Skin Center Kandy
𝐀𝐥𝐨𝐩𝐞𝐜𝐢𝐚 𝐚𝐫𝐞𝐚𝐭𝐚
ඔබගේ හිස කෙස් උඳුගොව්වන් කෑමේ රෝගයට ගොදුරුවී ඇත්ද?
උඳුගොව්වන් කෑම යනු ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල ඔබගේ කෙස් වලට විරුද්ධව ප්‍රතික්‍රියා කිරීම නිසා ඇතිවන රෝගී තත්වයකි.
එය භයානක රෝගී තත්වයක් නොවේ.
නමුත් ශරීරයේ හිසකෙස් ඇති ඕනෑම තැනක ඇතිවිය හැක.
එමෙන්ම මෙම රෝගය බෝවන්නේ නැත.
මේ සඳහා විවිධ ප්‍රතිකාර වර්ග කිහිපයක් ඇත.
⭕️ ආලේපන වර්ග
⭕️ මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ
⭕️ එන්නත් - මෙම එන්නත් එම රෝගය ඇති ස්ථානයට එන්නත් කල යුතුය.
රෝගියාගෙන් රෝගියාට ප්‍රතිකාර ක්‍රමය වෙනස් වේ.
ඉහත ප්‍රතිකාර ක්‍රම ඇතුළු සියළුම සමේ රෝග සහ වෛද්‍යානුකූල රූපලාවන්‍ය සම්බන්ධ විශේෂ ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යතුමිය විසින් සිදු කර ගැනීමට අප සමඟ සම්බන්ධවන්න
📞 Call for make an appointment
0814955166
0814505554
0777477742
WhatsApp 0761777800
14/05/2025
𝐇𝐲𝐩𝐞𝐫𝐡𝐢𝐝𝐫𝐨𝐬𝐢𝐬
අධික ලෙස දහඩිය දැමීම
මෙලෙස හඳුන්වන්නේ, ඔබගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට සිරුරෙන් නිකුත් කරන දහඩිය අවශ්‍ය ප්‍රමාණයට වඩා පිට කිරීමේ අධි ක්‍රියාකාරී තත්වයයි.
මෙම තත්වය කිහිලි/ යටි පතුල් වල/ අත්ල/ නලල / නිකට/ ලිංගාශ්‍රිතව/ පිට ප්‍රදේශයේ බහුල වේ.
දහඩිය නිපදවීම පහත තත්වයන් වලදී සාමාන්‍යයෙන් ඇතිවේ.
⭕ පාරසරික කාලගුණික තත්වයන්
⭕ ශාරීරික ක්‍රියාකාරකම් වලදී
⭕ යම් ආහාර පානයන් නිසා
⭕ මානසික තත්වයන් වලදී ( බිය වීම/ මානසික පීඩනය වැනි)
ඉහත ඕනෑම කාර්‍යයක් සිදු කිරීමේදී අධික ලෙස දහඩිය දමන්නේ නම් එය බාධාකාරී මෙන්ම, මානසික වශයෙන්ද පීඩාකාරී වේ.
සමාජයට මුහුණ දීමටද බොහෝ අය මැළිකමක් මේ නිසා ඇති කර ගනී.
පහත උපක්‍රම මඟින් මෙම තත්වය නිවසේදී අඩු කර ගැනීමට හැකිවේ.
🔺 දහඩිය නිපදවීම අවම කරන අත් යට ආලේපන භාවිතය ( Antiperspirant Deodorant )
🔺 නෑම ඇඟ සේදීම වාර ගණන වැඩි කිරීම.
🔺 වාතාශ්‍රය හොඳින් හුවමාරු වන කොටන්, රෙදි වලින් මැසී ඇඳුම් ඇදීම. (පොලියෙස්ටර් හෝ මිශ්‍ර ඇඳුම් ඇඳීමෙන් වැලකීම)
මෙම අධික දහඩිය දැමීම නිසා
⭕ දුර්ගන්ධයක් ඇති වීම
⭕ සමේ ආසාදන තත්වයන් වැඩි වීම
⭕ සමේ වර්ණය වෙනස් වීම
⭕ සමේ ඉරි තැලීම/ රැලි තත්වයන් ඇති වීම
⭕ අසාමාන්‍ය මෘදු ගතියක් ඇති වීම නිසා ඉක්මනින් සම හානියට පත්වීමේ ඉඩක් ඇතිවීම සිදු වේ.
මෙය බොහෝදෙනෙකුට ඇති සුළු තත්වයකි ඒ නිසා අනියත බියක් දැක්වීම ඵල රහිතය එහෙත්, කලාතුරකින් විශේෂ නිධන් ගත රෝග වලටද මෙවැනි තත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
මේ සඳහා ප්‍රතිකාර ලෙස
🔺 Botox ප්‍රතිකාරය
🔺 ආලේපන
🔺iontophoresis ප්‍රතිකාරය
🔺 මුඛ මාර්ගයෙන් ලබා දෙන ඖෂධ
යොදාගනී.
ඉහත සියලු ප්‍රතිකාර අප ආයතනයේ විශේෂඥ වෛද්‍ය සහයෙන් සිදු කර ගැනීමට අප සමඟ සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා
0814955166
0814505554
0777477742
WhatsApp 0761777800
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Skin Center, No 582/10B, Peradeniya Road, Mulgampola
Kandy
20000