Perfect Imperfections
25/11/2024
+ ජීවිතේ මේ වගේ පාට කරන්න මට ඕන...
- ඉතිං පාට කරමු....
+ ඔයත් එනව නම් මම කැමතියි. ඒත් අපි හැම වෙලේම රණ්ඩු කරන එක තමා ප්‍රශ්නේ...
- හොඳයි නේ...?
+ මොකද්ද හොඳ?
- රණ්ඩු කරන එක...
+ මොන හොඳක්ද.... ඒකෙන් හිත රිදෙනවා. මං කැමති නෑ....
- අපි දෙන්න රණ්ඩු වෙන්නේ අපි දෙන්නව බෙදා ගන්න බැරුව කියලා හිතිලා නැද්ද? ඇයි එහෙම කරේ.... ඇයි මෙහෙම කරේ... කිය කිය රණඩු වෙන්නේ මගේ කොටසක් ඔයා තුළ ජීවත් වෙන නිසා. ඒ කොටස ඔයාට අයිති නෑ. ඒක මගේ.... මගේ විතරයි.... අන්න ඒ ටික ඔයා තේරුම් ගත්ත දාට ජීවිතේ මෙහෙම පාට වෙයි.... ඔයාගෙ විතරක් නෙවෙයි..... මගෙත්....
- එනවද ජීවිතේ පාට කරන්න.....?
©️ ගව්වක දුර මනින සෙන්ටිමීටර් ජීවිත
Perfect Imperfections
11/11/2023
+ ඔයා කියපු දේට හිත රිදුණා....
- මොකටද?
+ මාව මුණගැහෙන්න කම්මැලි හිතුණා කිව්වම....
- ඔව්.... හිතුන දේ තමයි කිව්වේ....
+ ඉතිං ඔයාට එහෙම හිතුන නිසා මගේ හිත රිදුණා...
- එහෙම හිතෙන්න බලපෑවේ ඔයාගේ ප්‍රතිචාර. ඒක වෙනස් කරනවද නැද්ද කියන එක ඔයාගෙ අතේ තියෙන දෙයක්. පාලනය තියෙන්නේ ඔයාගෙ අතේ නිසා....
- හැබැයි ඔයාගෙ බලපෑමක් නැතුව, මගේ හිතේ මොකක් හරි විදියකින් ඍණාත්මක ගැඟීමක් උපදිනවා නම්, ඔයා රිද්දගත්තට කමක් නෑ. මොකද ඒක ඔයාට පාලනය කරලා වෙනස් කරන්න බෑ....
- මගේ හිත ඔයාගේ පාලනය යටතේ තියෙනකන් රිද්ද ගන්න එපා, තේරුණාද?
Perfect Imperfections
©️ ගව්වක දුර මනින සෙන්ටිමීටර් ජීවිත
05/03/2023
- මං කිව්වනේ අඬන්න එපා කියලා
+ අඬන්නේ නෑ.... ඇඬෙනවා....
- ඇයි?
+ ඔයාගේ නපුරු කතාවලට...
- රිද්දන්න හිතාගෙන කිව්වෙ නෑ මම
+ දන්නවා....
- දන්නවා නම් ඉතිං ඇයි අඬන්නේ?
+ හිත රිදුනම අඬන්න බැරිද?
- පුලුවන්.... හැබැයි එකක්.... මම ඔයා ළඟ ඉන්නේ ඔයාගෙ හිතට දුකක් දෙන්න නෙවෙයි. හිත රිද්දන්න නෙවෙයි. අඬවන්න නෙවෙයි. ඔයා අඬනවා නම්, ඒකෙන් කියවෙන්නේ ඔයා මං ළඟ ඉන්නේ සතුටෙන් නෙවෙයි කියන එකයි. මං ඉන්නේ ඔයාගේ හිත සතුටින් පුරවන්න, හිනස්සවන්න, ජීවිතේ විඳින්න දෙන්න.
- ඒ දිහා බලං ඉඳලා මටත් ජීවත් වෙන්න දෙනවද?
ගව්වක දුර මනින සෙන්ටිමීටර් ජීවිත ©️
Perfect Imperfections
Click here to claim your Sponsored Listing.
Category
Address
Kandy
20000