A/L ICT
24/09/2021
04/09/2021
මේ පිළිබඳව වහාම පියවර ගන්න
දෙමාපියන් හා ගුරුවරුන් වෙත,
මේ දින වල ළමුන් විසින් නිර්මාණය කරන අයතා වට්ස්ඇප් group රැල්ලක් ඇතිවෙමින් පවතී.
මේවා එක්තරා youtube නාලිකා ප්‍රවර්ධනය කිරීම සඳහා ළමුන් රවටා, යොදාගන්නා, ඉතාම පහත් ක්‍රියාවකි. සමහර මෙම youtube නාලිකා කුඩා ළමුන්ට කිසිසේත් නොගැලපෙන දේ ඉදිරිපත් කරන අතර, online අධ්‍යාපනය මුවාවෙන් ළමුන්ට අයථා ක්‍රියාවන් ට යොමු කරයි.
ඔවුන්ගේ YouTube නාලිකා ජනප්‍රිය කරවා ගැනීමට අසංවර භාෂා ශෛලීන් භාවිතා කරන අතර, අයථා තොරතුරු ද ඉදිරිපත් කරයි ඒවා වලින් ළමුන්ට සිදුවන්නේ අපචාරයකි.
උදාහරණයක් ලෙස ළමුන් හට අනවසරයෙන් අන් අයගේ දත්ත සොරා ගැනීමට, ඔවුන් සිටින group වලට අයථා පණිවිඩ යැවීමට ද යොමු කරයි. මොවුන් විවිධ චරිත ලෙස පෙනී සිටිමින් ළමුන් රවටති. තවද මෙම ගෲප් වලට ළමුන් මෙන් පෙනී සිටින විලෝපිකයන් ඇතුලත්වී ළමුන් හා මිතුරු වී තම අයතා කාර්යයන් සඳහා ළමුන් යොදවා ගනී. බොහෝ විට මේවා වලට රැවටෙන්නේ මෑත කාලයේ ජංගම දුරකථන ලබාගත් දරුවන්ය.
ඊට අමතරව ජංගම දුරකථන හරහා විවිධ ජාවාරම්ද youtube හරහා ක්‍රියාත්මක වේ , අධ්‍යාපනයේ මුවාවෙන් ඔබේ දරුවා සම්බන්ධ වී සිටින සියලුම whats app group ගැන සොයා බලන්න.
පිළිගත් ගුරුවරයෙකු විසින් මෙහෙයවනු නොලබන හෝ නිසි අධීක්ෂණයක්, හා විනයක් නොමැති හෝ ළමුන් විසින් හෝ නාඳුනන පුද්ගලයන් විසින් සාදන විවිධ whats app group වලින් ඔබේ දරුවා ප්‍රවේසම් කරගන්න.
වහාම ඔබේ දරුවන් අපචාරයට පත්වීම හා අයථා ක්‍රියාවන්ට යොමු වීම වලක්වන්න. ඔබගේ දරුවා එවන් වූ එක්ක සිටී නම් එය වහාම වලක්වන්න. ඔබේ දරුවා එවන් ගෲප් එක්ක සිටීනම් වහාම ඉවත් කරගන්න. ඔබේ දරුවා එවැනි ගෲප් එකක් හදා ඇත්නම් වහාම ඒ වසා දමන්න.
මේ පණිවිඩය හැමෝටම යවන්න. අපි අපේ දරුවන් digital විලෝපිකයන්ගෙන් හා අයථා group වසංගතයෙන් රැක ගනිමු.
Shilpa Sayura Foundation
06/07/2021
Free ::: Fire True Story #3 ෆ්‍රී ෆයර් සත්‍ය කතා #3 ඔබ තවමත් ගෙදර රිදවා Free Fire ගහනවද?මේ ඔබේ වර්ථමානය හෝ අනාගතය විය හැක.තත්වය දරණු නම් වහාම මානසික වෛද්‍ය වරයකු හමුවන්න.ගේ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
333, William Goppallawa Mw
Kandy
20000