Malitha Viraj
04/07/2026
අපි ගොඩක් වෙලාවට හදන්නේ මිනිස්සු දැනටමත් කැමති දේ නෙවෙයි.
අපි හදන්නේ… මිනිස්සුන්ට තවමත් හම්බවෙලා නැති දෙයක්.
________________________________
දවස් 6කට කලින් මම ගීතයක් Publish කරා.
අද ඒක 10,000ක් දෙනෙක් ළඟට ගිහින්.
සමහර අයට ඒක සාමාන්‍ය අංකයක් වෙන්න පුළුවන්. මේ කාලෙ views ලක්ෂ ගණන් එන නිසා, 10,000 කියන්නේ පොඩි ඉලක්කමක් කියලා හිතෙන්නත් පුළුවන්.
ඒත්..
ඒ 10,000 ඇතුළේ, මගේ ගීතය play කරපු මිනිස්සු 10,000ක් ඉන්නවා.
කවුරු හරි headphones දෙක දාගෙන අහලා ඇති.
කවුරු හරි රෑ නින්දට කලින් අහලා ඇති.
කවුරු හරි drive එකක් යද්දී අහලා ඇති.
තවත් කවුරු හරි lyrics එකකින් තමන්ගේම කතාවක් මතක් කරගෙන ඇති.
මම ඒ කිසිම කෙනෙක්ව දන්නෙ නැහැ.
හැබැයි ඒ හැම කෙනෙක්ම මගේ ගමනේ කොටසක්.
ඒ නිසා මට නම් ඒ 10,000 ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම හුඟක් වටිනවා. Video එක බලපු, ගීතය අහපු, share කරපු, comment එකක් දාලා හයියක් දුන්නු, message එකක් එවපු හැමෝටම හදවතින්ම ස්තූතියි. ❤️
නිර්මාණයක් කරන හැම වතාවකම මට හිතෙන දෙයක් තියෙනවා.
අපි ගොඩක් වෙලාවට හදන්නේ මිනිස්සු දැනටමත් කැමති දේ නෙවෙයි.
අපි හදන්නේ… මිනිස්සුන්ට තවමත් හම්බවෙලා නැති දෙයක්.
ඒ නිසා ඒ වගේ නිර්මාණවල ගමන ටිකක් හෙමින්.
සමහර වෙලාවට ඒවා algorithm එකෙන් පරදිනවා.
සමහර වෙලාවට trend එකෙන් පරදිනවා.
සමහර වෙලාවට එකම රටාව නැති නිසා මඟ හැරෙනවා.
ඒත්…
ඒ කියන්නේ ඒවා වටින්නේ නැහැ කියන එක නෙවෙයි.
අද මේ post එක ලියන්නේ මම වෙනුවෙන් විතරක් නෙවෙයි.
කොහේ හරි තමන්ගේම සද්දයක් හොයන,
වෙනස් කතාවක් කියන්න හදන,
තමන්ගේ හිතට ඇහෙන දේම නිර්මාණයක් කරන හැම artist කෙනෙක් වෙනුවෙන්.
අත්හරින්න එපා.
මොකද අද views දහසක් නැති වුණත්,
කොහේ හරි එක මනුස්සයෙක් ඔයාගේ ගීතය repeat කරමින් අහනවා. නැවත නැවත බලනවා, කියවනවා.
එක මනුස්සයෙක් ඔයාගේ වචන ටිකකින් සැනසෙනවා.
එක මනුස්සයෙක් ඔයාගේ නිර්මාණය නිසා ආයෙත් අලුත් නිර්මාණයක් කරන්න හිතනවා.
සමහර වෙලාවට…
නිර්මාණයක් වෙනස් කරන්නේ ලෝකයක් නෙවෙයි.
එක ජීවිතයක්.
ඒකත් ඇති.
අතාරින්න නැතුව කරගෙන යමු.
“යාය හතර” එක්ක මේ ගමනේ මාත් එක්ක හිටපු හැමෝටම ආයෙත් ස්තූතියි.
තව ගොඩක් කතා ඉස්සරහට කියන්න තියෙනවා. 🤍
ජය වේවා.
-මලිත විරාජ්
නුඹ මතක නැති කරන්නට,
මට මතක නැති වුණා 🥀
අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා... 🪔
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Address
Kandy