Nadeesh Vlogs

Nadeesh Vlogs

Share

20/09/2023

කොත්මලේ යමූ 💚
To Kothmale's most famous and enchanting places.

Join me on a virtual journey to these enchanting destinations!
From the majestic views of Peacock Hill to the historical significance of Kothmale Saya and the serene atmosphere of Kadadora Viharaya…

1. Peacock Hill 🦚 - Witness the breathtaking panoramic views that will leave you speechless. It's a paradise for nature lovers and photographers alike.

2. Kothmale Saya 🏛️ - Explore the rich history and cultural heritage of Kothmale through this ancient temple. Its serenity and beauty are truly captivating.

3. Kadadora Viharaya 🙏 - Discover inner peace as you walk through the tranquil surroundings of this Buddhist temple. It's a spiritual sanctuary amidst nature's grandeur.

Photos from Nadeesh Vlogs's post 10/09/2023

දවසක විවේකී නිවාඩුවක් ගත කරන්න යන්නම ඕන සුපිරි බංගලාවක්

බංගලාව ගැන හා යන විදිහ

Nagrak කියන්නේ නන්පෙරිල් වතුයායේ බංගලාවක්.මේ වතුයාය පිහිටලා තියෙන්නේ බෙලිහුල් ඔයට කිට්ටුව. හරියටම කිව්වොත් ලෝකාන්තය බලන්න ගිහාම අපිට පල්ලෙහා පෙන තේ වත්ත තමයි මේක තියෙන්නෙ
කොළඹ බදුල්ල පාරේ බෙලිහුල්ඔය පහුකරලා කිලෝමීටර් කීපයක් ගියාම නන්පෙරියල් වත්තට යන පාර හමුවෙනවා. දුෂ්කර වංගු 33 ක් ගෙවාගෙන කිලොමීටර් 22 ක් කන්ද උඩට ගියාම මේ අති සුන්දර බංගලාවට යන්න පුළුවන්. එතන හන්දියේ ඉඳලාම නගින්න තියෙන්නේ අර ලෝකාන්තයට පේන පල්ලම‍. හිතාගන්න පුළුවන්ද එතකොට කොහොම කන්දක් නගින්න තියෙනවාද කියල

වෙලාවකට ඝණ මීදුමෙන් මුළු වටපිටාවම වසාගන්න , තවත් වෙලාවකට අමුතුම නිස්කලංක බවක් එක්ක ගුප්ත බවක් දැනෙන මුහුදු මට්ටමේ සිට අඩි 7000 ක් උසින් පිහිටි සොදුරුතම නැවතුමකට ටිකක් රිලැක්ස් වෙන්න යන්න තමා මේ පාර සෙට් උනේ

මේ Nagrak Holiday බංගලාව. මේකට යනවා නම් booking එකක් දාගෙනම තමයි යන්න පුළුවන් වෙන්නේ. Booking එකක් දාන්න ඕනේ නම් මෙන්න මේ phone numbers වලට 👉 07777 818 95 or 011230 8408 call කරලා booking එක දාගන්න.
මේක තනි තනිව කාමර දෙන තැනක් නෙවෙයි. Book කරනවා නම් සම්පූර්ණ බංගලාවම book කරන්න ඕනේ .
ඒකට රුපියල් 80000 මුදලක් යනවා.
ඒ වගේම පහළ සිට සාමාන්‍ය වාහන වලින් අදාළ ස්ථානයට යෑමට නොහැකි නිසා off road වාහනයකට රුපියල් 20,000 ක් ගන්නවා. එක වාහනයක යන්න පුළුවන් වෙන්නේ 7 දෙනෙක්ට විතරයි.
පහළසිට එහෙම යන්න වාහනයක් ඕනේ නම් කතා කරන්න මෙයාලට 👉 (078) 705 0212

අපිට උයල දෙන්න ඒ බංගලාවේ අප්පු කෙනෙකුත් ඉන්න නිසා උයන පිහන දේවල් ගැන වද වෙන්න ඕනෙත් නෑ අපි උයන්න අවශ්‍ය කරන බඩු ටික ගිහින් දෙන්න ඕනෙ . අපිට තියෙන්නේ එහේ ගිහින් ආස විදිහට නිදහසේ විනෝද වෙන එක විතරමයි.

බ්‍රේකර්ස් බෙන්ඩ්

බේකර්ස් ආණ්ඩුකාරයා යනු හෝර්ටන් තැන්නේ විසූ අලින් දහස් ගණනින් විනෝදය පිණීස මරා දැමූ කෙ​නෙකි. ඔහු එම අඩවියේ සිටි සියලුම අලි ඇතුන් මරා දමන ද අතර ඒ අවට තේ වතු සංවර්ධනය ද සිදු කරන ලදී. බේකර්ස් ඇල්ල හෝර්ටන් තැන්නේ තිබෙනවා සේම ඒ හා සමාන තවත් ඔහුගේ නමින් ඇති ස්ථානය නම් නන්පේරියල් වත්තේ පිහිටි බේකර්ස් වංගුවයි. සුදු ජාතීන්ට අතීතයේ යාන වාහන ​​නොතිබුණු නිසාවෙන් ඔවුන් ගමන් බීමන් ගියේ අසරුවන්ගේ මතිනි. ඔවුන්ටම වෙන් වූ අශ්වයන් පිටරටින් ගෙන ආ අතර ඔවුන් සියලුම ගමන් බිමන් යන ලද්දේ අශ්වයන්ගේ පිටේය. මෙලෙස බේකර්ස් ආණ්ඩුකාරවරයා ඉහළ ගලගම ලඳු යාය ප්‍රදේශයේ සිට නන්පෙරියල් වෙත ළඟා වීමට ඉතාමත් දුෂ්කර අශ්ව මාර්ගයක් පවා භාවිත කළ අතර වාර්තමානයේ පවා එය දක්නට ලැබේ.

නන්පේරියල් වතුයායේ 23වන වංගුව වූ බේකර්ගේ වංගුවද පසු කර එම මගදිගේ ඉහල ගමන්කිරීමෙන් 31වෙනි වංගුවෙන් පසු නන්පේරියල් වතුයායේ ඉහල කොටස වන නගරැග් කොටසේ නග්රැක් ජනාවාසය හමුවේ(මුහුදු මට්ටමෙන් අඩි 6990,පඹහින්නේ සිට 12Km පමණ).ඉන් ඉදිරියට මාර්ගය 33වෙනි වංගුවත් පසුකර මුහුදු මට්ටමින් අඩි 7200ක් පමණ ඉහලින් පිහිටි නග්රැග් බංගලාව දක්වා වැටී ඇති අතර එහි පිවිසිය හැක්කේ එම බංගලාව මුදල් ගෙවා වෙන්කරගත් පුද්ගලයන්ට පමනි.තවද නග්රැග් බංගලාව අසල සිට 2Km පමන අඩිපාරක් ඔස්සේ පා ගමනින් හෝටන්තැන්න වෙතට පිවිසිය හැකි අතර එම මාර්ගයේ හෝටන් තැන්න වෙතට යනවානම් විශේෂ අවසරයක් ගතයුතු බව පැවසේ.
බංගලාවට පිටිපස්සෙන් අඩියක් විතර පළල පොඩි දොළ පාරක් ගලාගෙන යනවා. මේ දොළ පාරෙන් තමා සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් වෙන් වෙන්නේ. දොලෙන් එහා පැත්ත හෝර්ටන් තැන්න රක්ෂිතය.බංගලාවට දකුණු පැත්තෙන් අඩි පාරක් තියෙනවා ලෝකාන්තයට, මේ ආදී පාර දිගේ ගිය තැන ලෝකාන්තයට යන්න පුළුවන් . හැබැයි එක සම්පුර්ණ නීතිවිරෝධී ඇතුල් වීමක්. මට්ටු වුනොත් බඩුම තමා. අපි ඒ පාරෙන් ලෝකාතෙට ගිහින් එන්නත් අමතක කරේ නෑ

බේකර්ස් බෙන්ඩ් කියන්නේ හැමෝම යන්න ආස, නමුත් කාලයක් තිස්සේ මහ ජනතාවට තහනම් වෙලා තිබුන, නන්පේරියල් සහ නැග්රක් කියන ඉතා උස් මට්ටමින් තියන ගම්මාන දෙක අතර තියෙන ඉතාම ආකර්ශනීය ස්ඵානයක්.
එය මෑතක සිට ජනතාවට නැරඹීම සදහා යලි විවෘතයි. නමුත් ඒ සදහා වතු අධිකාරියෙන් ප්‍රවෙශපත්‍රයක් ලබා ගත යුතු වෙනවා.

අපි දැන් ඉන්නේ ගමනාන්තේ, මුහුදු මට්ටමෙන් අඩි 6990ක් උඩ . නග්රක් බංගලාව ට පිටුපාල හිටගත්තම පේන සුන්දරත්වය නම් කියල නිම කරන්න බෑ .

අපි ගියපු වීඩියෝ එකත් පහල ලින්ක් එකෙන් බලන්න පුළුවන්

https://youtu.be/h4lNsldT8Hw?si=1cAWfAhnFl4Nk2pa

08/08/2023

Experience the breathtaking beauty of Nuwaragala in our latest vlog! 🪨

Click the link below to watch the full video and immerse yourself in the stunning landscapes and captivating moments of our Nuwaragala tour.

https://youtu.be/WJljMOgt7H8

වියළි කලාපයේ කන්දක් නගින්න නම් ඉතින් නුවරගල තමා..

කාලයාගේ ඇවෑමෙන් නටඹුන් වන සද්ධාතිස්ස රජු අතහැර දැමූ නටඹුන් නගරය "නුවරගල"

වැඩි විස්තර දැනගන්න නම් ඉතින් video එක බලන්න...

Don't forget to hit "Subscribe" and "Like" button to stay updated with more amazing travel content . 🌲🌿🍃

Photos from Nadeesh Vlogs's post 26/03/2023

කනවිද්දාගල 2023.03.20

කාලයක් තිස්සෙ යන්න හිතේ ආසාව තිබුනත් ගොඩක් වෙලාවට මට යන්න නොලැබුන නිසා අපි මේ ගමන හෙට යමු කියන අදහසින් මම ගෙදරින් පිටත් උනේ හවස 6ට විතර.
මගේ අනිත් සගයන් මගින් ගමනට සෙට් වෙලා අපි කලුගල ජයරත්න මාමලාගෙ ගෙදරට එනකොට 12.45am විතර ඇති.
ගමන් මහන්සිය යන්න එක්ක සීතලේම නාගෙන නින්දට වැටුනු අපි උදේ 6 විතර නැගිට්ටත් පාන්දර වෙනකම් වැස්ස මාර අවුල් ඉතිං
කෝකටත් කියල රෙඩි පිට හිටපු අපි 8am විතර ගෙදරින් පිටත් උනේ හවස් වෙන්න කලින් කනවිද්දාගලට යන්න. ඒ ගමනට පැය දෙක හමාරක් තුනක වෙලාවක් යනව. හවස් වරුවට මීදුමත් වැස්සත් සෙට් උනොත් සොරිම තමා.
ගමන පටන් අරන් ටික දුර යනකොට වැස්ස මීදුම හොදටම පට්ට අවුල් ඉතිං, ඒත් මාම කිව්වෙ ඊයෙත් මෙහෙමයි පුතේ 12 විතර වෙනකොට මීදුමයයි බය වෙන්න එපා. ඒ විශ්වාසයත් එක්ක අපි ආපුහු ගමන පටන් ගත්ත.
වහිනව පායනව මීදුම නිසා විව් එක එනව යනව
කෙහෙල්පත්දෝරුවෙන් පහලට බැහැල කනවිද්දාගලට යනකොතත් වැස්ස.
ටිකක් පායනකම් ඉදල අපි ඉක්මනටම කනවිද්දාගල උඩා ගියේ ආපහු වැස්සක් එන්න කලින්.වැස්ස නිසා සක්‍රීය උනු ඇලි 10,11 විතර මාරම ලස්සනක් ඉතිං.
පොටෝස් වීඩියෝ අරන් drone එකත් දාල අපි පල්ලම් බහින්න හදනකොටම මීදුමයි වැස්සයි ආයෙ සෙට් උනා.
ඉක්මන් ගමනෙන් පිටත් උනේ යහංගල යන්න බලාපොරොත්තුවෙන්. 3 විතර වෙනකොට පතනට ආව. වෙල්ලන්ගොල්ල පතනට ඇවිත් එතන ඉන්නකොට ආයෙ වැස්සක් එක්ක තද මීදුමක් ආපු නිසා යහංගල යන අදහස හිතෙන් අයින් කර ගන්න උනා.
ගෙදර යන්නත් ඕනෙ හෙට වැඩ නිසා පරක්කු නොවී අපි පල්ලම් බැස්ස.
මාමලාගෙ ගෙදරින් හොදට නාල කාල තේ එකකුත් බීල අපි ආපහු අපේ ගෙවල් බලා පිටත් උනා.
හැම දෙයක්ම මුදල් වලට විකිනෙන කාලෙක සල්ලි වලට වඩා මනුස්ස කම තියෙනව කියන දේ ජයරත්නමාම කියන චරිතෙ තුල අදටත් තියෙනව.අපිට නවාතැන් ,කෑම බීමට අයකිරීමක් නැතුව තමයි ඔහුගේ ගාස්තුව උනත් කිව්වෙ.අසාදාරනයක් නොකරපු අපෙන් මාම ඇහුවෙ පුතේ මෙහෙම ගත්තට කමක් නැද්ද කියන එක විතරයි.

සැලකිය යුතුයි
කනවිද්දාගල මුදුනේ ඇති ගල් කැබැලි වශයෙම් නිසා ගැලවී යාමේ අවදානමක් තියෙනව කුඩා කන්ඩායමක් යනව නම් ගමන වඩා පහසු එකක් වෙයි. ඒ වගේම වැසි දවස් වල ලිස්සන ගතිය නිසා අවදානම් සහිතයි
කූඩැල්ලන් මෙන්ම වල් අලි සිටින ප්‍රදේශයක් නිසා වඩාත් සැලකිලිමත් වෙන්න
යන්න විදින්න පා සටන් වලට අමතරදෙයක් තබා නොඑන්න

කනවිද්දාගල යන්න මග පෙන්වන්නෙක් විදියට ජයරත්න මාම තමයි හොදම කෙනා කියල කියන්න පුළුවන්
ජයරත්න මාමව සම්බන්ද කර ගන්න මේ දුරකතන අංක වලට කතා කරන්න. කෑම නවාතැන් ටෙන්ට් වගේ දේවල් පවා සලසා ගන්න පුළුවන්
ජයරත්න මාම 0713317759
පුතා ඉන්දික 0783768162

වැඩි විස්තර වීඩියෝ එකෙත් තියෙනව ඒකත් බලන්න අමතක කරන්න එපා
Video link
https://youtu.be/uEAEm3-DZKg

Want your public figure to be the top-listed Public Figure in Katunayake?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Katunayake