I Love Kandy
30/04/2026
අදයි ඒ මහා දිනය! 💙💛⚡
වසරේ වඩාත්ම බලාපොරොත්තු වූ මහා ඉසව්ව වෙනුවෙන්,
මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය අතර වාර්ෂික මහ ක්‍රිකට් ගැටුම.
'BATTLE OF THE BLAZING BLUES'
2026 අප්‍රේල් මස 30 වන දින පැවැත්වේ.
එහිදී හමුවෙමු!
#
29/04/2026
"ජය ශ්‍රී මහා බෝධි අංකුරයක අමෙරිකානු ගමන" !
🌱🇱🇰🤝🇺🇸
ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් "ඒහිපස්සිකෝ සාම පාගමන" කණ්ඩායම වෙත පිරිනැමූ අති පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් අමෙරිකා එක්සත් ජනපදය බලා වැඩම කරවීම, ශාක විද්‍යාත්මකව මෙන්ම අධ්‍යාත්මිකව ද අතිශය බැරෑරුම් කර්තව්‍යයකි. මෙම ඓතිහාසික අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා ජාතික ශාක නිරෝධායන සේවයේ (NPQS) කෘමී විද්‍යා අංශය (Entomology Division) ලබා දුන් වෘත්තීයමය දායකත්වය අප මහත් අභිමානයෙන් සිහිපත් කරමු.
අමෙරිකානු ශාක සෞඛ්‍යාරක්ෂිත (Phytosanitary) ප්‍රමිතීන් ලොව දැඩිම නීති පද්ධති අතර ප්‍රමුඛ වේ. ඕනෑම ශාකයක් එරටට ඇතුළු කිරීමේදී "ආක්‍රමණශීලී පළිබෝධකයින්" (Invasive Pests) පිළිබඳව ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවේ. මෙහිදී කෘමී විද්‍යා අංශයේ විශේෂඥ නිලධාරීන් විසින්,
පළිබෝධ නිදහස් සහතිකය (Pest-free certification) - බෝධි අංකුරයේ පත්‍ර, අතුවල හෝ කඳෙහි පියවි ඇසට නොපෙනෙන කෘමි බිත්තර, කෝෂ හෝ කුඩා කෘමීන් (උදාහරණ ලෙස: scale insects, mites) නොමැති බව තහවුරු කිරීම සඳහා සූක්ෂ්ම විද්‍යාත්මක පරීක්ෂාවන් සිදු කරන ලදී.
ශාකයේ සෞඛ්‍යයට හානියක් නොවන පරිදි, ජාත්‍යන්තර නිරෝධායන නීතිවලට (ISPM) අනුව මෙම අංකුරය සූදානම් කිරීමේ පූර්ණ වගකීම ඔවුන් විසින් ඉටු කරන ලදී.
මෙම සුවිශේෂී කාර්යයට දායක වීමට ලැබීම ජාතික ශාක නිරෝධායන සේවයේ කෘමී විද්‍යා අංශයේ සමස්ත කණ්ඩායමටම ලැබුණු දුර්ලභ භාග්‍යයකි. එය හුදු රාජකාරියකට එහා ගිය, මහත් ගෞරවයකින් සහ කැපවීමකින් යුතුව ඉටු කළ මෙහෙවරකි. තම විද්‍යාත්මක දැනුම සහ වෘත්තීය නිපුණතාවය, රටේ සංස්කෘතික හා ආගමික සබඳතා ලොව පුරා ව්‍යාප්ත කිරීමට යෙදවීමට ලැබීම පිළිබඳව එම කණ්ඩායම නිහතමානීව ආඩම්බර වෙති.
මෙම පූජනීය අංකුරය අමෙරිකානු භූමියේදී සාර්ථකව මුල් ඇද වැඩෙන්නේ, අපගේ විද්‍යාඥයින් සහ නිලධාරීන් දැක්වූ මෙම නිහඬ සහ සූක්ෂ්ම දායකත්වයේ ප්‍රතිඵලයක් වශයෙනි.
"සාමයේ සංකේතය රැගත් මෙම උතුම් වෘක්ෂය, නව භූමියක සශ්‍රීකව වැඩී ලොවටම ආශිර්වාදයක් වේවා!"
ඡායාරූප : තුෂාර වික්‍රමාරච්චි 🙏
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kandy
Kandy
20000