ScienceSick
28/05/2026
📌 පින්බර පොසොන්/වෙසක් පෝය නිමිත්තෙන් ඔබත් දන්සලක් ලෑස්ති කරනවාද? නැත්නම් දන්සල් සොයනවාද? 🍚✨
ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැවැත්වෙන සියලුම දන්සල් එකම තැනකින් පහසුවෙන්ම දැනගන්න සහ ඔබ දෙන දන්සල ගැන මුළු රටටම කියන්න දැන්ම Dansala.lk වෙබ් අඩවියට පිවිසෙන්න!
🔹 ඔබ දන්සලක් දෙන කෙනෙක් නම්:
ඔබේ දන්සල පැවැත්වෙන ස්ථානය, දිනය, වෙලාව සහ දන්සලේ වර්ගය (බත්, අයිස්ක්‍රීම්, සරුවත් ආදී...) ඉතාම පහසුවෙන් Dansala.lk හි නොමිලේම ලියාපදිංචි කරන්න. දුර බැහැර සිට එන සැදැහැවතුන්ට ඔබේ දන්සල සොයාගෙන ඒමට එය ලොකු උපකාරයක් වේවි. 🙏
🔹 ඔබ දන්සල් වඳින්න යන කෙනෙක් නම්:
ඔබේ ප්‍රදේශයේ හෝ ඔබ ගමන් කරන මාර්ගයේ ඇති දන්සල් මොනවාද කියා සිතියමක් (Map) ආධාරයෙන් නිවැරදිවම බලාගන්න.
👉 අදම පිවිසෙන්න: www.dansala.lk 🌐
(නැතහොත් Google Play Store / App Store හරහා App එක බාගත කරගන්න.)
🇱🇰
Sri Lanka's #1 AI Powered Facilities Finder Platform Locate Vesak & Poson Dansal, Free Food, Water Stations & Festival Facilities across Sri Lanka with AI-powered real-time updates.
23/05/2026
🎂 Birthday එක විතරක් නෙමෙයි "උපත". හැම තත්පරේම අපි මානසිකව ඉපදෙනවා! 🤯
අප "ඉපදීම" ලෙස සාමාන්‍යයෙන් දකින්නේ මවකගේ කුසින් බිහිවන, එක්වරක් පමණක් සිදුවන භෞතික ක්‍රියාවලියක් වුවත්, සැබෑ උපත සිදුවන්නේ භෞතිකව නොව, තත්පරයක් පාසා මානසිකවයි. ඇත්තෙන්ම අප මේ ජීවත්වන කාලය තුළ දහස් වාරයක් ඉපදෙමින් සහ මියයමින් සිටින්නෙමු.
හොඳ-නරක, සතුට-දුක යන ද්විත්වභාවයෙන් මිදී, සිතුවිලි දෙස හුදෙක් උපේක්ෂාවෙන් බලා සිටීමට හැකි නම්, එහිදී කිසිදු මානසික උපතක් සිදුවන්නේ නැත.භෞතික සිරුර කුමක් කළත්, මානසිකව අලුතින් ඉපදීම නතර කළ ඒ මොහොතේ පටන්, පුද්ගලයා අත්විඳින්නේ කියා නිම කළ නොහැකි, පරම නිදහසකි. එය කිසිදු බාහිර සාධකයකින් උදුරා ගත නොහැකි, ඔබ තුළම පවතින ගැඹුරුම සත්‍යයයි.
#සෝවාන් #බුදුදහම
03/05/2026
🥀
04/04/2026
වසර 50කට පසු යළිත් සඳ බලා යන මිනිසා: Artemis II මෙහෙයුම 🚀🌕
මිනිස් ඉතිහාසයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්, නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන 'ආර්ටෙමිස්' වැඩසටහනේ දෙවන අදියර හෙවත් 'Artemis II' මෙහෙයුම සඳහා දැන් සියල්ල සූදානම්!
මෙම මෙහෙයුමේ ඇති විශේෂත්වය කුමක්ද?
🔹 පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම: වසර 50කට අධික කාලයකට පසු සඳ වටා ගමන් කරන පළමු ගගනගාමීන් කණ්ඩායම මෙයයි. මෙයට රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන අභ්‍යවකාශගාමීන් ඇතුළත් වේ.
🔹 චන්ද්‍ර කක්ෂය වෙත: මෙම මෙහෙයුමේදී ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් සිදු නොකරන අතර, සඳ වටා ගොස් පෘථිවියට ආරක්ෂිතව පැමිණීමට නියමිතයි. මෙය මීළඟ අදියරේදී (Artemis III) සිදු කරන සඳ මත ගොඩබැසීම සඳහා වන පෙරහුරුවකි.
🔹 ලොව බලවත්ම රොකට්ටුව: මීටර 98ක් උසැති, දැවැන්ත 'Space Launch System' (SLS) රොකට්ටුව සහ 'Orion' අභ්‍යවකාශ යානය මෙහිදී භාවිතා වේ.
🔹 කාලසීමාව: දින 10ක පමණ කාලයක් පුරා මෙම සංචාරය සැලසුම් කර ඇත.
මෙම මෙහෙයුම සාර්ථක වීමෙන් පසු, මීළඟ පියවර ලෙස ප්‍රථම කාන්තාව සහ ප්‍රථම වර්ණභේදයකින් තොර පුද්ගලයා සඳ මත පතිත කරවීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.
අභ්‍යවකාශ ගවේෂණයේ නව යුගයක ආරම්භය දැක ගැනීමට ඔබත් සූදානම්ද? ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න! 👇
12/02/2026
ඔබ දන්නවාද 1913 කාලයේ ඇමරිකාවේ මිනිසුන් තමන්ගේ දරුවන්ව තැපැල් මගින් නෑදෑයන්ට යැවූ බව?
වර්ෂය 1913 ජනවාරි මාසයයි. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ දැඩි ශීතලක් පවතින උදෑසනක තැපැල් මහතෙකු වූ ජේම්ස් ලයිට් තමන්ගේ රාජකාරිය සඳහා සූදානම් වෙමින් සිටියේය. ඒ වන විට ඇමරිකානු තැපැල් සේවය විසින් අලුත් සේවාවක් හඳුන්වා දී තිබුණි. ඒ තමයි "Parcel Post" හෙවත් පාර්සල් තැපැල් කිරීමේ ක්‍රමය. මීට පෙර තැපෑලෙන් යැවිය හැකි වූයේ ලිපි ලේඛන පමණක් වුවත් දැන් රාත්තල් 50ක් දක්වා බර ඕනෑම දෙයක් අඩු මුදලකට තැපැල් කළ හැකි විය.
එදින උදෑසන ජේම්ස් ලයිට්ගේ තැපැල් කාර්යාලයට පැමිණි යුවළක් කළ ඉල්ලීමෙන් ඔහු මොහොතකට ගල් ගැසුණි. "අපිට මේ පාර්සලය අපේ අම්මලාගේ ගෙදරට යවන්න ඕනේ," ජෙසී බීගල් නම් පියා පැවසීය. ඔහු පෙන්වූයේ පෙට්ටියක් හෝ බෑගයක් නොවේ. ඒ ඔවුන්ගේ මාස අටක් වයසැති කුඩා පුතු, ජේම්ස් ය. තැපැල් ගාස්තුව ලෙස ඔවුන්ට වැය වූයේ ශත 15ක් පමණි. නමුත් එම දරුවාට ඩොලර් 50ක රක්ෂණයක් (Insurance) ලබා දීමටද ඔවුහු අමතක නොකළහ.
ජේම්ස් ලයිට් නම් තැපැල්කරු මේ දරුවාගේ ඇඳුමේ තැපැල් මුද්‍රා සහිත ටිකට් පත අලවා තමන්ගේ තැපැල් මල්ලේ ආරක්ෂිතව තබාගෙන සැතපුම් කිහිපයක් දුරින් පිහිටි දරුවාගේ මිත්තණියගේ නිවසට ඔහුව භාර දුන්නේය. මෙය ඉතිහාසයේ වාර්තා වූ පළමු "දරුවෙකු තැපැල් කිරීමේ" සිදුවීමයි.
මේ පුවත ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ඒ කාලයේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන දරුවෙකු කැඳවාගෙන යාමට යන වියදමට වඩා, තැපැල් ගාස්තුව ගෙවා දරුවා යැවීම ලාභදායී බව දුප්පත් දෙමාපියන්ට වැටහුණි.
1914 පෙබරවාරි මාසයේ තවත් අපූරු සිදුවීමක් වාර්තා විය. හතර හැවිරිදි චාලට් මේ පියර්ස්ටෝෆ් නම් කුඩා දැරියගේ කතාව ඉන් ප්‍රසිද්ධම කතාවයි. ඇගේ දෙමාපියන්ට අවශ්‍ය වූයේ චාලට්ව සැතපුම් 73ක් ඈතින් සිටින ඇගේ ආච්චිගේ නිවසට යැවීමටය. දුම්රිය ටිකට් පතක් මිල අධික වූ නිසා, ඔවුන් චාලට්ගේ කබායේ ශත 53ක තැපැල් මුද්දර ඇලවූහ. ඇයව එදින රාත්‍රියේ තැපැල් දුම්රියක (Mail Train) ආරක්ෂිතව යවන ලදී. ඇය ගමන් කළේ ලිපි ලේඛන සහ පාර්සල් ගොඩගසා තිබූ මැදිරියේය. එහි සිටි තැපැල් නිලධාරීන් ඇයට කෑම බීම ලබා දෙමින්, සුරතල් කරමින් ගමනාන්තය දක්වා රැගෙන ගියහ. ඇය ඇත්තටම "තැපැල් කළ දරුවෙකු" ලෙස ඉතිහාසයට එක් වූවාය.
06/02/2026
පටල ගන්නේ නැතුව විසඳගමු...
මුලින්ම ඔයාලා හැමෝම ගැසට් එක හොදට කියවන්න. ලොකු ගාණක් යන්නෙ නෑ පුලුවන් නම් ප්‍රින්ට් අවුට් එකක් හරි අරගෙන කියවන්න. අවශ්‍ය දේ හයිලයිට් කරගන්න.
පලවෙනි එක
2023 / 02/ 10ට කලින් ඉදලා රාජ්‍ය සේවේ ඉන්න අයට ඔන්න අද ඉදන් ඇප්ලයි කරන්න පුලුවන් 🥰 ඔයාලා වෙබ්සයිට් එකට ගියාම ඔයාලගේ ඇප්ලිකේශන් එක එතන පෙන්නයි.
2023/02/10 න් පස්සේ රාජ්‍ය සේවෙට බැදුන අයට ලියන්න වෙන්නෙත් ඕපන් එක්සෑම් එක. ඒ කියන්නේ එලියේ ඉන්න උපාධිධාරීන් එක්ක. ලින්ක් එක පෙබරවාරි 20 ඉදන් ඕපන් වෙයි..🥰🥰
පුරාවිද්‍යාව අය ගැන නම් ටිකක් කණගාටුයි. ඒත් ඔයාලට පුලුවන් නම් ඔයාලා හදාරපු උපාධිය ඉතිහාසයට සම්බන්ධයි කියලා කැම්පස් එකෙන් ලියුමක් ගන්න පොඩි සහනයක් ලැබෙයි කියලා විශ්වාස කරන්න පුලුවන්.
බොහෝ දේ වෙනස් වෙන්නත් පුලුවන්. එක හීනෙන් එළි වෙන්නෙ නෑනේ.
ඊටපස්සේ ක්‍රෙඩිට් ගාන.. ඔයාලා ස්පේෂල් එකක් කලා නම් ඔයාලට සම්පූර්ණ ක්‍රෙඩිට් ගාන 120යි. මේකෙන් 1/3 ක් ඒ කියන්නේ ක්‍රෙඩිට් 40ක් ඒ අදාළ සබ්ජෙක්ට් එකට තියෙන්න ඕනේ.
සාමාන්‍ය උපාධියක් කලා නම්.. ක්‍රෙඩිට් 30ක් ඒ අදාළ සබ්ජෙක්ට් එකට තියෙන්න ඕනේ. එතකොට 1/3 සෙට්ල්..
සමහර කෝසස්වලට ක්‍රෙඩිට් 03ක් , 02ක් වගෙ ලැබෙනව. අවධානෙන් ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක කියවන්න. ක්‍රෙඩිට් එකයි ග්‍රේඩ් එකයි පටල ගන්න එපා 🤭🤭
ඊළගට ශිෂ්‍ය උපදේශනය..
ඔයාලා සමාජ විද්‍යාව හරි මනෝ විද්‍යාව හරි කරලා තියෙනවනම් ප්‍රධාන විෂයක් විදියට..ගැටලුවක් නැතුව උපදේශනය ඉල්ලන්න පුලුවන්
ඒ වගේම වෙනත් උපාධියක් එක්ක ඩිප්ලෝමා එකක් කරලා තියෙනවනම් ඒත් උපදේශනය ඉල්ලන්න පුලුවන්
මොකද උපදේශක ගුරුවරුන්ගේ ලොකු අවශ්‍යතාවයක් ඉස්කෝලවල තියෙනව. ඔයාලා ගිය ගමන්ම උපදේශනයට දාන්නෙ නෑ. නේවාසික පුහුනු පවා තියලා හොඳට ට්‍රේනින් කරලයි ඉස්කෝලෙදි අවස්ථාව දෙන්නේ.
අනික් කාරණාව පදිංචිය...
හරිම සරලයි..2025 ඡන්ද හිමි නාමලේඛනේ ඔයාලගේ නම තිබ්බ නම් ඒ නම තිබ්බ පළාතෙන් ඔයාට ඉල්ලුම් කරන්න පුලුවන්.
ඊළග කාරණාව ප්‍රෙග්නට් අම්මලා..🥰🥰
එයාලා ගොඩක් අය බයවෙලානේ
2023 දී ඉන්ටවීව් ආව අම්ම කෙනෙක් හිටියා. ඉන්ටවීව් එක ඉවර වෙලා චූටි බබෙකුත් අරන් තමා ආපහු ගෙදර ගියේ..🫢. පැටියත් ලොකුයි..අම්මත් දැන් ඉස්කෝලෙ යනවා.
විභාගේ කොයි කාලේ වගේ වෙයිද....
අප්‍රේල් , මැයි , ජුනි
බොහෝ දුරට ලිමිටඩ් එක අප්‍රේල් හෝ මැයි වෙයි කියල විශ්වාස කරමු..
ඉෆෙක්ටිව් ඩේට් එකේ ගැටලුව....
2025/06/30 ට කලින් අයට විතරයි දැනට අවස්ථාව තියෙන්නෙ. හැබැයි ඉදිරිය කොහොම වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ.
තරඟෙ පටන් අරන් තියෙන්නෙ. හැමෝම එකවගේම වේගවත්.ගොඩක් අය අලුත් උපාධිධාරීන්. ඉතින් තමන්ව විශ්වාස කරලා වැඩ කරන්න පටන් ගමු.
🥰🥰🥰🥰
#ගුරුපුරප්පාඩු
❤️
වී ඇටයක් වී ගසක් වෙන හැටි 🤩
*ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සැබෑ නම් සහ ඔවුන් භාවිතා කල නම්* 👀
1) W.D. අමරදේව = වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා.
2) රවීන්ද්‍ර රන්දෙනිය = බොනිෆස් පෙරේරා .
3) නන්දා මාලිනී = නන්දා පෙරේරා .
4) ඇන්ජලීන් ගුනතිලක = ඇන්ජලීනා රැචෙල් ඩී ලැනරෝල් .
5) ලතා වල්පොල = මාතරගේ රීටා ජෙනිවීව් ප්‍රනාන්දු.
6) සුජාතා අත්තනායක = සුජාතා පෙරේරා .
7) මහින්ද රාජපක්ෂ = පර්සි මහේන්ද්‍ර.
8) විජය කුමාරතුංග = කෝවිලගේ ඇන්ටන්
9) අනගාරික ධර්මපාල = දොන් ඩේවිඩ්
10) වීරපුරන් අප්පු = ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු ( මුලුන්ම පුරන්සිස් වී පසුව වීර පුරන්විය).
මොරටුවේ ඉපදුනු මොහු වීරත්වයට පත්උනේ පහත රැටියන් අඩුකුලේ/ පාතයන් ලෙස හදුන්වන උඩරට නුවර ප්‍රදේශයේදීය.
11) මිල්ටන් මල්ලවාරච්චි = සුමනසිරි මල්ලවාරච්චි දොන්.
12) රුක්මණී දේවි = ඩේසි ඩැනියෙල්ස්
13) ෆ්‍රෙඩී සිල්වා = හපුගේ ලියනගේ මොරිස් ජෝසප් රණබාහු.
14) ජෝ අබේවික්‍රම = දේශබන්දු ගම්මාන පටබැදිගේ දොන් ජෝන් අබේවික්‍රම .
15) දෙනවක හාමිනේ = දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක .
⛔ මේ විශාල නම් ප්‍රමාණයකින් ටිකක් පමණි . සමහරවිට මෙම පුද්ගලයන් නියම නම භාවිතා කලේනම් මෙතරම් ජනප්‍රිය නොවෙන්න තිබුනා යන්න මගේ අදහසයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy