Discuss US

Discuss US

Share

12/07/2026

ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ගොබ්බම තියරි එකක් කියන්නද?
ගුරුවරයෙක් නොවී PGDE කරන්න බෑ.
විදුහල්පති හෝ ඉහල පරිපාලන තනතුරක් නැතිව PGDEM කරන්න බෑ.
ඒකට අදාල ආයතන වලින් ඉඩක් දෙන්නෙත් නෑ.

අමාත්‍යාංශවල, කැම්පස්වල ඉඳන් පහල ගුරුවරු දක්වා ඔක්කෝගෙම ඔලුවලට පශ්චාත් ඩිප්ලෝමා කියන එකේ තේරුම මුලින් කියලා දෙන්න ඕනි.

පොදුවේ අනිත් විෂයන් වලටයි - අධ්‍යාපනය කියන විෂයටයි දෙයාකාර ක්‍රමයක් තිබිය නොහැකියි කියලා. ඉගෙන ගන්න, අධ්‍යාපන සුදුසුකම් හදා ගන්න එහෙම බාධක මොන තියරි එකෙන්ද එකතු වෙලා තියෙන්නේ..

ලංකාව කියන ර⁣ට සාක්ෂරතාවයෙන් ගොඩක් උඩ ඉන්න බව ඇත්ත තමයි. ඒත් සමහර තීන්දු දිහා බලද්දී, අධ්‍යාපන පරිපාලකයෝ, විශ්වවිද්‍යාලය බලධාරීන්, පාඨමාලා සැලසුම් කරන්නන්, සිලබස් හදන අය, අධ්‍යාපන අධ්‍යක්ෂකලාගේ ඉඳන් පහල මට්ටමේ ගුරුවරු දක්වා ගොබ්බ විදිහට ලිංමැඩි මානසිකත්වයෙන් හිතන්නේ.

රටේ යල්පැන ගිය අධයාපනයක් තියෙන්න මේකත් හේතුවක්.

Want your business to be the top-listed Media Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kandy