RV Tech Fix
⚡ DIY විද්‍යුත් ක්‍රමයට ස්ථීර චුම්බකයක් සෑදීම📘 8 ශ්‍රේණිය – 6.11 ක්‍රියාකාරකම
මෙම ක්‍රියාකාරකමේදී විදුලි ධාරාවක් භාවිතයෙන් සාමාන්‍ය යකඩ ඇණයක් චුම්බක ගුණ ඇති ද්‍රව්‍යයක් බවට පත් කරන ආකාරය ඉගෙන ගනිමු.මෙය “විද්‍යුත් චුම්බකත්වය” (Electromagnetism) කියන වැදගත් විද්‍යාත්මක සංකල්පයට අදාළ පරීක්ෂණයකි.
🛠️ අවශ්‍ය ද්‍රව්‍ය
▪️ පොඩි ප්ලාස්ටික් බට කෑල්ලක් (බොබිනය සඳහා)
▪️ SWG 30 තඹ කොයිල් කම්බි
▪️ සම්බන්ධක වයර් 2ක්
▪️ බැටරියක් (1.5V – 3.7V වගේ)
▪️ ටිකක් ලොකු යකඩ ඇණයක්
▪️ කුඩා ඇණ කීපයක් (පරීක්ෂා කිරීමට)
▪️ හීට් ස්ලීව් / ටේප්
🔧 සෑදූ ආකාරය
මුලින්ම ප්ලාස්ටික් බට කෑල්ලක් ගෙන එය බොබිනයක් ලෙස සකස් කරගත්තා.ඉන්පසු SWG 30 තඹ කොයිල් කම්බියෙන් වට 200ක් පමණ එක දිශාවකට පිළිවෙළට ඔතා ගත්තා.
ඊට පසු කොයිලයේ දෙකෙළවරට වයර් දෙකක් පාස්සලා හීට් ස්ලීව් දමා සම්බන්ධතා ආරක්ෂිතව සකස් කළා.
🧪 පරීක්ෂා කිරීමමුලින්ම ලොකු යකඩ ඇණය කුඩා ඇණ වලට ළං කර බැලූ විට චුම්බක ගතියක් නොපෙන්වයි.
ඉන්පසු එම යකඩ ඇණය බොබිනය තුළට දමා, කොයිලයේ වයර් දෙක බැටරියට සම්බන්ධ කළා.(-) වයරය ස්ථිරව තබාගෙන (+) වයරය කඩින් කඩ බැටරියේ + අග්‍රයට ස්පර්ශ කළා.
⚠️ වයරය දිගු වේලාවක් සම්බන්ධ කර තබන්න එපා.කොයිලය රත් විය හැක.
ඉන්පසු යකඩ ඇණය ගෙන කුඩා ඇණ වලට ළං කර බැලූ විට, දැන් එය චුම්බකයක් මෙන් කුඩා ඇණ ඇද ගන්නා බව පෙනේවි.
🔬 මෙය සිදුවන්නේ ඇයි?
විදුලි ධාරාව කොයිලය තුළින් ගමන් කරන විට කොයිලය වටා චුම්බක ක්ෂේත්රයක් ඇතිවේ.එම චුම්බක ක්ෂේත්රය නිසා බොබිනය තුළ ඇති යකඩ ඇණයේ අභ්‍යන්තර කුඩා චුම්බක කලාප (magnetic domains) එකම දිශාවකට සකස් වීමෙන් ඇණය චුම්බක ගුණ ලබා ගනී.
🧠 වැදගත් තාක්ෂණික කරුණු
✅ වට ගණන වැඩි වන තරමට චුම්බක බලය වැඩිවේ
✅ යකඩ (Iron) භාවිතා කළහොත් ප්‍රතිඵල හොඳයි
✅ Steel භාවිතා කළහොත් චුම්බක ගතිය වැඩි වේලාවක් රඳා පවතින්න පුළුවන්
✅ බැටරියේ වෝල්ටීයතාව වැඩි නම් කොයිලය ඉක්මනින් රත් විය හැක
✅ එක දිශාවකට පමණක් winding කිරීම වැදගත්
📚 මෙය භාවිතා වන ස්ථාන
🔹 Electric Bell
🔹 Relay
🔹 Speaker
🔹 Motor
🔹 Scrap lifting electromagnets
💡 විද්‍යාව කියන්නේ පොතේ තියෙන දෙයක් විතරක් නෙවෙයි…අත්හදා බැලීමෙන් තේරුම් ගන්න පුළුවන් ලස්සන ලෝකයක් ❤️
10/05/2026
⚡ DIY විදුලි චුම්බකයක් සරලව නිර්මාණය කරමු! 🔩🧲
පාසැල් ඉගෙනුම් ක්‍රියාකාරකමක් සඳහා මා විසින් සකස් කළ සරල විදුලි චුම්බක නිර්මාණයක් මෙන්න.
3.6V battery එකක් භාවිතා කර ON/OFF switch එකක් සමඟ ක්‍රියාකරන ආකාරයට මෙය සකස් කර ඇත.මෙය පාසල් project, science activity සහ basic electronics ඉගෙනීමට ඉතා හොඳ නිර්මාණයක් 💡
📌 භාවිතා කළ ද්‍රව්‍ය
━━━━━━━━━━━━━━━
🔸 SWG 25 තඹ කොයිල් කම්බි🔸 3.6V Battery
🔸 Push Button Switch
🔸 Angle 3/4 Iron Flat එකක් (අඟල් 4.5 පමණ)
🔸 Foam Board
🔸 Insulation Tape
🔸 Wire Connectors / Wires
🛠️ නිර්මාණය කළ ආකාරය━━━━━━━━━━━━━━━
1️⃣ පළමුව Angle Iron කැබැල්ල හොඳින් පිරිසිදු කර insulation tape එකකින් ආවරණය කරන ලදී.
2️⃣ ඉන්පසු SWG 25 කොයිල් කම්බිය භාවිතා කර වට 150ක් පමණ සමීපව ඔතා ගන්නා ලදී.
3️⃣ Coil එක ලිහිල් නොවන ලෙස tape භාවිතා කර තදින් fix කරන ලදී.
4️⃣ Foam Board භාවිතා කර coil එක රඳවා තැබීමට සරල stand එකක් නිර්මාණය කරන ලදී.
5️⃣ Battery එක හා Push Button Switch එක series ආකාරයට සම්බන්ධ කරන ලදී.
6️⃣ Switch එක press කරන විට coil එක හරහා විදුලිය ගමන් කර යකඩ කැබැල්ල චුම්බකයක් බවට පත්වේ 🧲
7️⃣ Switch එක අතහැරීමත් සමඟ චුම්බක ගුණය නැතිවේ.
⚙️ මෙය ක්‍රියාකරන්නේ කෙසේද?━━━━━━━━━━━━━━━
තඹ කම්බිය හරහා විදුලි ධාරාව ගමන් කරන විට coil එක වටා චුම්බක ක්ෂේත්රයක් ඇතිවේ.ඒ නිසා යකඩ කැබැල්ල තාවකාලික චුම්බකයක් බවට පත්වෙයි.මෙවැනි චුම්බක “විදුලි චුම්බක” (Electromagnet) ලෙස හැඳින්වේ.
📚 මෙම නිර්මාණයෙන් ඉගෙන ගත හැක්කේ:
━━━━━━━━━━━━━━━
✅ විදුලිය හා චුම්බකත්වය අතර සම්බන්ධය
✅ Coil winding ක්‍රමය
✅ Simple DC circuit
✅ Electromagnet ක්‍රියාකාරීත්වය
✅ DIY electronics practical knowledge
⚠️ සැලකිලිමත් වන්න━━━━━━━━━━━━━━━
🔹 Battery එක දිගු වේලාවක් සම්බන්ධ කර තබන්න එපා
🔹 Coil එක උණු විය හැක
🔹 Short circuit නොවන ලෙස සම්බන්ධ කරන්න
💬 ඔබත් මේ වගේ science projects හදනවා නම් comment එකක් දාන්න 😊
#විදුලි_චුම්බක
06/05/2026
🚗🎮 Logitech G29 Steering Wheel Repair – Successful Fix!
අද repair එකක් ආවෙ Logitech G29 Driving Force Racing Wheel එකක් 🔧
❗ ප්රශ්නය:
Game එකේ steering control නැති වීම
Wheel එකේ lights වැඩ නොකිරීම
Steering එක over-rotate වෙනවා (normal limit එකට වඩා)
🔍 Diagnosis:Power දුන්නම calibration (auto center rotation) හරිට වෙනවා,ඒත් ගේම් එකේදී control එක නෑ .Manual check කරද්දී මට තේරුණා steering එක excessive rotation වෙන බව.
🔧 පරිස්සමට කවර ටික ගලවලා ගැටලුව හොයන්න ගත්තා Issue එක:Steering mechanism එකේ Left/Right stopper system failure
👉 ඒ නිසා wheel එක limit එක ඉක්මවා කැරකී
👉 Internal wires twist වෙලා cut වෙලා තිබුණා
🛠️ Repair Process:
✔ Damaged wires remove කරලා
✔ New wires replace කරලා (direct connector soldering)
✔ Ferrite ring එක original position එකටම fit කරලා
✔ Rotation limit plastic stopper repair කලා (spring alignment fix)
⚠️ Important Tips:
✔ වැදගත්ම දේ තමයි පිළිවෙළට ඇතුළත කොටස් වලට හානියක් නොවන සේ ගලවා ගැනීම.
✔ මතක තබා ගත යුතුයි කනෙක්ටර් එකේ වයර් 07ක් තියනවා හරි පිළිවෙළට පාස්සා ගත යුතුයි.
✔ Ferrite ring position වැදගත් ප්‍රධාන පරිපථය ඇති දිශාවට කනෙක්ටර් එක සම්බන්ධ කිරීමට පෙර ferrite ring එක සවි කල යුතුයි ⚡
✅ Final Result:
Steering control fully restored
Calibration OK
Smooth rotation with correct limits
100% working condition 🔥
📍 Done by: RV Tech Fix
🔌 Electronics | Repairs | DIY Solutions
04/05/2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
189/A, Narangasthanna, Kapuliyadda
Kandy
20206