Zen Academy
මේක ඇත්තක් නේද?
හම්මෝ ඒ ඩාක් මොඩ් එක ✅
😂 That's a real dev life😂
08/09/2025
Hello කට්ටිය! ඉතින් ඔයාලා AI/ML project එකක් හරි, වෙන මොකක්හරි වැඩකට script එකක් run කරන්න ගිහින් PowerShell එකේ මෙන්න මේ වගේ error එකක් දැකලා තියෙනවද?
File C:\path\to\your\script.ps1 cannot be loaded because running scripts is disabled on this system. For more information, see about_Ex*****on_Policies at https:/go.microsoft.com/fwlink/?LinkID=135170.
අප්පටසිරි! මොකක්ද මේ වෙලා තියෙන්නෙ? Don't worry, මේක ඔයාගේ computer එකේ අවුලක්වත්, ඔයා කරපු වැරැද්දක්වත් නෙවෙයි. මේක PowerShell වල තියෙන default security feature එකක්. අපි බලමු මේ scene එක step-by-step ගොඩදාගන්නෙ කොහොමද කියලා. මේක ගොඩක් අයට බැරි කොමන් ලෙඩක්
මොකක්ද මේ Ex*****on Policy කියන්නෙ?
සරලවම කිව්වොත්, මේක තමයි ඔයාගේ computer එකේ PowerShell scripts run කරන්න පුලුවන්ද, බැරිද, පුලුවන් නම් මොන වගේ ඒවාද run කරන්නෙ කියලා තීරණය කරන security guard කෙනෙක්. Microsoft එක default විදියටම මේ guardව ටිකක් සැරට තියලා තියෙන්නෙ, malicious scripts වලින් ඔයාගේ PC එක protect කරගන්න.
පොදුවේ මේ Ex*****on Policies 4ක් තියෙනවා:
✅ Restricted: Default setting එක. කිසිම script එකක් run කරන්න බෑ. Interactive commands විතරයි.
✅ AllSigned: Digitally sign කරපු scripts විතරයි run කරන්න දෙන්නෙ.
✅ RemoteSigned: ඔයාගේ computer එකේ ඔයාම හදපු scripts run කරන්න දෙනවා. ඒත් Internet එකෙන් download කරපුවා run කරන්න නම්, ඒවා trusted publisher කෙනෙක්ගෙන් sign කරලා තියෙන්න ඕන. ගොඩක් වෙලාවට අපි use කරන්නෙ මේක තමයි.
✅ Unrestricted: කිසිම බාධාවක් නෑ. ඕනම script එකක් run කරනවා. හැබැයි ටිකක් risky.
හරි, දැන් වැඩේට බහිමු Error එක Fix කරගන්න Steps
මේක කරන්න නම් ඔයාට Administrator privileges ඕන වෙනවා.
Step 1: Open PowerShell as an Administrator
මේක අනිවා කරන්න ඕන දෙයක්.
Start Menu එකට ගිහින් "PowerShell" කියලා type කරන්න. එන "Windows PowerShell" result එක උඩ Right-click කරලා "Run as administrator" select කරන්න. User Account Control (UAC) prompt එකක් ආවොත් "Yes" දෙන්න.
Step 2: දැනට තියෙන Policy එක Check කරමු
Admin විදියට open කරගත්ත PowerShell window එකේ, මෙන්න මේ command එක type කරලා Enter ගහන්න.
Get-Ex*****onPolicy
ගොඩක් වෙලාවට ඔයාට output එක විදියට Restricted කියලා පෙන්නයි. අන්න ඒකයි script එක run වෙලා නැත්තෙ.
Step 3: Ex*****on Policy එක වෙනස් කරමු
දැන් අපි මේක RemoteSigned වලට වෙනස් කරමු. ඒක තමයි ගොඩක්ම safe සහ common solution එක. පහල තියෙන command එක type කරලා Enter ගහන්න.
Set-Ex*****onPolicy RemoteSigned
Step 4: වෙනස Confirm කරමු
මේ command එක ගැහුවට පස්සෙ, PowerShell එක ඔයාගෙන් confirmation එකක් ඉල්ලයි මෙන්න මේ වගේ:
Ex*****on Policy Change
The ex*****on policy helps protect you from scripts that you do not trust. Changing the ex*****on policy might expose
you to the security risks described in the about_Ex*****on_Policies help topic at
https:/go.microsoft.com/fwlink/?LinkID=135170. Do you want to change the ex*****on policy?
[Y] Yes [A] Yes to All [N] No [L] No to All [S] Suspend [?] Help (default is "N"):
බය වෙන්න එපා. Keyboard එකේ Y අකුර type කරලා Enter ගහන්න.
Step 5: Verify the Change
දැන් ආයෙමත් Step 2 එකේ command එක ගහලා බලන්න.
Get-Ex*****onPolicy
දැන් ඔයාට output එක RemoteSigned කියලා පේනවා නම්, වැඩේ හරි ✅
දැන් ඔයාට අර කලින් run කරන්න බැරි උන script එක කිසිම අවුලක් නැතුව run කරගන්න පුලුවන්.
හැබැයි පොඩි දෙයක් මතක තියාගන්න 🌑
Unrestricted කියන policy එක use කරන එකෙන් වලකින්න, විශේෂයෙන්ම ඔයා මොකක්ද run කරන්නෙ කියලා 100% sure නැත්නම්. RemoteSigned කියන්නෙ security සහ usability අතර හොඳ balance එකක්. ඔයාගේ වැඩේ ඉවර උනාට පස්සෙ, ආයෙමත් security එක ගැන හිතනවා නම්, Set-Ex*****onPolicy Restricted command එක ගහලා default setting එකටම මාරු වෙන්නත් පුලුවන්.
ඔන්න ඕකයි ex*****on policy scene කතාව. දැන් ඉතින් බය නැතුව ඔයාලගේ වැඩ කරගන්න.
Adithya Bandara ✅
05/09/2025
AI සහ LLM field එක ගැන උනන්දු අයට, මෙන්න ගොඩක් වටිනා පොත් set එකක්. Foundation level එකේ ඉඳන් advanced production concepts වෙනකම්ම මේ පොත් ටිකෙන් cover වෙනවා.
Designing Machine Learning Systems - Chip Huyen
Machine Learning system එකක් මුල ඉඳන් design කරන විදිය ගැන solid foundation එකක් දෙන පොතක්. Model training වලට එහා ගියපු data engineering, MLOps, serving, and monitoring වගේ practical topics ගොඩක් මේකෙන් cover වෙනවා. AI/ML engineer කෙනෙක්ට ගොඩක් වැදගත්.
Prompt Engineering for LLMs - Berryman & Ziegler
LLMs වලින් හොඳම results ගන්න නම් prompt engineering කියන්නේ අත්‍යවශ්‍ය skill එකක්. මේ පොතේ basic prompts වල ඉඳන් Chain-of-Thought වගේ advanced techniques දක්වා, LLM එකකින් අපිට ඕන දේ හරියටම ලබාගන්නා ආකාරය පැහැදිලිව කියලා දෙනවා.
AI Engineering - Chip Huyen
Chip Huyen ගෙම තවත් හොඳ පොතක්. AI projects වල engineering පැත්තට මේකේ වැඩි අවධානයක් දීලා තියෙනවා. Real-world case studies එක්ක, AI system එකක් production deploy කරන්න අවශ්‍ය practical knowledge එකක් මේකෙන් ලබාගන්න පුළුවන්.
Building LLMs for Production - Louis-François Bouchard & Louie Peters
Pre-trained models use කරන එකෙන් එහාට ගිහින්, තමන්ගෙම LLM එකක් මුල ඉඳන් හදන්න, fine-tune කරන්න සහ deploy කරන්න අවශ්‍ය technical knowledge එක මේ පොතේ තියෙනවා. Advanced topics ගැන උනන්දු අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
LLMs in Production
මේ පොතේ focus කරන්නේ LLMs අරගෙන real-world applications වල production යොදවන විදිය ගැන. Performance optimization, cost management, and scalability වගේ production වලදි මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු සහ ඒවාට විසඳුම් ගැන මේකේ කතා කරනවා.
LLM Engineer's Handbook - Paul Iusztin & Maxime Labonne
LLM Engineer කෙනෙක්ට අවශ්‍ය සම්පූර්ණ දැනුම එක තැනකින් ලබා දෙන handbook එකක්. LLM lifecycle එකේ data collection වල ඉඳන් deployment සහ monitoring දක්වා හැමදේම මේකේ cover වෙනවා. Industry best practices සහ tools ගැන ඉගෙනගන්න හොඳ resource එකක්.
ඔයාලා මේ පොත් කියවලා තියෙනවද, නැත්නම් මේ list එකට එකතු කරන්න කැමති වෙනත් පොත් තියෙනවද?පහලින් comment කරන්න.
Adithya Bandara ✅
04/09/2025
Simple Experimental Prompting with nano banana what you think about it?
🙃❤️
Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Kandy