Footprint Diary.

Footprint Diary.

Share

23/05/2026

❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

19/04/2026

Madu Ranga Bandara

Photos from Footprint Diary.'s post 19/03/2026

කාලෙකින් මහනුවර පැවැත්වූ වියැකී යන රූකඩ සංදර්ශනය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික හා කලා සංසදය මඟින් සංවිධානය කරන ලද රූකඩ සංදර්ශනයක් පසුගිය 18 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ගම්පොල උදය ශාන්ත ජනකලා පදනම මඟින් මෙහෙයවන ලද මෙම රූකඩ සංදර්ශනයේ ඇහැලේපොළ කතා වස්තුව ප්‍රදර්ශනය කෙරුණු අතර, සංදර්ශනය අවසානයේදී නැරඹීමට පැමිණ සිටි කුඩා දුවා දරුවන් ඇතූළු පිරිස් සඳහා තිරය පිටුපස රූකඩ නටවන ආකාරය සජීවීව දැකබලා ගැනීමට රූකඩ ශිල්පීන් විසින් අවස්ථාව සලසා දීම ද විශේෂත්වයකි.

ගැමි නාටක අතර ඇති අපූරු රූපන කලාවක් ලෙසින් රූකඩ හැඳින්විය හැකිය. රූකඩ කාලාව ලංකාව තුළ මෙන් ම ලෝකය පුරා ම විවිධ රටවල් තුළ ප්‍රචලිතව ඇති කලාවකි. රූකඩ කලාවේ ආරම්භය මෙදින යැයි නිශ්චිතව ම ප්‍රකාශ කළ නොහැකි වුවත් එය මානව ශිෂ්ටාචාරයේ ආරම්භක යුගවල සිට ම පැමිණෙන විනෝදාස්වාදන මාධ්‍යක් ලෙස හඳුනාගත හැකිය. ලංකාව තුළ ද රූකඩ කලාව පිළිබඳ ඉතිහාසය අනුරාධපුර යුගයෙන් ද ඔබ්බට දිවයන බව ඓතිහාසික සාධක සාක්ෂි දරයි. රූකඩ යන්නෙහි වචනාර්ථය ගත් විට ලීයෙන් කරන ලද මිනිස් හෝ වෙනත් රූප යන අර්ථය ශබ්දකෝෂ තුළ හඳුනාගත හැකිය. එලෙස ම සමහර තැනෙක රූකඩ යනු ‘රූපයෙන් කොටසක්’ යන අර්ථයද ලබා දී ඇත..

Madu Ranga Bandara
Like,Fallow @ Share

Want your public figure to be the top-listed Public Figure in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Kandy