Welfare Association - NIFS
02/01/2025
2025 උදා වූ නව වර්ෂය ආයතනයේ සමස්ථ කාර්ය මණ්ඩලයට සුුබ නව වර්ෂයක් වේවායි ප්‍රාර්ථනා කරමින් සුභ සාධක සංගමය මගින් 2025.01.01 දින උදෑසන ආයතන පරිශ්‍රයේ පැවැත් වූ විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනාව...
මේ සදහා අපගේ ආරාධනය පරිදි හන්තාන සිරි ධම්මරතන තිපිඨක ධර්මායතනයේ විහාරවාසි ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කරන ලදි.
02/01/2025
2025 නව වසරේ රාජකාරී ආරම්භ කරමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂතුමන්ගේ මූලිකත්වයෙන් 2025.01.01 දින උදෑසන පැවැති විශේෂ වැඩසටහන
මේහි දී ආයතනයේ සමස්ථ කාරය මණ්ඩලයම සමගින් සාම්ප්‍රායිකව සිදු කරන ජාතික ධජය එසවීම සහ Clean Sri Lanka ප්‍රතිඥාව ලබා දීම සිදු කරන ලදි.
06/12/2024
සුභ සාධක සංගමය මගින් 2024 දෙසැම්බර් 05 වැනි දින, මහනුවර ජාතික රෝහලේ රුධිර පාරවිලයන ඒකකය හා සම්බන්ධ වෙමින් ආයතනික පරිශුයේ සංවිධාන කල ලේ දන්දීමේ වැඩසටහන...
මීට සමගාමීව ආයතනික කාරයය මණ්ඩලය සදහා පරික්ෂාවක්ද සිදු කරන ලදි.
12/08/2024
ආයතනයේ වසර 02 මාස 03 ක පමණ කාලයක් අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරමින්, ආයතනට සුවිශේෂි කාර්‍යය භාරයක් සිදු කල මහාචාර්‍යය සාලුක කොඩිතුවක්කු මැතිතුමන් 2024 ජුලි මස 30 වැනි දින තම අධ්‍යක්ෂ ධූරයෙන් සමුගන්නා ලදි.
මෙම සමුගැනීමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත ලෙස ආයතනයේ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්‍යය අතුල සුමතිපාල මැතිතුමන් සමගින් කාර්‍යය මණ්ඩලයේ සියලුම සේවක මහත්ම මහත්මීන් සහභාගි විය.
12/08/2024
2024 මාරතු 08 වැනි දිනට යෙදුණු ලෝක කාන්තා දිනය නිමිත්තෙන්, සුභ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහන.
මෙහි ප්‍රධාන දේශනය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් ඉදුමිණි මැණික්දිවෙල මහත්මිය විසින් සිදු කරන ලද අතර, ආයතනයෛ් දීරඝ කාලයක් සේවය කොට මේ වන විට විශ්‍රාම ලබා සිටින හිටපු සේවක මහත්මීන් කිහිප දෙනෙකු මෙහි දී ඇගයීමට ලක් කෙරිණි 👍
12/08/2024
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයෙකු වූ අභාවප්‍රාප්ත මහාචාරය සී.බී. දිසානායක මැතිතුමන්ගේ තෙමස් පූරණ පිංකම පසුගිය 2024 ජුලි මස 05 වැනි දින,
හන්තාන සිරි ධමිමරතන ත්‍රිපිටක ධර්‍යමායතනයේ විහාරවාසි මහා සංඝරත්නය වැඩමවීමෙන් ආයතනික පරිශ්‍රයේ දී සිදු කෙරිණි 🙏
08/08/2024
ආයතනයේ සුභ සාධක සංගමය මගින් වාරෂිකව සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමීති කොට ගෙන සංවිධානය කරනු ලබන සුහද බක්මහ උළෙල මෙවරත් 2024 අප්‍රේල් මස 20 වැනි සෙනසුරාදා දින ආයතනික පරිශ්‍රයේදී පැවැත්විය.
07/08/2024
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වසර 30 කට ආසන්න කාලයක් යාන්ත්‍රික ශිල්පි තනතුරේ ලෙස සේවය කොට, සේවා දිවියෙන් විශ්‍රාම ගනු ලැබු අසංක පුෂ්පකුමාර මහත්මයාණෙනි, ඔබ තුමන්ට සුභම සුභ විශ්‍රාම දිවියක් වේවා...
01/07/2024
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වසර 30 කට ආසන්න කාලයක් තාක්ෂණ නිළධාරීණියක් ලෙස සේවය කොට, 2023 ජුනි 02 වැනි දින තම සේවා දිවියට සමුදුන් ආර්.කේ.සී. කරුණාරත්න මහත්මියනී,
ඔබට සුබම සුබ විශ්‍රාම දිවියක් වේවා 🙏
01/07/2024
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වසර 28 වැඩි කාලයක් ප්‍රධාන පේදරේරු නිළධාරී ලෙස සේවය කල ඩි.ජි දොරකුඹුර මහත්මා 2023 ජුලි 04 වැනි දින තම සේවා දිවියට සමුදෙන ලදි.
ඩි.ජි දොරකුඹුර මැතිතුමණී, ඔබතුමන්ට සුබම සුබ විශ්‍රාම දිවියක් වේවායි අප හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන්නේමු.
26/06/2024
ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වසර 28 කට ආසන්න කාලයක් සේවක කොට, විශ්‍රාම ලබන විට ප්‍රධාන තාක්ෂණික නිළධාරී ලෙස 2020 ඔක්තොම්බර් 28 වැනි දින තම සේවා දිවියට සමුදුන් සනත් ඔපාත මැතිතුමණි...
ඔබට සුවබර, නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් වේවායි 🙏
අදත් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.
26/06/2024
සුභ සාධක සංගමය සහ මහනුවර ජාතික රෝහලේ ලේ බැංකව හා එක්ව 2019 වරෂයේ ආයතනික පරිශ්‍රයේ සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහන
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Hanthana Road
Kandy
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |