වැටිලා නැති කෙල්ලෝ/කොල්ලන්ගේ රුවන් වැකියක් තමයි "ලස්සන වැඩක් නැහැ, කෙනෙක් ගේ ඇතුළාන්තය තමයි..."

බම්බුව් ව...

මේ ලොක්කේ මිනිස්සු ලස්සන කියන දේ ඇතුළාන්තයෙන් බලනවනං සිරාවටම ඒක අපිත් මාර විදියට ආස දෙයක්. ඒත් ලෝකේ යඨාර්තය ඒක නෙවෙයි. Uplift එකේ අරමුණ බොරු සුරංගනා කතා වලින් මනක්කල්පිත ලෝක අස්සේ තරුණ තරුණියන්ව හිරකරන් නැතුවා ඇත්ත ඇති සැටියෙන් කියලා දෙන එක, මේ ලොකේ වැඩ කරන්නේ මෙහෙමයි කියන එක කියල දෙන්න.

මං මුලින් කිව්වා වගේ අපිට ලෙඩක් තියනවා කියල පිලිගත්ත දවසකට තමයි අපි බෙහෙත් ගන්නේ. අන්න ඒ වගේ ඔයා කැතයි කියලා පිලිගත්ත දවසකට පුලුවන් ඔයාටම ආවේනික විදියකට ලස්සන වෙන්න, එහෙමත් නැත්තං තමාට ආවේණික style එකක් හදාගන්න පුළුවන් වෙන්නේ, ඒ මොකක් වත් බැරි නං තමාටම කියලා වෙනත් විදියකින් value එක වැඩි කරගන්න.

ඇතුළාන්තයෙන් ලස්සන බලන අය ඇති සුළු පිරිසක්, එත් වැඩක් නැහැ මොකද අපි කලින් කිව්වා වගේ ඔයා ඉන්නේ බහුතරයක් ඇතුලේ, සමාජයක් ඇතුලේ අන්න ඒ නිසා කිව්ව දෙවල් හොදට තේරුන් ගන්න. ලස්සන එකෙක් ඇවිත් ලස්සන වැඩක් නැහැ කියන එකෙයි කැත එකෙක් ඇවිත් ලස්සන වැඩක් නැහ කියන එකයි මිනිස්සු අතරට යන්නේ විදි දෙකකට කියලත් හොදට මතක තියාගන්න!

23/04/2022

Duca සහ පිරිමිකම
===========

මතකද උඹලට (කොල්ලෝ) පොඩි කාලේ යහළුවෝ කියනවා උඹ පිරිමියෙක් නන් මේක කරපන් නැත්තන් අරක කරපන්,ඉටිපන්දමට ඇඟිල්ල අල්ලපන් වගේ දේවල්.ඒ කාලේ අපි හිතුවේ පිරිමිකම කියන්නේ කරන්න පුළුවන් හැම හුයන්නම කරන එක කියලා නැත්තන් පිරිමියෙක් නෙවෙයි වගේ ලෙවල් එකක් තමා අපිට වදින්නේ.

🤔දැන් ටිකක් හිතලා බැලුවොත් පිරිමියෙක් කියන්නේ කියන කියන හැම හුය න්නම කරන කෙනෙක්ට නෙවෙයි කොන්ද පන ඇතුව පුළුවන් දේට පුළුවන් කියන්නයි බැරි දේට බැහැ කියන්නයි පුළුවන් වෙන්න ඕන පුද්ගලයෙක්ට.

පාරක 80+ වේගෙන් ගියේ නැහැ කියලා පිරිමිකම අඩුවෙන් නැහැ එහෙම හිතනවනන් ඒක ආකල්පමය ප්‍රශනයක් මිසක පිරිම්කමේ අවුලක් නෙවෙයි,එහෙම උඹේ කෙල්ලත් ඒ සාධක වලින් උඹේ පිරිමිකම මණිනවානන් එයාටත් තියෙන්නේ ආකල්ප ප්‍රශ්නයක්.මොකද කෙල්ලට සිරා කරා කියලා එයා කරන හිතන හැමදේම හරී කියලා හිතන්නෙපා! අන්නෙක තමා කෙ ල වෙන අනිත් Point එක

මෙතන මා ඇතුළුව Group එකේ ගොඩ දෙනෙක්ට තියන දුකට එක හේතුවක් ( ප්‍රධානම හේතුව කිව්ව්ත් හරි ) තමා ගොඩක් උන්ට පිරිමියෙක් වගේ හිටගන්න බැහැ තීරන ගන්න බැහැ.මේක මේ උපතින්ම එන දෙයක් නෙවෙයි මේක ගොඩක් දුරට වෙන්නේ පවුල් පසුබිම,පරිසරය සහ සමාජ දැනුම අඩුකමයි.කොල්ලෙක් හොඳ හෝටල් වලින් කද්දි කද්දි සහ EQ Level එක වැඩි වෙද්දි වෙද්දි ඔව්වා නිකන්ම ඔළුවට එනවා ඒත් ඒව සමහරුන්ට එද්දි කල් ගිහින් වැඩී.

පිරිමියෙක් වුනාම එක එකා කියන පදේට නටන්න ඕන නැහැ හැබැයි මේ කියන දේවල් ටික හිඳට ඔළුවට ගන්න.

1)ඉතින් #කද කියන attitude එකෙන් ඉන්න 🖕: ,ඒ කිව්වේ අර "අරි න් වද? ආ තව අ රින්න " කියන එක නෙවෙයි.උඹ උඹ ගැනම Confident නං සාධාරණ හේතුවක් නැතුව කෙල්ල දාල ගියානන් අනේ පලයං කියන තරමට GigaChad කෙනෙක් වෙන්න.යහළුවෝ ගනන් ගන් නැත්තන් තනියම ආතල් එක ගන්න.මට #කද කියන Attitude එක හදාගෙන බලපන්කො මන් කියනවට උඹට Worry වෙන්න ගොඩක් හේතු අඩුවෙයි.

2)සල්ලි නැත්තන් වැඩක් නැහැ නැහැ නැහැමයි.බොරු සුරංගනා කතා වලට අහුවෙන්නෙපා සාධාරණ විදියට උඹ ඕන තරන් හම්බකරලා ගේමක් ගහපන්.

දැන් අපි ඉන්නේ ගිලෙන් නැවක Eg: උඹ Degree එක ඉවර කරල Intern යන්න ඉන්නවනන් පුතේ Sorryම තමා..(උඹට සල්ලි නැත්තන්)

දැන් සල්ලි නැතිම කෙනෙක් නං සල්ලි ටිකක් හොයාගන්න ගේමක් ගහ පන්,ඒ කිව්වේ Fast Food Restaurant එකක හරි වැඩ කරපන් උඹේ ඔය පට්ටම් ඔක්කොම පැත්තක දාල! නැත්තන් උඹට ම ලාට ගොඩ එන්න බැහැ උඹ University එකේ ඉන්න එකෙක් නං.නිකමට හිතපන් උඹේ දයිවයේ ලියවිල තියෙන්නේ උඹ කොත්තු කඩේක වැඩකරල දවසක ධනවත්ම Chef වෙනවා කියලා! උඹ උඹේ Opputunity එක නැති කරගන්නව රැල්ලට ගිහින්.දැන් ආර්තිකේ ගොඩක් වැටිල ඒ නිසා සුපිරිම ගේමක් ගහන්න 22 පැනලත් ගෙදරින් කක බිබී ඉන්නවනන් ඉතින් ලැජ්ජයි.එළියට බහින්න.සල්ලි තියන එකා ගාව තමා හැමෝම ඉන්නේ.මොකද උඹේ කෙල්ල හරි කෙල්ලගේ ගෙදරින් හරි හිතනවා මූ කොහොමද පවුලක් නඩත්තු කරන්නේ කියලා!

3)ලස්සන නැහැ කිය කිය අඬන කොල්ලොන්ට කියන්න තියෙන්නේ කොල්ලෙක්ගේ ලස්සන වැඩක් නැහැ කෙල්ලොන්ට කොල්ලෙක් ගේ ලස්සන බලනවනන් බලන්නේ කො ලු # රයෝ තමා ඉතින්.කඩවසම් වෙයං තමාට ආවේනික icon එකක් හදාගන්න ඒ කිව්වේ කොන්ඩේ කපන විදිය,Shave කරන විදිය ඇඳුම් ගලපලා අඳින විදිය වගේ දේවල්.සල්ලි හම්බකරලා Gym එකකට යන්න ඇඟ හදාගන්න එතකොට තමා T-Shirt එකක්, ඇඳමත් ලස්සනට පෙන්නේ.මොකද උඹේ මූනෙන් උඹ ගැන ගොඩක් තොරතුරු කෙල්ලන්ට හොඳට මීටර් වෙනවා අර Barcode එකක් Scan කරනවා වගේ.

4)පරිණාමයෙන් පැවතගෙන එන දෙයක් තමා ඔය ශක්තිමත්ම,ස්ථාවරම පිරිමියා හොයන එක(ref Sexual Selection/Mating Contest).ඒක පෙන්නන්න ලක්ෂණ තමා 6-Packs,Jawline,කතාකරන විදිය ,සටන් කරන්න පුළුවන් කම + දැන් සල්ලි (ඒ කිව්වේ කන්න බොන්න දෙන්න පුළුවන්ද? සතුටින් තියන්න පුළුවන්ද කියන එක).කෙල්ලෝ කැමති හොඳම දේවල් වලට ඒ නිසා උඹත් හොඳම භා ණ් ඩයක් වෙන්න.උඹට ස්වභාවධර්මය වෙනස් කරන්න බැහැනේ? නේද උඹ වෙනස් වෙයන්

5)ඕන හුයන්නක් වෙච්චදෙන් 👌👈: උපරිම ගේම ගහපන් ඒ කිව්වේ,මගේ Youtube Video එක කවුරුවත් බලන්නේ නැති වේයිද? මගේ Facebook Post එකට Reactions නැති වෙයිද වගේ දේවල් හිතන්නෙපා.බැලුවත් එකයි නැතත් එකයි ඕන හු වෙච්ච දෙන් මට වැඩක් නැහැ මන් video 100ක් හරි දානව.උඹ හත් ගව්වක් මුහුද තියාගෙන අමුඩ ගහන්න ගත්තොත් පුතේ නාකි වෙනකන් ඉතින් සොරිම තමා.උඹ ගහපන් ගේම පුතා ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන් නැතුව.

6)හොඳ කැ*යෙක් වෙන්න : සමාජයේ ජීවත් වෙනවනන් පුතේ කැ රි කම ටිකක් තියෙන්න ඕන නැත්තන් ඉතින් Survive වෙන්න අමාරුයි.ඒ කිව්වේ නිකන් ඉන්න අහිංසක මිනිස්සුන්ට කරදර කරල,කෙල්ලෝ අනාථ කරන්න කියන එක නෙවෙයි එහෙම වුනොත් ඒකට කියන්නේ Toxic Masculinity කියලා,එහෙම වෙන්නෙපා හොඳ මනුස්සයෙක් වෙන්න හැබැයි අවශ්‍ය තැන කැ ‍යෙක් වෙන්න!

7)Cringe කියන දේ සාපෙක්ෂයි උඹ කරන දේවල් එකෙක්ට Cringe වගේ පේද්දි තව එකෙක්ට Based වෙන්න පුළුවන්.උඹ උඹට හරී කියල හිතෙන දේ කරපන් නැත්තන් ඉතින් බුදියගන්න රෙද් දක් පොරවගෙන.හැබැයි සමාජයේ බහුතරයක් Cringe කියල සම්මත දේවල් කරන්නෙපා පුතේ , ඒ කිව්වේ උඹට සිංදු කියන්න බැරිනං මී-හරකෙක් වගේ ගො බ් බ Music Video කරල දාන්න එපා.Facebook Group වල Kottu කන්න නැහැ ගගා වැලපෙන්න එපා

8)පොර මානසීකත්වය අයින් කරපන් දියුණු වෙන්න ඕනෙනන්, හැබැයි "පොර වෙන්න ඕන" මානසීකත්වය හදාගනින්

9)කොන්දක් , පිරිමිකමක් තියනවනන් රට වෙනුවෙන් දෙයක් කරපන් උඹලට පිරිමිකමක් නැත්තන් ඉතින් අර රට ඉන්න උන්ගේ ඇඟේ එල්ලිල රට යන්න දඟලන කෙල්ලෝ වගේ වෙන්න එපා! රට වෙනුවෙන් කරපන්,අරගල කරපන් කතාකරපන්,භයවෙන්නෙපා ( පිරිමියක් නං භයවෙන්නෙපා එහෙම නැත්තන් ඉතින් කමක් නැහැ )

10)සමහර දේවල් ඉතින් පොත් පත් වල නැහැ කොල්ලෙක් හොඳ හෝටලයකින් කන්නම ඕන ඉතින් හැදෙන්න,ඊට කලින් තමා මන් මේ දේ කියන්නේ :

සල්ලි හම්බකරපන්,
උඹටම කියලා Brand එකක් හදාගනින්, ඒ කිව්වේ අම්මට මේ උබ නේද කියන Level එකට
වටිනාකමක් හදාගනින්
ලේසියෙන් කාටත් ලබාගන්න බැරි දෙයක් වෙයන්
ස්ථාවර වෙයන්
මොකක් හරි ඉගෙන ගනින් Qualifications හදාගනින්
සිරාවට Busy වෙයන්
තමාගේ ආගම වෙනුවෙන් Fight කරන එකෙක් වෙනුවට පුළුවන් තරමක් ධර්මිශ්ට මනුස්සයෙක් වෙන්න
පොරක් වෙන්න නං රටට සමාජයට සේවයක් කරන්න 💪

මන් මේ කිව්වේ මූලික දේවල් ටික ඊළඟ පොස්ට් එකෙන් ගැබුරට ගොඩක් දේවල් කතාකරනවා.මන් මේ කියන දේවල් වලින් උඹලා තැනකට එයි උඹලා ඔය දුක් වෙන දේවල්
Nothing කියලා හිතෙයි දවසක...

Want your organization to be the top-listed Government Service in Kotte?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kotte