Creative Link Designs

Creative Link Designs

Share

Photos from Creative Link Designs's post 07/05/2026

🍇 🍇 🍇

31/01/2024

🙏💐🙏

බුදුරජාණන්වහන්සේ වන්දනා කරමින් දවස ආරම්භ කරමු..!

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති.

ඉති‘පි සෝ පාඨයෙහි එන පාලි පද වල සවිස්තරාත්මක සිංහල තේරුම මෙසේය.
ඉති‘පි - (ඉති+අපි) මෙසේ ද
සෝ - ඒ භගවා - භාග්‍යවතුන් වහන්සේ

1. අරහං - රහසින්වත් පව් නොකරන හෙයින් අරහං නම් වන සේක.
2. සම්මා සම්බුද්ධෝ - දතයුතු සියල්ල මනාකොට දැනගත් හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
3. විජ්ජාචරණ සම්පන්නෝ - විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
4. සුගතෝ - යහපත් ගමන් විලාස හා යහපත් වචන ඇති නිසා සුගත නම් වන සේක.
5. ලෝකවිදූ - සියලු ලෝක පිළිබඳව දැන වදාළ නිසා ලෝකවිදූ නම් වන සේක.
6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී - දමනය කළයුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හෙයින් අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.
7. සත්ථා දේවමනුස්සානං - දෙවි මිනිසුන්ට ශාස්තෘ හෙයින් සත්ථා දේවමනුස්සාසං නම් වන සේක.
8. බුද්ධෝ - චතුරාර්ය්‍ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම් වන සේක.
9. භගවා - අපමණ පුණ්‍ය බලයකින් යුක්ත නිසා භගවා නම් වන සේක.
ඉති‘පි සෝ පාඨයෙහි සිංහල තේරුම මෙසේය.

ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. සුගත නම් වන සේක. ලෝකවිදූ නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක. බුද්ධ නම් වන සේක. භගවා නම් වන සේක.

Want your business to be the top-listed Advertising & Marketing Company in Kesbewa?
Click here to claim your Sponsored Listing.

Website

Address


Rest House Road
Kesbewa